ශ්‍රී ලාංකේය රියැලටි වැඩසටහන්කරණයේ දැවැන්තම ටෙලිවිෂන් සංග්‍රාමය Hiru megastars වැඩසටහනේ කාගේත් අවධානය දිනාගත්තු කෙනෙක් තමයි නිල්මිණී තෙන්නකෝන්.
ඇය ශාක්‍යන්ස් කණ්ඩායමේ නායිකාව විදිහටද කටයුතු කරනවා.
ඉතිං මේ රියැලටි අත්දැකීම ගැනත් ඇය ගැන පැතිරුණු ආරංචියක් ගැනත් සති අන්ත පුවත්පතකට කියලා තිබුණේ මේ විදිහට.
මේ දවස්වල වඩාත් කතාබහට ලක්වෙන රියැලටි අත්දැකීම ගැන ඔබ කොහොමද දකින්නේ..?
රියැලටි අත්දැකීමෙ මම මීට අවුරුදු පහකට ඉස්සරත් හිටියා.
එදත් මම රියැලටි අත්දැකීම දන්නවා. එතනදි සමහර අයගේ ක්‍රියාකලාපය නිසා රියැලිටි කියන දේ එපාම වුණු අවස්ථා තිබුණා.
ඒ මීට අවුරුදු පහකට කළින්නේ. නමුත් අද මම ආයෙමත් හිරුත් එක්ක රියැලටි අත්දැකීමත් එක්ක එකතු වෙනවා.
ඒක හොඳයි.. ෂෝක්..
ඉතිං කියන්නකෝ ඒ අත්දැකීමට ඔබ එකතු වුණේ කොහොමද..?
මේ වැඩේදි හිරු ගොඩක් හොඳින් ඉන්නවා. මට ඒකට කතා කළේ මාත් එක්ක කලක් තිස්සේ වැඩ කරපු අද චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන නිලේන්ද්‍ර දේශප්‍රිය. මට චකිතයක් බයක් නැතිව මේකට මුහුණ දෙන්න පුළුවන් ශක්තියක් ආවේ ඔහු නිසා.
ඔහු ඉතාමත් ඉහළ පෙලේ සහාය අධ්‍යක්ෂවරයෙක් සහ සම්මානලාභී අධ්‍යක්ෂවරයෙක්.
ඔහුත් එක්ක වැඩ කරන්න අමාරුයි වගේම ලේසියි. මට හිතෙනවා මොන දේ වුණත් හිරු මේ වැඩේ හරියට කරයි කියලා.
ඔබ කොහොමද ඔය තරම් විශ්වාසයෙන් කියන්නේ ඒ වැඩේ හරියට කරාවි කියලා..?
හිරු නාලිකාවේ අධිපති ඇතුළු කාර්ය මණ්ඩලය, නළු නිළියන්ට හොඳින් වැඩසටහනේ ප්‍රමිතිය තියාගෙන කටයුතු කරන්න අවශ්‍ය පහසුකම් සකසලා තියෙනවා.
ඒක ලොකු වෙනසක්.. ඒ වගේ ප්‍රමිතිය තියාගෙන වැඩ කරන එකට මම කැමතියි.
ම කලාකාරිනියක් හැටියට ක්ෂේත්‍රයේ නමක් තියාගෙන, සම්මාන දිනාගෙන හිටපු ප්‍රවීණ නිළියක්.
ඉතිං සමහරු මම රියැලටිවලට එනකොට විවිධාකාර මතිමාතාන්තර ගෙනාවා.
ඇයි ගියේ කියලා. ඒත් ඒකත් කලා කටයුත්තක්.
එතනදි කරන්නේ වෙනස් දෙයක්.
ඒ දේ අත්විඳින්න සහ ඒ අත්දැකීම ලබන්න මම කැමතියි. වරදක් වෙන්නේ නෑ කියලත් මට දැනුනා. ඒ නිසා මම ගියා..
ඔයා කවද්ද රට අතහැරලා යන්නේ..?
අද රට අතහැරලා යන්නේ නැහැ. හැබැයි මං රට අතහැරලා යන දවසක් එයි. ඒ අද නෙවෙයි. ඒ දවස තව දුරයි. ඒක වෙන්න තියෙන ඉඩකඩ මෙහෙමයි.
මගේ දුව වයසින් මුහුකුරා යනකොට, ලංකාවේ එයාගේ අධ්‍යාපන කටයුතු අවසාන වෙනකොට, දුවගේ උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මං එයත් එක්ක රට අතහැරලා යයි.
ඒකට මට අමුත්තක් නෙවෙයි. ලබන සතියේදිත් මම ආපහු ඔස්ට්‍රේලියා යනවා. ඒත් ඒ සිත් රිදවීමක් නිසා නෙවෙයි.
ඒ කියන්නේ මේ වෙනකොට ක්ෂේත්‍රයේ පැතිරිලා තියෙන ඒ කතාව බොරුවක්..?
ඔව්... අමූලික බොරුවක්. රියැලිටි තරගාවලියෙ මට හමුවුණ ඒ සියලු දෙනාම මට ආදරෙයි.
මම කලා ක්ෂේත්‍රයේ සෑහෙන දුරක් ඇවිදින් ඉන්න කෙනෙක් හැටියට ඔවුන් හැමෝම මට ගරු කරනවා. හැමෝම මට ආදරෙයි.. කවදාවත් එහෙම දෙයක් වෙන්නේ නෑ. වෙලත් නෑ..
ඔබගේ කණ්ඩායම මේ රියැලටි අත්දැකීමෙදි හොඳ තරගයක් දෙනවද..?
සත්තකින්ම.. අපේ කණ්ඩායමේ 7දෙනෙක් ඉන්නවා.
මට නායිකාව විදිහට කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීමේ වගකීම තියෙනවා.
අපි හත්දෙනා තුල තියෙන හැකියා විවිධාකාරයි. හරියට පළතුරු ගොඩක් එකතුවුණු සැලඩ් එකක් වගේ. ඉතිං ඒ රසවත් බවත් එක්ක අපි තරගාවලියේ ඉදිරියෙන්ම ඉන්නවා.
ඒ ගැන ගොඩක් සතුටුයි..
ඒ සතුට වැඩිකමටද රියැලටි තරඟාවලියෙදි ඇතිකර ගත්තු මත ගැටුමක් මත ඔබ රඟපෑමෙන් අයින් වෙලා, රටත් අත්හැරලා යන්න සූදානම් වෙනවා කියන්නේ..?
ඇයි මම රඟපෑමෙන් අයින් වෙන්නේ.. ඇයි මම රට අතැහරලා යන්නේ.. එහෙම වෙන්න තරම් දෙයක් මට සිද්ධවුණේ නෑ.
ඇරත් තරගාවලියේදී හෝ ඒ සම්බන්ධව හෝ මම කවුරුත් එක්ක ගැටීමක් ඇතිකරගෙන නැහැ. ඒක අමූලික බොරුවක්.
එහෙම දෙයක් වුණත් ඇයි මම රට අතහැරලා යන්නේ.. රට අතහැරලා යන්න තරම් ප්‍රශ්න මේ ජීවිතයේ මට ඕනේ තරම් වෙලා තියෙනවා. ඒත් මම ඒ වෙලාවෙදිත් රට අතහැරලා ගියේ නැහැ.