Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
14
මැදින් පෝදා ඇමති ලේකම් පුතෙක් වයසක අම්මාව පාරේ දාලා ගිහින් - හඬා වැළපෙන අම්මා පොලීසියට කී සංවේදී කතාව

- මැදින් පෝදා ඇමති ලේකම් පුතෙක් වයසක අම්මාව පාරේ දාලා ගිහින් - හඬා වැළපෙන අම්මා පොලීසියට කී සංවේදී කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

31,113 Views
මගේ අල්මාරිය කඩලා හොරෙන් ඔප්පුව අරගෙන බලෙන් ලියවා ගත්තා....

ඇයි මෙහෙම දරුවො අම්මලට සලකන්නේ. පෝය දවසේ මට සැලකුවේ මෙහෙමයි...

නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ ලේකම්වරකුයැයි කියන වැඩිමහල් පුත්‍රයෙකු විසින් පෙරේදා (12) රාත්‍රියේ පන්නිපිටිය මොරකැටිය ප්‍රදේශයේදී 83 හැවිරිදි මවක් මහ මඟ දමා ගොස් සිටි පුවතක් දිනපතා පුවත්පතක පළ කර තිබුණා. එම පුවත ඇසුරෙන් සකස් කළ සටහනක් පහතින් දැක්වේ.

නියෝජ්‍ය ඇමැතිවරයෙකුගේ ලේකම්වරයකු වන තම වැඩිමහල් පුතා නවම් පෝදා (12) රාත්‍රියේ පන්නිපිටිය මොරකැටියේ දී තමාව මහ මග දමා ගිය බව කියමින් 83 හැවිරිදි මවක් කොට්ටාව පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.කොට්ටාව පොලිසියට පැමිණි ඇය තමාට අයත් රෙදි බෑග් කිහිපයක්ද   ගෙනෙවිත් තිබුණා.

තිදරු මවක වන ඇය සිය දරුවන්ගෙන් විඳි දුක් කරදර පිළිබඳ පොලිසියට තොරතුරු ලබාදී ඇති අතර, එක් පුතකු මියගොස් ඇති බවත් කොට්ටාව පොලිසියට පවසා තිබෙනවා.

1963 වසරේදී ශිෂ්‍ය ගුරු පත්වීමක් පවා ලබා සිටි මෙම මවට පුතුන් තිදෙනෙකු සිටින අතර බාල පුතා යුද හමුදා ක්‍රියාන්විතයකදී මියගොස් තිබෙනවා. වැඩිමහල් පුත්‍රයා ඇමතිවරයෙකුගේ ලේකම්වරයෙකු වන අතර දෙවැනි පුත්‍රයා ඇඟළුම් ව්‍යාපාරයක් හිමි කෝටිපතියෙකු බවයි පැවසෙන්නේ.

මහ මඟ දමා ගොස් සිටි කාන්තාව කොට්ටාව පොලීසියේදී සිදුවූ සියල්ල මෙලෙස පැහැදිලි කළා.

"මට පුතාලා තුන්දෙනෙක් ඉන්නවා. බාල පුතා හමුදාවේදී මියගියා. වැඩිමහල් පුතා ඇමතිකෙනෙක් ලඟ. මම ඉන්නේ රුපියල් 43,000කට ගත්තු ඉඩමේ. ඒක දැන් කෝටි 2ක් වටිනවා. ඒ නිසාම මේ ලඟදී  මගේ අල්මාරිය කඩලා හොරෙන් ඔප්පුව අරගෙන බලෙන් ලියවා ගත්තා.

බාල පුතා මියගියාම රුපියල් ලක්ෂ 20ක් ලැබුණා. දැනටත් මාසිකව රුපියල් 90,000ක් විතර ලැබෙනවා. ඒ සේරම මට පහරදීලා , තරවටු කරලා ලේලි සහ පුතාලා ගත්තා. මේ ලඟදී සල්ලි දුන්නේ නැහැ කියලා මගේ අත කරකවලා ගහලා සල්ලි ගත්තා.පුතාගේ වාහනයට ගෙවන්න කියලා හැම මාසේම රුපියල් 40,000 ගානේ ලක්ෂ 2ක් අරගෙන තියෙනවා. මගේ හැඳුනුම්පතයි , මියගිය පුතාගේ ලියුම් වගයකුයි මේ ලඟදී පිච්චුවා.

මීට මාස දෙකකට පෙර දෙවැනි පුතා මට පිස්සු කියලා උතුරු පිටිපන ප්‍රදේශයේ තවත් කාන්තාවන් 20ක් පමණ ඉන්න තැනකට අරගෙන ගිහින් බාරදුන්නා. ඊට පස්සේ පෙබරවාරි 18 වැනිදා ලොකු පුතා එතැනට ඇවිත් මාව අරගෙන ගිහින් මාකොල ප්‍රදේශයේ කුලියට ගත්තු කාමරයක නැවැත්තුවා.

ඊට පස්සේ 12 වැනිදා හවස ආපහු ඇවිත් වෙන තැනකට යන්න කියලා වාහනේ දාගෙන දෙවැනි පුතාගේ මොරකැටියේ ගේ ලඟට අරන් ආවා. මම ආවා කියලා ලේලි දැනගත්ත ගමන් ගේට්ටුව වහලා ලයිට් නිව්වා. ඊට පස්සේ ලොකු පුතා මාව මහ පාරේ බස්සලා යන්න ගියා.මට කරකියා ගන්න දෙයක් නැතිව පාරේ ගිය ත්‍රීවිලරයකින් පොලිසියට ආවා. මට හරිම ලැජ්ජයි. ඇයි මෙහෙම දරුවො අම්මලට සලකන්නේ. අද පෝය දවසේ මට සැලකුවේ මෙහෙමයි".

කෙසේ වෙතත් පොලීසිය මේ පිළිබඳව ඇගේ පුතුන් දෙදෙනාට දැනුම් දුන් අවස්ථාවේදී ඔවුන් දෙදෙනා ඊයේ (13) උදෑසන පොලිසියට පැමිණ තම මව වැඩිහිටි නිවාසයකට බාර දෙන බව පවසා ඇය රැගෙන ගිය බවයි පොලිසිය පවසා තිබෙන්නේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

One 2 One / Tharu Siththam



Recent Gossip Post




Mathak Wenawa - Viraj Madusanka
Mathak Wenawa
Viraj Madusanka
⤵  9,161 Downloads

Jeewithe Weraduna - Isuru D Madusanka
Jeewithe Weraduna
Isuru D Madusanka
⤵  3,143 Downloads

Manlaga Thaama - Ravi De Silva ft Thilina R
Manlaga Thaama
Ravi De Silva ft Thilina R
⤵  3,615 Downloads

Oya Samuaran - Pathum Ranasinghe
Oya Samuaran
Pathum Ranasinghe
⤵  2,284 Downloads

Panthiye - Indu Dissanayake
Panthiye
Indu Dissanayake
⤵  1,201 Downloads

Hurathal Akka  - Red
Hurathal Akka
Red
⤵  3,875 Downloads

Maha Paare - Udesh Nilanga
Maha Paare
Udesh Nilanga
⤵  2,991 Downloads

Mathawath Sithanawa - Kanishka Salinda
Mathawath Sithanawa
Kanishka Salinda
⤵  7,608 Downloads

Hithe Thiyanawa Thawama Adare - Dhammika Priyantha Hettiarachchi
Hithe Thiyanawa Thawama Adare
Dhammika Priyantha Hettiarachchi
⤵  853 Downloads

Meheniyane - Dev Namal Withanage
Meheniyane
Dev Namal Withanage
⤵  4,352 Downloads



Top 10 Commenters

Latest Comments

Top