Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
15
හැම අතින්ම ගැලපෙන ජෝඩුවක් වෙන්න පුළුවන් ක්‍රම 7ක් මෙන්න

- හැම අතින්ම ගැලපෙන ජෝඩුවක් වෙන්න පුළුවන් ක්‍රම 7ක් මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

47 Views
අපිට එදිනෙදා ජීවිතයේදී හමුවෙන සමහර ආදරවන්තයින් දැක්කම අපිට ඉබේටම කියවෙනවා "ෂා නියමෙට ගැළපෙන ජෝඩුවක් නේ කියලා". මෙහෙම අපිට කියවෙන්නේ සමහර විට ඔවුන් හැසිරෙන විදිහ වගේම ඔවුන්ගේ පෙනුම අතින් ඔවුන් හොදට ගැලපෙනවා කියලා අපිට හිතෙන නිසා. අපි උනත් කැමතියිනේ අනිත් අය අපිට කියනවා නම් අපි හොදට ගැළපෙනවා කියලා. මේ නිසා කවුරු උනත් කැමතියි හොදට ගැළපෙන ආදරවන්තයින් යුවලක් වෙන්න. මේ ගැලපීම් ගැන අන්තර්ජාලයේ පළවූ ලිපයක් තමයි මේ. හැම අතින්ම ගැලපෙන ජෝඩුවක් වෙන්න මේ කරුණු ඔබේ ලඟත් තියෙනවද බලන්න.

1. ඔබ ඔබම වෙන්න ඒ වගේම අවංක වෙන්න

බොහෝ දෙනෙක් උත්සහා කරන්නේ අනිත් අය ඉදිරියේ තමන් පරිපුර්ණ කෙනෙක් ලෙස පෙනී සිටින්න. නමුත් හොඳම දේ තමයි ඔබ ඔබේ ඇත්තම ස්වරුපයෙන් පෙනී සිටින එක. එතකොට ඔබට වැඩි වෙහෙසක් දරන්න ඕනේ වෙන්නේ නැහැ වෙන චරිතයක් රගපාන්න. ඔබට පුළුවන් හරිම සැහැල්ලුවෙන් ඔබ ලෙසම පෙනී සිටින්න. එය ඔබේ අවංක භාවය සහකරුවට වගේම අනිත් අයටත් පෙන්වාවි.

2. ධනාත්මකව සිතන අයෙක් වෙන්න

ධනාත්මකව සිතන පුද්ගලයන් නිතරම අනෙක් අයගේ ජිවිත වලට ගෙන එන්නේ සතුටක්. ඔවුන් කවදාවත් තමන්ගේ සහකරුවාට දුකින් ඉන්න ඉඩ තියන්නේ නැහැ. මේ නිසා මේ විදිහේ ආදරවන්තයින් නිතරම ඉන්නේ සතුටින්.

3. කරුණාවන්ත වෙන්න ඒ වගේම එකිනෙකාට උදවු කර ගන්න

හැමෝටම හැම දවසක්ම හොඳ වෙන්නේ නැහැ. මේ නිසා ඔබේ සහකරුවා ප්‍රශ්නෙක ඉන්නවානම් ඔහුට ඉන් මිදෙන්න උදවු කරන්න. ඔහුගේ අවශ්‍යතාවයන් හොඳින් වටහාගෙන ඔහුට ඒවා ලබා දෙමින් ඔබ ඔහු ගැන සොයා බලන බවත් ඔහු තනිවී නොමැති බවත් ඔහුට දැනෙන්නට සලස්වන්න.

4. ඔබේ ආදරය ඔවුන්ට නිතර දැනෙන්නට සලස්වන්න

මෙය ඉතා වැදගත් කාරණාවක්. ඔබ නිතරම ඔහු ඔබ වෙනුවෙන් කරන කියන දේවල් වලට ස්තුතිවන්ත වෙන්න. ඔහුට කියන්න ඔබ ඔහුට කොපමණ ගරු කරනවද සහ ආදරය කරනවාද යන වග.

5. එකිනෙකාගේ නිදහස ලබාදෙන්න

ඔබ දෙදෙනා ආදරය කරනවා කියන්නේ මුළු සතියම පැය 24ම ඔබ දෙදෙනා එකට ඉන්න ඕනේ කියන එක නෙවෙයි. ඔහුගේ විනෝදාංශ වලට ඔහුට නිදහස ලබාදෙන්න. ඒ වගේම ඔබ කැමති දේවල් කරන්නත් වෙලාව වෙන් කර ගන්න.

6. ගරු කරන්න පුරුදු වෙන්න

ඔබ දෙදෙනා එකිනෙකාට ගරු කරනවා කියන්නේ ඔබ දෙදෙනා අතර විශ්වාසය වගේම ආදරයත් වර්ධනය වෙනවා කියන එකයි. මේ නිසා නිතරම එකිනෙකාගේ අදහස් වලට සහ සිතුම් පැතුම් වලට ගරු කරන්න.

7. එක්ව මතකයන් ගොඩනගා ගන්න

ඔබේ ආදරය තුල වෙන කිසිම දෙයක් නැහැ ඔබ දෙදෙනාගේ සතුට තරම් වටිනා. මේ නිසා හැකි සෑම අවස්ථාවකම සතුටින් ගතකරලා ඒ හැම අවස්ථාවක්ම ඔබ දෙදෙනාගේ ජිවිතයේ සුන්දරම මතකයන් බවට පත් කරගන්න.

(අන්තර්ජාලයෙන් උපුටාගැනීමකි)
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top