Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
14
දරුඵල නොමැතිව ලත වෙන ඔබට වෛද්‍ය උපදෙසක්

- දරුඵල නොමැතිව ලත වෙන ඔබට වෛද්‍ය උපදෙසක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

170 Views
දරු ඵල අහිමි අයට එය හිමි කර ගන්නේ කෙසේද යන්න පැහැදිලි කරන ලිපියක් දිනපතා පුවත් පතක පළ වී තිබුණා. නීලම්මහර ආයුර්වේද වෛද්‍ය මානසික රෝග විශේෂඥ සමන් එස් හෙට්ටිගේ මහතාගේ උපදෙස් එහි අඩංගු වී තිබූ අතර මේ ඒ ලිපියයි.

දරුඵල අහිමිවීමට ප්‍රධානහේතු ලෙස කායික සහ මානසික තත්ත්වයන් බලපෑමට පුළුවන.

දරුඵල අහිමිවීමට බලපාන මානසික පසුබිම බලමු.

නිරෝගී ජීවිතයක්‌ පවත්වා ගැනීමට තුන්දොස්‌ සමතුලිතව පවත්වාගත යුතු බව දේශීය වෙදකම තුළ සටහන්ව තිබේ. තුන්දොස්‌ සමතුලිතව පවත්වා ගැනීමට මානසික ක්‍රියාකාරීත්වයේ සෘජු බලපෑමක්‌ ඇති බව සැබෑම කතාවයි.

සාෙෙව්‍ය දර්ශනය ඉදිරිපත් කරනු ලැබූ කපිල නම් සෘෂිවරයා කායික රෝග සඳහා මානසික සෞඛ්‍යයේ බලපෑම සහ මානසික රෝග සඳහා කායික සෞඛ්‍යයේ බලපෑමක්‌ තිබෙන බව පෙන්නුම් කරදී තිබීම තුළ මේ බව හොඳහැටි අවබෝධකර ගැනීමේ හැකියාව තිබේ.

(දර්ශනවල න්‍යායන් ආයුර්වේදය තුළ සටහන්ව තිබේ.)

ඉහත මෙම අන්තර් සම්බන්ධතාවය සමවායී සම්බන්ධතාවය ලෙස නම් කර තිබේ.

දේශීය මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ මෙම සම්බන්ධතාවය සටහන් කර ඇතත් බටහිර වෛද්‍ය ක්‍රමය අනුව කායික සහ මානසික සෞඛ්‍ය කොටස්‌ දෙකකට වෙන්වී තිබේ.

දේශීය වෛද්‍ය ක්‍රමයේ මෙන්ම ආයුර්වේදය මගින් හඳුන්වාදෙන කායික මෙන්ම මානසික සෞඛ්‍ය අතර අන්තර් සම්බන්ධතාවය පෙන්වා දෙන්නේ පිළිගත හැකි කරුණු කාරණා සමඟිනි.
 
දරුඵල අහිමිවීමට ප්‍රධාන කොටස්‌ දෙකක්‌ බලපානු ඇත. එනම් කායික හේතු සහ මානසික හේතූන් ය.

කායික හේතු යටතේ ඔසප් චක්‍රයේ දොaෂ, මෞත්‍ර ලිංගික පද්ධතියේ ඇතිවන යාන්ත්‍රික ආබාධ, ඩිම්බ නොමේරීම, හෝර්මෝන අසමතුලිතතාවය, ගර්භාෂ අර්බුද, පැලෝපීය නාල දොෂ වැනි දේ බලපෑමට පුළුවන.

මානසිකව බලපවත්වන්නා වූ හේතූන් ලෙසට මානසික ආතතිය, මානසික රෝග පෙන්වා දීමට පුළුවන්.

ඔසප් දොෂ යටතේ - රත්, පිත් දොෂ බලපායි. මෙහිදී සිරුරේ රස්‌නය වැඩිනම්, ඇඟ උණුකරවා යැම තිබේ නම්, සමේ ඇතිවන බිබිලි, කැසීම් වැනි තත්ත්වයන් වේ නම් එවැනි තත්ත්වයන් රත්පිත් දොෂ ලෙස හඳුන්වනු ලැබේ. නවීන විද්‍යාව මේ පිළිබඳ කතා බහ නොකළ ද මෙම දොෂ සමනය කිරීමේදී ඉහත සඳහන් කළ දොෂ නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමේ හැකියාවක්‌ තිබේ.

රත් පිත ඌර්ධවගත වී (උඩුකුරුව යැමෙන්) හිසරදය, මානසික ආතතිය, නින්ද නොයැම, ඔසප් දොෂ ඇතිවිය හැකි බවට පුරාණ පොත පතෙහි සඳහන් ව ඇත.

වාතය සහ ලෙය දෙකම කිපීමේදී වාත රක්‌ත කියා කියමු. එම තත්ත්වය මඳ සරු භාවයට පදනමක්‌ ලෙසට දේශීය වෙදකම තුළ විශේෂයෙන් සඳහන් කර තිබේ.

කිසියම් වූ කායික හේතුවක්‌ නොමැතිව මනසේ තැන්පත් වූ යම් කිසි මනෝ මූලික සංසිද්ධියක්‌ නියාවෙන් දරුඵල අහිමි වීමේ හැකියාව තිබේ. මෙය සෘජුව සහ වක්‍රාකාරව බලපාමින් මඳසරුභාවය ඇති කිරීමේ හැකියාව තිබේ.

ඇතැම් කාන්තාවන් ශාරීරිකව දරුවකු සඳහා සූදානම් වුවත් මානසික හේතූන් මත දරු ප්‍රසූතියට දක්‌වන බිය නිසාම දරුවන් නොලබන තත්ත්වයට පත්වන අවස්‌ථා තිබේ.

උදාහරණයක්‌ ලෙසට වයස අවුරුදු විසි තුනක විවාහක කාන්තාවක්‌ දරුවන් පිළිබඳ දැඩි ආශාවකින් සිටියත් කුඩා කළ ප්‍රසූත වාට්‌ටුවක්‌ අසලදී ගැබිනි මව්වරුන් ප්‍රසූත වේදනාවෙන් කෑ ගසණු ඇසීමෙන් ඒ නිසාවෙන් හිත තුළ ඇති කර ගත් බිය නිසාම දරු උපතකට වරම් නොලැබීමේදී මෙම කතාව අනුව පෙනී යන්නේ දරු පිළිසිඳ ගැනීමකට ද ශාරීරික මෙන්ම මානසික සෞඛ්‍යයේ එකිනෙකට තිබෙන සම්බන්ධතාවයයි.

එමෙන්ම විශාදය, භින්නෝන්මාදය වැනි මානසික රෝග නිසා ඇතිවන මානසික අසමතුලිතතාව නිසා එය ශරීර කෘත්‍යයන්ගේ ක්‍රියාකාරීත්වයට සෘජු හෝ වක්‍රව ඇතිවන බලපෑම මත යම් අක්‍රමිකතා ඇතිවීමට හැකි බව මේ අනුව පෙනී යයි.

ඇතැම් විට වෛද්‍යවරයා ළඟට යන්නේ දුක්‌විඳින ඔසප් අක්‍රමිකතාවට ප්‍රතිකාර ගැනීමටයි. නැතිනම් ඔසප් වේදනාවට ප්‍රතිකාර ගැනීමටයි. මෙහිදී වෛද්‍යවරයා උපදෙස්‌ ලබා දෙන්නේ ටිකක්‌ විවේක ගන්නා ලෙසයි. නැතිනම් ආතතිය අඩු කර ගන්නා ලෙසටයි.

සමහර විටෙක ආගමික කටයුතුවල යෙදීමෙන් මානසික ක්‍රියාකාරීත්වයන්ගේ සමතුලිතතාවක්‌ ඇතිවීම හේතුවෙන් එයට සෘජුව හෝ වක්‍රාකාරව ශාරීරික කෘත්‍යයන්ට ඇතිවන බලපෑම නිසා ශාරීරික ක්‍රියාකාරීත්වයන් යථා තත්ත්වයකට පත්වෙනු දැක ගත හැක.

කෙසේ වෙතත් දරුඵල අහිමිවීම සඳහා ප්‍රතිකාර ගැනීමේදී මානසික සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වීම කුමන ප්‍රතිකාරය කළ ද එහි ප්‍රතිඵල සාර්ථක වීම බලපාන බව මානසික වෛද්‍ය විද්‍යාව සනාථ කර තිබේ.
මෙහිදී ගන්නා ආහාරපාන, ඇවතුම් පැවතුම්, නින්ද පිළිබඳ සැලකිලිමත්වීම මානසික ආතතිය පාලනය කර ගැනීම වැනි සාධක ද, යම්කිසි කායික හෝ මානසික රෝගයක්‌ සඳහා ඖෂධ ප්‍රතිකාර ලබා ගන්නේ නම් එහි බලපෑමද දරුඵල අත්පත්කර ගැනීමේ සාර්ථකත්වය සඳහා බලපාන බව සඳහන් කළ යුතුය.

අතීතයේදී කාන්තාවකට දරුවකු පිළිසිඳ ගැනීම ප්‍රමාද වී නම් සම්ප්‍රදායික සමාජය විසින් කාන්තාව පමණක්‌ පූර්ණ දොෂ දර්ශනයට ලක්‌ කළ බව අපි දනිමු. එහෙත් මෙහි වරද සියයට 50 ක්‌ කාන්තාවටත්, ඉතිරි සියයට පනහා පුරුෂයාටත් තිබිය හැකිය.

වර්තමානයේ පිරිමි මදසරුභාවය සඳහා දකින සුලබ හේතුවක්‌ ලෙසට ශුක්‍රාණු සංයුතියේ ගුණාත්මක භාවයට ඇතිවන ගැටලු දැකීමට පුළුවන. මේ සඳහා තරුණ වයසේ සිට මත්ද්‍රව්‍ය භාවිතය, මත්පැන් භාවිතය පෙන්වා දීමට පුළුවන. ඇතැම් කායික රෝග මෙන්ම පිරිමින් අඳින ඇඳුම් පවා මේ සඳහා බලපාන බව සොයා ගෙන තිබේ.

ශුක්‍රාණුවල ගුණාත්මකභාවයට වැල්පෙනෙලවල ඇති ඖෂධීය වටිනාකම පුරාණ දේශීය වෛද්‍ය පොත්පත්වල සටහන්ව ඇත.

විශේෂයෙන් ශුක්‍රාණු වල ගුණාත්මක භාවය සහ ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා වැල්පෙනෙලවල මහඟු හැකියාවක්‌ තිබෙන බව හොඳ හැටි සටහන්ව තිබේ.

එමෙන්ම ලිංගික ශක්‌තිය වර්ධනය කරන ශුක්‍ර ස්‌ථම්භක ඖෂධයක්‌ ලෙසින්ද දේශීය වෛද්‍ය විද්‍යාව තුළ එය තවදුරටත් හඳුන්වා දී තිබේ.

එමෙන්ම හාතාවාරිය, අමුක්‌කරා, කිරිබදුඅල, රතු ලූනු, මෝර මාළු, රට කජු, එළඟිතෙල් වැනි ඖෂධ පිරිමි මද සරුභාවය සඳහා ඉතාම ප්‍රත්‍යක්‍ෂ ඖෂධ ලෙස සඳහන් පුරාණ ඖෂධ වට්‌ටෝරුය.

කාන්තා ඔසප් දෝෂ, සඳහා හාතාවාරිය ඉතාම හොඳ ඖෂධයක්‌ බව මේ වනවිට ඔබ දන්නා කරුණකි. පොකුරු වද මල් ද ඒ හා සමානම ගුණදායකය.

පොකුරු වද මල් පෙති ගලවා කෘමි සතුන් ඇති දැයි බලා පිරිසිදු කර එම මල් පෙතිවලට උතුරන වතුර දමා විනාඩි කිහිපයක්‌ වසා තබා සීනි ටිකක්‌ එක්‌කර රසැති පානයක්‌ සාදාගත හැක. රත් පිත්වලින් වන ඔසප් දොෂවලට වේදනාව නැසීමට මෙන්ම අක්‍රමිකතා වළක්‌වා ගැනීමට පොකුරු වද මල් පානය ඉතා කදිම ඔසුවකි. යුවතියන්ට, කාන්තාවන්ට පානය ගුණදායකය.

යහපත් දරුවකු පිළිසිඳ ගැනීම සඳහා ඉහත සඳහන් කළ ආහාර පාන, ඇවතුම්, පැවතුම් වලට අමතර කායික සහ මානසික නිරෝගී දරුවකු බිහි කර ගැනීම සඳහා මව සහ පියා විසින් අනුගමනය කළ යුතු කරුණු කාරණා රාශියක්‌ දේශීය සම්ප්‍රදායික වෛද්‍ය ග්‍රන්ථවල සටහන්ව තිබේ.

උදාහරණයක්‌ ලෙසට කාන්තාව සහ පුරුෂයා විසින් ලිංගික එක්‌වීමෙන් පසු දකුණු ඇළ පසට මව බර යොදා ඇළ වී සිටීමෙන් පිරිමි දරුවකු බලාපොරොත්තු විය හැකි බව එවැනි පත පොත්වල සඳහන් එක්‌ කරුණකි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top