මාතලේ - ලග්ගල - කළුගඟ ව්‍යාපෘතියේ කැණීම් සිදුකරන ගල් කොරියක පස් කන්දක් කඩාවැටීමෙන් ගල් සහ පස් අතර සිරවී සිටි සේවකයා පැය 8ක මෙහෙයුමකින් පසු මුදා ගත්ත ද රෝහල් ගත කරන විට ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
එම මෙහෙයුම් සඳහා හෙලිකොප්ටර් යානා දෙකකින් යුද හමුදා කමාන්ඩෝ භට කණ්ඩායම් දෙකක් ද එක්ව සිටියා. පස් සහ ගල් අතර සිර වී සිටි පුද්ගලයා බේරා ගැනීමේ මෙහෙයුම අද පෙරවරු 8ට පමණ ආරම්භ කෙරුණු අතර ඔහු එම ස්ථානයෙන් පිටතට ගනු ලැබුවේ පස්වරු 5 යි 15 ට පමණයි.