Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
14
මම අද තැනක ඉන්නවා නම් ඒකෙ ගෞරවය හිමි වෙන්න ඕනෙ මගේ බිරියට - අජිත් බණ්ඩාර

- මම අද තැනක ඉන්නවා නම් ඒකෙ ගෞරවය හිමි වෙන්න ඕනෙ මගේ බිරියට - අජිත් බණ්ඩාරHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

162 Views
දික්කසාද වෙලා රට අතහැරලා යන්න තරම්  පහත් තත්ත්වයට මම වැටිලා නැහැ...

මගේ සන්තකයේ තිබ්බ දේවල් තාමත් තියෙනවා...

යොවුන් පරපුරේ ගායන ශිල්පී අජිත් බණ්ඩාර මේ වන විට ඔහුගේ නවතම ගීතය එළිදක්වා තිබෙනවා. කාලයක් නිහඬව හිටපු අජිත් අලුත් ගීතයකින් යළි කරළියට පැමිණියා. එම ගීතය ගැනත් , ඔහුගේ පුද්ගලික ජීවිතය ගැනත්, ඔහුට එල්ලවූ මඩ ප්‍රහාර පිළිබඳවත් දිනපතා පුවත්පතක් සමග කළ සාකච්ඡාවක් පහතින් දැක්වෙනවා.

මේ දවස්වල අජිත්ගේ අලුත් ගීතයක් ඇහෙන්න අරගෙන?

ඔව්. ඒ සින්දුවේ Tittle එක "මගේ සන්තකේ." Lyrics කළේ කුෂාන් මනින්ද්‍ර. Music කළේ විරාජ් පෙරේරා.

මියුසික් වීඩියෝවත් මේ දවස්වල දකින මියුසික් වීඩියෝවල හැඩයෙන් වෙනස් කරලා නේද?

නිර්මාණයකට සම්බන්ධ වුණ හැමෝම එකතුවෙලා තමයි ඒක Plan කළේ. ඇත්තටම මේකෙ කතාවක් නැහැ. නමුත් කෙනෙක්ට බලන් ඉන්න දෙයක් තමයි මේකේ තියෙන්නේ.

කාලෙකට පස්සෙ නේද නිර්මාණයක් කළේ?

ඔව්. හරියටම අවුරුදු දෙකකින් තමයි මේ නිර්මාණය කළේ.

නිර්මාණයක් ප්‍රේක්ෂකයන් අතරට ගේන්න මෙච්චර කල් ගත්තේ ඇයි?

මෙහෙමයි මට නිර්මාණ ලැබුණා. නිර්මාණයක් කරන්න කලින් ඒක මට දැනෙන නිර්මාණයක් වෙන්න ඕන. අනිත් අයට කලින් ඒක මටනේ දැනෙන්න ඕනේ. ඉතිං එහෙම දැනෙන නිර්මාණයක් මට ලැබුණේ නැහැ. ඒකයි මම නිශ්ශබ්දව හිටියෙ. කාලෙකට පස්සෙ මට දැනෙන නිර්මාණයක් ලැබුණා. ඒ නිසා ගීතය කළා.

කාලෙකට පස්සෙ කරපු ගීතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

හොඳයි. ගීතය රිලීස් කරලා තාම සති 3ක් විතර වෙන්නේ. හොඳ ප්‍රතිචාර තියෙනවා. ගොඩක් අය කෝල් කරලත් කියනවා හොඳ වැඩක් කරලා තියෙනවා කියලා.

අජිත්ට මාධ්‍ය ආයතනවලින් හොඳ සහයෝගයක් තාමත් ලැබෙනවද?

ඔව්. මං හිතනවා මේ සින්දුවටත් ලොකු සහයෝගයක් ලැබෙයි කියලා.

අජිත්ගේ සුදු හංසියේ ගීතය වගේ මේ ගීතයත් හිට් වෙයිද?

මං හිතනවා මේ ගීතය වෙනස් කියලා. මොකද දැන් ඔක්කොම යන්නෙ අඬන රැල්ලක්නෙ. 'සුදු හංසියේ' වගේම මේකත් හිට් වෙනවා. මේකෙ වචන, Melody එක අමුතුම විදියකට යන එකක්. ඒ නිසා ගීතය ජනප්‍රිය වෙයි.

අජිත් දැන් තමන්ගේ ගීතවලින් පොහොසත් කෙනෙක්ද?

දැන් මගේ නිර්මාණ 45ක් 50ක් විතර තියෙනවා. ගීතවලින් පොහොසත්ද නැද්ද කියලා නම් දන්නෙ නැහැ.

ඔච්චර ගීත තියෙද්දි තාමත් ප්‍රසංගවලදි තමන්ගේ ගීතවලට අමතරව වෙන අයගෙ ගීතත් ගායනා කරන්නෙ ඇයි?

වෙනත් ගීත ගායනා කරනවා ඉල්ලීමක් කළොත්. නැත්නම් මගේ ගීත තමයි ගායනා කරන්නෙ.

අජිත් දැන් අඳින පලඳින විදියත් වෙනස් කරලා නේද?

එහෙම ලොකුවට වෙනස් වෙලා නැහැ. ඒත් මට ගැළපෙන ඇඳුම් අඳිනවා. ඩෙනිම් එකයි ටීෂර්ට් එකයි මම ආසම. චුට්ටක් ඉතින් ඒක වෙනස් වෙලා ඇති.

කලින් පොළොවෙ පය ගහලා හිටිය අජිත් බණ්ඩාරමද තාමත් ඉන්නෙ?

අනිවාර්යයෙන්ම ඔව්. ඒ අජිත් බණ්ඩාරම තමයි තාමත් ඉන්නෙ. අපි මොකටද එහෙම නිකන් වෙනස් වෙන්නෙ. මේ පුංචි රටේ මෙතැනින් එළියට ගියොත් අපිව දන්න කෙනෙක් නැහැ. මේක ඇතුළේ තමයි මේ හැමදේම බෙදාගෙන කරගෙන ඉන්නෙ.

අජිත්ගෙ ජනප්‍රියත්වයත් එක්ක අජිත්ට කැපිලි දාන අය වැඩි වුණා නේද?

ඒක ඉතින් සාමාන්‍ය දෙයක්. මේ ජීවිතේ කියන්නෙ බොහොම පරිස්සමට ගත කරන්න ඕන තැනක්. එහෙම වුණේ නෑ කියන්න බැහැ. ඒවා ඉතිං අපිට හොඳ පාඩම්. ඒවා ඉගෙනගෙන බොහොම පරිස්සමට ඉන්න ඕන.

ජනප්‍රියත්වය එක්ක සමහරු තමන්ගේ පරණ දේවල් අමතක කරනවා. අජිතුත් බිරිය සහ දරුවා අමතක කළාද?

පොඩ්ඩක්වත් නැහැ. මගේ බිරිය තමයි Application එක දාලා මට මෙතැනට එන්න ගොඩක් උදවු කළේ. මගේ ජනප්‍රියත්වයට, මම යම් කිසි තැනක ඉන්නවා නම් ඒකෙ ගෞරවය හිමි වෙන්න ඕනෙ මගෙ බිරියට. ඒ නිසා ඇයවත් මගේ දුවවත් මම අමතක කළේ නැහැ. මගේ සන්තකයේ තිබ්බ දේවල් තාමත් තිබෙනවා.

හැබැයි පහුගිය කාලෙ ඔබ දික්කසාද වෙලා කියලා රාවයක් ගියා නේද?

ඔව් මට ලොකු මඩ ප්‍රහාරයක් ගැහුවා. මම දික්කසාද වෙලා රට අතහැරලා ගිහින් කියලා. ගොඩක් අය මට කිව්වා ඔයා එහෙම කළා නම් වැරදියි කියලා. මම එයාලටත් එක්ක කියන්නෙ එහෙම කරන්න තරම් මම පහත් තත්ත්වයට වැටිලා නැහැ.

දුව සංගීතයට ළැදිද?

එයා ක්‍රීඩාවට, ගීත ගායනයට හා නර්තනයට වගේ ගොඩක් දේවල්වලට දක්ෂයි. එයාටත් මගේ හැකියාව පිහිටලා තියෙනවා. එයා තාම පහ වසරෙ ඉගෙනුම ලබන්නෙ. තාම පොඩියි ඉතිං.

අලුත් වැඩකටයුතු මොනවද කියලත් කියමු?

තාම මේ සින්දුව රිලීස් කළා විතරනෙ. කොහොමත් තව මාස පහ හයකින් තව හොඳ ගීතයක් රසික රසිකාවියන්ට දෙන්න තමයි බලාපොරොත්තුව. ඉවසමු ඉතිං ටිකක්.


එම ගීතය පහතින් බලන්න

 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top