හිරු ටී.වී සහ හිරු එෆ්.එම් මාධ්‍ය ලෝකයේ විශිෂ්ඨයා බව යළිත් තහවුරු වෙයි... විද්‍යුත් මාධ්‍ය ඉතිහාසයේ වැඩිම ජනතා සම්මාන හිරුට... 2017 ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙලේදී අඛණ්ඩව සිව් වන වරටත් විද්‍යුත් මාධ්‍ය සඳහා වන ප්‍රමුඛ සම්මාන සියල්ල දිනා ගනිමින් යළිත් ජනතාවගේ විශිෂ්ඨතම නාලිකා බවට පත්වීමට හිරු එෆ්.එම්. සහ හිරු ටී.වී. සමත් වුණා. වසරේ හොඳම රූපවාහිනී නාලිකාව, වසරේ හොඳම ගුවන් විදුලි නාලිකාව, වසරේ හොඳම ප්‍රවෘත්ති නාලිකාව, වසරේ තාරුණ්‍යයේ විශිෂ්ඨතම රූපවාහිනී නාලිකාව සහ වසරේ තාරුණ්‍යයේ විශිෂ්ඨතම ගුවන් විදුලි නාලිකාව ඇතුළු සියලූ සම්මාන එහිදී හිරු ටී.වී. සහ හිරු එෆ්.එම්. හිමිකර ගත්තා.
11 වැනි වරටත් සංවිධානය කර තිබූ වාර්ෂික ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙල අති උත්කර්ෂවත් ලෙස බත්තරමුල්ල- වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්වුණා. ඒ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. කලාකරුවන්, මාධ්‍යවේදීන්, ව්‍යාපාරිකයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක් වූ සම්මාන උළෙල විචිත්‍රාංග රැසකින් ප්‍රභාමත් වුණා. සැබැවින්ම ජනතාව අතර ප්‍රචලිත වෙළෙද නාම සහ මාධ්‍ය ආයතන මෙහිදී විශිෂ්ට සම්මානයන්ට පාත්‍ර වුණා. සම්මාන උළෙලේදී විද්‍යුත් මාධ්‍ය වෙනුවෙන් පිරිනැමුණු ප්‍රමුඛතම සම්මාන සියල්ල නොකඩවා සිව්වන වරටත් දිනා ගැනීමට හිරු ටී.වී සහ හිරු එෆ්.එම් සමත් වුණේ නැවත වරක් මෙරට විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ අනබිභවනීය ප්‍රමුඛයා තමන් බව සනාථ කරමින්.නිරන්තරයෙන් ජනතා හදගැස්ම තේරුම් ගනිමින් ඔවුන්ගේ හදවතට ආමන්ත්‍රණය කරමින් වැඩසටහන් පෙළගැස්වූ හිරු ටී.වී 2017 ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙලේ වසරේ විශිෂ්ටතම රූපවාහිනී නාළිකාව ලෙස අභිසෙස් ලැබුවා. වසරේ විශිෂ්ටතම ගුවන් විදුලි නාළිකාවට හිමි සම්මානය නැවත වරක් හිරු එෆ්.එම් සතුකර ගත්තේ තමන් ජනතාවගේ නාළිකාව බවට යළි යළිත් සනාථ කරමින්. ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙලේ වසරේ විශිෂ්ටතම ප්‍රවෘත්ති සපයන්නාට හිමි ජනතා සම්මානය නොකඩවා සිව්වන වරටත් හිරු ටී.වී ප්‍රවෘත්ති සතු වූයේ පැත්ත නොගත් සත්‍යය නිරන්තරයෙන් ජනතාවට ලබාදීමේ අපගේ ප්‍රමුඛ වෑයම සාක්ෂාත් කරමින්. සම්මාන උළෙලේ වසරේ තාරුණ්‍යයේ ගුවන් විදුලි නාළිකාවට හිමි සම්මානය සඳහා නිර්දේශ වූයේ ආසියානු මාධ්‍ය ජාලය සතු හිරු එෆ්.එම්, ෂා එෆ්.එම් සහ සූර්යන් යන ගුවන් විදුලි නාලිකා ත්‍රිත්වයයි. ඒ අතරින් වසරේ තාරුණ්‍යයේ ගුවන් විදුලි නාලිකාවට හිමි ස්ලිම් නිල්සන් ජනතා සම්මානය හිරු එෆ්.එම් සතු කර ගත්තේ ගුවන් විදුලි නාළිකා අතර තවමත් ඔවුනට තරගයක් නොමැති බව සනාථ කරමින්. වසරේ තාරුණ්‍යයේ රූපවාහිනී නාළිකාව ලෙස නැවතත් සම්මානයට පාත්‍ර වන්නට හිරු ටී.වී නාළිකාව සමත් වුණා. මෙම සම්මානය හිරු ටී.වී සතුවූයේ තුන්වන වතාවටයි. මෙම සම්මාන උළේලේදී අප ලද සියලු සම්මානයන්හි සැබෑ සාඩම්බර හිමිකරුවා වන්නේ හිරු හිරු ටී.වී සහ හිරු එෆ්.එම් වටා රොද බැඳගත් මෙරට ආදරණීය ප්‍රේක්ෂක, ශ්‍රාවක ඔබයි. හිරු කෙරෙහි ඔබ තැබූ විශ්වාසය අඛණ්ඩව රැකගෙන හෙට දිනයේත් වඩ වඩාත් ගුණාත්මක, හරබර වැඩසටහන් ඔස්සේ ඔබ දැනුමෙන් වින්දනයෙන් සන්ථර්පනය කරන්නට ආසියානු මාධ්‍ය ජාලය සූදානම්.
VIDEO
VIDEO