විවිධ කලා හැකියාවන්ගෙන් රසික හදවත් පිනවන තරුවක් වුණු සේමිණී මේ දිනවල පැවැත්වෙන මහා සුපිරි තරු සංග්‍රාමය Hiru megastars වේදිකාවේ මායන්ස් කණ්ඩායම නියෝජනය කරනවා.
ඉතිං සේමිණීගේ අලුත්ම විස්තර ගැනත්, අලුතින් සම්බන්ධවුණු වෙනස්ම චිත්‍රපටයක් ගැනත් සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණේ මේ විදිහට.
ඉතිං කොහොමද මොනවද මේ දවස්වල අලුත්ම වැඩ..?
වැඩ නම් කිහිපයකටම අතගහලා තියෙන්නේ.
අවුරුදු පහකට පස්සේ ටෙලි නාට්‍ය දෙකකට සම්බන්ධ වුණා.
ඇත්තටම දැන් හොඳ ටෙලි නාට්‍ය බිහිවෙනවා අඩුයි.
වැඩිපුරම ප්‍රේක්ෂකයා අතර ජනප්‍රිය ඔබ ජනප්‍රිය වුණේ කොමඩි චරිත හරහා. නැවත කොමඩි චරිත රඟපාන්නේ නැද්ද..?
ඔව්... ආයෙමත් කොමඩි ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්න ආසයි..
අපි හැරෙමු "28" සිනමා නිර්මාණයේ සුද්දිගේ චරිතය පැත්තට. මේ සිනමා නිර්මාණයේ ඔබ නිරූපණය කරන සුද්දිගේ චරිතය ගැන කතා කළොත්..?
28 කියන්නේ කාන්තාවට විශේෂ සහ සෑම කාන්තාවක්ම නැරඹිය යුතු චිත්‍රපටයක්.
අපේ සමාජයේ සංස්කෘතියත් එක්ක හැඟීම් හිරකරලා ඉඳලා ඒවා පිටකරන අවස්ථාවන්වලදි සිද්ධ වෙන සිදුවීම් සමුදායක් තමයි 28 හරහා ඔබට ගෙන එන්නේ.
සුද්දි කියන්නේ කතා කරන මෘත ශරීරයක්.
සුද්දි මේ සමාජයේ පීඩාවට පත්වෙලා කුරිරු සමාජයෙන් හෙම්බත් වුණු ගැහැණියක්.
ජීවත් වෙලා හිටපු සුද්දිට වඩා දූෂණය කරලා මරලා දාපු සුද්දි සමාජයට ඇත්ත කතා කරනවා.
සුද්දි කියන්න හදන්නෙත් මේ සමාජයේ එක්තරා පැතිකඩක් ගැන.
කාන්තා හිංසනය, ස්ත්‍රී දූෂණය, කියන සමාජයේ හැංගුන ලිංගිකත්ව ආශාව ඇතුලේ තෙරපෙන තිරිසන්කම නිසා සමාජයේ අපට නිතර ඇහෙන කතා වගේ තමයි අපගේ සුද්දිගේ ඉරණමත්.
චිත්‍රපටය ඇතුලේ ලිංගත්වය ගැනද වැඩිපුරම කතාවෙන්නේ..?
මේ කතාවේ කොහේවත් ලිංගිකත්වය ගැන කතා කරන්නේ නැහැ.
සුද්දි වසර 15 ක් ස්වාමියාගෙන් වෙන් වෙලා ඉඳපු කාන්තාවක්.
" මගේ මනුස්සයා මට හම්බවුණේ හම්බවෙන්න ඕනම නැති තැනකදි. එයා මාව කසාඳ බඳින්නම් කිව්වා.
ඒත්...
සැමියාගෙන් වෙන්වෙලා සුද්දි කොළඹ රස්සාවක් හොයාගෙන යනවා. එහිදී ඇය දූෂණයට ලක්වෙලා ඝාතනයට ලක්වෙනවා.
සුද්දි මිය ගියාට පස්සේ සැමියා එයාගේ මිනිය ගමට ගේන අතරතුරදි සිද්ධීන් සමුදායක් සිද්ධ වෙනවා.
සුද්දි මියගියත් ඇය සත්‍ය සමාජයට කියනවා.
ඇත්තටම මේ කතාව තේරුම්ගන්න ඕනේ නරඹලාම තමයි.
මේ මැරුණු චරිතයක් කරපු පළවැනි වතාවද.?
නැහැ.. ටෙලි නාට්‍යවල මියගිය චරිත නිරූපණය කරලා තියෙනවා.
ඒත් ඒ හැම චරිතයකටම වඩා සුද්දිගේ චරිතය වෙනස්.
සුද්දි කියන චරිතයෙන් වෙන්නේ මරණය තුල ඉඳගෙන ප්‍රේක්ෂකයා ආමන්ත්‍රණය කිරීමක්.
ඒ කියන්නේ ඔබේ චරිතය අභියෝගාත්මකයි.?
මේ රංගනය අභියෝගාත්මකයි කියනවට වඩා බොහොම අමාරු රංගනයක් කිව්වොත් නිවැරදියි.
දුවලා පැනලා කරන රංගනයත් ලේසියෙන් කරන්න පුළුවන් වුණාට මල මිණියක් ඇතුලේ ඉන්න චරිතයක් රඟපාන එක ලේසි නැහැ.
මෙම චිත්‍රපටයේදී ඔබ ප්‍රේක්ෂකයාට මුණ ගැහෙන්නේ මෘත ශරීරාගාරයේදී. ලාච්චුවෙන් ලාච්චුවට ඇරලා පෙන්වන මෘත ශරීරවලින් මොකක්ද ප්‍රේක්ෂකයාට කියන්න හදන්නේ..?
කාන්තාවට තියෙන අනාරක්ෂිත බව ලිංගික හිංසනයේ අදෝනාව දිනෙන් දින ඉහළ යන මේ ඛේදවාචකය පෙන්වන්න තමයි දූෂණය වෙලා මැරුණු තරුණියන්ගේ ශරීර පෙන්වන්නේ.
රාගයෙන් පිපාසිත වෙලා ඉන්න තිරිසන් මිනිස්සුන්ගේ තිරිසන් වැඩ පේන්න බැරි නිසයි සුද්දි කියන චරිතය හරහා ප්‍රේක්ෂකයාට කියන්න උත්සහ කරන්නේ.
" අවුරුදු පහළොවකට පස්සේ තමයි අබසිරි මගේ හෙළුව දකින්නේ.. මෘත ශරීරාගාරයේදී ඔහු මට කළ දේවල් දන්නේ මම විතරයි.
අපේ රටේ තමන් ගැන ඇත්ත කියන්න පණ තියෙන මනුස්සයෙකුටනම් බැහැ.
සුද්දි කියන්නේ දූෂණය කොට මරා දැමුණු ගැහැණියකගේ ජීවිතය විවරණය කරගැනීමට කරන උත්සහයක්.