වයස අවුරුදු පහක දැරියන් දෙදෙනෙකුට ලබා දුන් අමානුෂික දඬුවමක් පිළිබද පුවතක් තායිලන්තයේ පාසලකින් වාර්තා වනවා
එම දැරියන් දෙදෙනා පංති කාමරය තුළදී කොළ කැබලි ඉරා දමා ඇති අතර එයට දඬුවම වශයෙන් එම දැරියන් දෙදෙනාගේ දෑත් බැඳ, කොළ කැබලි කිහිපයක් දෑස් මත තබා ඒවා ගම් ටේප් පටි මගින් දෑස් වටේ ඔතා ඇති බව සදහන්.
පාසලේ ගුරුවරියන් දෙදෙනෙක් එක්ව මෙම ක්‍රියාව සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරන්නේ.
මෙම දැරියන් දෙදෙනා හට ලබා දී ඇති දඬුවම වෙනත් ගුරුවරියක් විසින් ඡායාරූප ගත කර එම දැරියන්ගේ දෙමව්පියන් පෙන්වා ඇති බව සදහන්.
පසුව දැරියන්ගේ දෙමව්පියන් විසින් මේ සම්බන්ධව එරට පොලිසියට පැමිණිලි කර ඇති අතර දැරියන් දෙදෙනාට කළ හිංසනයට වන්දි වශයෙන් තායිලන්ත බාත් 40,000ක් ගෙවන ලෙස අදාල ගුරුවරියන් දෙදෙනාට නියෝග කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.