Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
26
නන්දිකඩාල්වලදී සැමියාට වැදුණු වෙඩිල්ලෙන් නයිට් ක්ලබ් ජීවිතයට හුරුවුණු සෙනුරිගේ සංවේදී හෙළිදරව්ව

- නන්දිකඩාල්වලදී සැමියාට වැදුණු වෙඩිල්ලෙන් නයිට් ක්ලබ් ජීවිතයට හුරුවුණු සෙනුරිගේ සංවේදී හෙළිදරව්වHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
මම දැනගත්තා... ඔයා ෆස්ට් ටයිම් කියලා..
ලැජ්ජාවෙන් ඉන්න නිසා කිව්වේ...

කැරෝකේ සමාජ ශාලා ‘ස්පා’ ආයතනවල රැකියාවේ යෙදෙන බොහොමයක් යුවතියන් ඒ තැන් සොයා යන්නේ නැතිබැරිකම නිසාය.

ඊට හුදෙක් හේතු වන්නේ එවන් බොහොමයක් යුවතියන් අකාලයේ සිය ජීවිතය විනාශ කරගත් අය වන බැවිනි. ඵවන් යුවතියන් බොහොමයකගේ සැමියන් ඔවුන් අතහැර ගොසිනි.
 
නැතහොත් ඔවුහු ඔත්පල හෝ මරණයට පත්ව සිටිති. දරුවන් නඩත්තු කර ගැනීමට, මව පියා සහෝදර සහෝදරයන් රැක බලා ගැනීමට, බඩවියත රැක ගැනීමට ඔවුහු මහ රෑ එළඹෙනතුරු ගයමින් නටමින් පිරිමින් පිනවති .

සමාජ ශාලා වලට ඵන බොහෝ කාමාතුරයන්ට ඵම කෙල්ලන් දිව්‍යාංගණාවන් ලෙස පෙනුණද ඔවුන් ගත කරන්නේ අතිශය දුක්බර ජිවිතයකි මෙය ඵවන් යුවතියන්ගේ ඡිවිත කතා ඇසුරෙන් සකසන ලද්දකි.

කැරෝකේ ජීවිතය මහා පුදුමාකාරය. පාට පාට විදුලි ධාරා අතරින් අඩ නිරුවත්ව එහා මෙහා යන සමහර කෙල්ලන් දිව්‍යා ගණාවන් බඳුය. 

වරෙක එතැනට ගිය කෙනෙකුට යළිත් වරක් එතැනට යන්නට හිත ඉඩ නොදෙන්නේ නම් එය අරුමයකි. 

ඕනෑම කෝටිපතියකු මෙන්ම ඕනෑම සාන්තුවරයකු දැපනේ දාගන්නට එතැන සිටින සුරංගනාවියන්ට හැකියාවක් ඇත. 

සමහරු කෙල්ලන්ට අතදිග හැර වියදම් කරති. සමහරු පණමෙන් ඔවුනට ආදරය ද කරති.

එතැනට එන බොහොමයක් පිරිමි කුමක් හෝ ප්‍රශ්නයක් නිසා පීඩා විඳින්නෝ වෙති. සමහර අයගේ බිරිය ඔහු අතහැර ගොසිනි. 

සමහරුන්ගේ පෙම්වතිය වෙනත් කෙනෙකු හා මිත්‍ර වී සිටිති. සල්ලි තිබුණු පමණින් සතුටක් නොලද්දෝ ද එතැන වෙති.

මේ එවන් සමාජ ශාලාවක තුල ගෙතුණු කතාබහක්.

“වරෙන් ජීවිතේ වෙනසක් අත්විදින්න.”

ඔහු මාව කොල්ලුපිටියේ සුපිරි පන්නයේ කැරෝකේ සමාජ ශාලාවකට රැගෙන ගියේය. එතැන සිටින ආරක්ෂක නිලධාරීන් ඔහු හොඳින් හඳුනයි. 
දුටු ගමන් ඔහු ළඟට පැමිණි ඔවුන් දෙතුන් දෙනාට කිසියම් මුදලක් අතමිට මෙළවිම ඔහුගේ සිරිතයි.

“යන්න බොස් අද අලුත් දෙක තුනක් ඇවිත් ඉන්නවා”

ආරක්ෂක නිලධාරියාගේ කතාව ඇසූ මිතුරාගේ මුව සිනහවෙන් පිරී ගොසිනි.

“වරෙන් ඇතුළට යමු. හැබැයි කෙල්ලෝ දැක්කම ඇඹරෙන්න එපා...”

ඔහු මට මුලින්ම දුන් අවවාදය එයයි. ශාලාවට ඇතුළුවත්ම කෙල්ලන් දෙතුන් දෙනකු ඔහු වට කරගත්තේ හරියට කලින් දන්නා හඳුනන ඥාතීන් මෙනි.

මැදිවියේ සිටින මා මිතුරාගේ ගති පැවතුම් ද තරුණයකු මෙනි. දුටු විට කෙල්ලන් ඔහු වට කරගන්නා බව ඔහු මට කලින් කියා තිබිණි. එය සැබෑවකි. අපි අසල ඇති සෝපාවට බර වුයෙමු...

අඩ අඳුර, විදුලි ධාරා කන්කළු සංගීතය මගේ සිත අමුතුම ලෝකයකට ගෙන යන්නට සමත්විණි. 

මම දෑස් කරකවා අවට බැලිමි. මොන මොනවදෝ කුටු කුටු ගාමින් සුරතල් වන ජෝඩු හැම සෝපවකම සිටිති සමහර කෙල්ලන් ඒ මේ අත යන්නේ කිසියම් ගොදුරක් සොයමිනි. 

ශාලාවට ඇතුළුවන ඕනෑම කෙනකු දෙස ඔවුන්ගේ දෙනෙත් රැඳි තිබේ. ඒ ඔවුන් දන්නා කියන අය පැමිණේ දැයි දැක ගැනීමේ අදිටනනි.

මා මිතුරා වටකරගෙන කෙල්ලන් දෙතුන් දෙනෙක්ම සිටිති.

“මෙයා දන්නවද”

ඔහු එක් කෙල්ලකට මා හඳුන්වා දුන්නේය.

“ඇත්තද ...අනේ මම අහලා තියෙනවා...”

ඇය මා සමීපයට ආවාය.

“මම සෙනුරි”

“මචං.... හොඳ කෙල්ල ආශ්‍රය කරලා බලපන්”

මිතුරා මට ඇය ගැන මඳ විස්තරයක් කීවේය. ඇය මා ළඟින්ම අසුන් ගත්තාය. කෝඩුකාරයෙක් වූ මම වන්නට යන්නේ කුමක් දැයි නොදන්නෙමි.

“ඇඹරෙන්න එපා”

මිතුරාගේ ඔවදන් මා මතකයට නැගිණි. ඇය මා අත අල්ල පිරිමදින්නට විය. මම මදක් ලැජ්ජාවට පත්විම්. ඒ මා මෙතැනට පැමිණියේ පළමු වතාවට නිසා වන්නට ඇත.

මොහොතකින් අප ඉදිරියේ තැබුණු වොඩ්කා බෝතලයකි. ඉන් මදක් ඇය මා අසල තිබු වීදුරුවට දැම්මාය. මම ඇය දෙස බලා සිටිමි.

“බොන්න”

ඇය වොඩ්කා වීදුරුව මා අතට දෙමින් කීවාය.

ඇගේ දෙනෙත් තුළ ඇති කාන්තිය මා හිත පසාරු කරගෙන යයි

“ගන්න..චියර්ස්”

අත තිබු වයින් වීදුරුව මා අත ඇති වීදුරුවේ හප්පමින් ඇය කීවාය. මම මදක් එය තොල ගෑවෙමි.

“අඩෝ.. ඇඹරෙන්නේ නැතිව ඉඳපන්.... මමනේ වියදම් කරන්නේ. 

සෙනුරි කිසියම් කටයුත්තකට මා අසළින් නික්ම ගිය සැණින් මිතුරා මා කනට කර එසේ කියන්නට විය. 

ඒ ඔහුට මා ගැන කිසියම් සැකයක් ඇති වී තිබෙන නිසා වන්නට ඇත. ඔහුගේ කීම ඇත්තය. 

බෝතලය ටිකෙන් ටික හිස් වෙයි. ඇය මා තුරුලේ නැලවෙයි. කන්කළු සංගීත රාවය සිතට මහත් සුවයක් ගෙනදෙයි.

“මේක පුදුම ලෝකයක්”

මට එසේ සිතිණි. ඇය මා තුරුලේ රැඳෙමින් මොනවදෝ කියන්නිය. වොඩ්කා වීදුරු දෙක තුනක් හිස්කළ මාගේ සිත ද ඇයට නතුවෙයි.

“ඔයා අද නේද මෙහෙට ආවේ....”

ඇය මගෙන් විමසුවාය. මට ඉබේටම ‘ඔව්’ යැයි කියැවිණි.

“මම දැනගත්තා... ඔයා ෆස්ට් ටයිම් කියලා”

“ඒ කොහොමද ?්”

“ඔයා ලැඡ්ජාවෙන් ඉන්න නිසා මට ඵහෙම හිතුණා”

මගේ මුහුණට හාදුවක් ද දෙමින් ඇය මට එලෙස කීවේ දඟකාරියක් ලෙසිනි. 

මට කිසියම් ලැජ්ජාවක් ඇතිවුණද වොඩ්කා බෝතලේ පිහිටෙන් මම නැවතත් ඇඹරෙන්නට නොගියෙමි.

“ඔයාගේ ගෙවල් කොහේද අයියේ...”

“මම කඩුවෙල”

“ අද මොකද මේ පැත්තේ ආවේ”

“මෙන්න මෙයානේ මාව ඇදගෙන ආවේ”

මිතුරා පෙන්වමින් මම ඇයට කීවෙමි.

“ඔයා හුඟාක් කල් ද මෙහෙට ඇවිත්”

මම ඇගෙන් විමසුවෙමි.

“දැනට මාස දෙකක් විතර ඇති.”

අපි මොහොතකින් කතාබහට වැටුණෙමු. වොඩ්කා බෝතලය ටිකෙන් ටික හිස් වෙයි. ඒ වන විට ඇයද වයින් වීදුරු තුන හතරක් බී තිබිණි. 

ඇය ද සිටින්නේ මදක් වෙරි ගතියෙන් බව මට හැඟේ. ඒ ඇය නිතරම මා සිප ගන්නටත් තුරුළුවන්නටත් පටනගැනිම නිසාය.

“ඔයාගේ හස්බන්ඩ් නැද්ද”

මම ඇගෙන් ඇසුවෙමි.

මොහොතක් මා දෙස බලා සිටි ඇයගේ දෙනෙත් කඳුළින් බර වන අයුරු විදුලි ධාරා අතරින් මම දිටිමි.

“නැහැ”

“ඇයි”

“එයා නැතිවෙලා”

“ නැතිවෙලා ඒ කොහොමද”

“එයා යුද්ධයෙන් මැරුණා”

“ඒ කියන්නේ මහත්තයා ආමි එකේ ද”

ඇය හිස සොළවා එය අනුමත කළාය.

“ඒ කොයි කාලෙ ද.....”

මේ පාර අයියේ.... නන්දකඩාල් වලදී එයාට වෙඩි වැදිලා නැතිවුණා. එදායින් පස්සේ මායි දරුවයි තනි වුණා”

ඇගේ දෙනෙත් දිගේ වැටෙන කඳුළු බිඳු මා සිතට ගෙන ආවේ කිසියම් දුකකි.

“අනේ මම ඔයාව ඇඬෙව්වද”?

මම කීවෙමි.

“නැහැ අයියේ.. ඔයා මොනවා කරන්නද ඒකට. වෙන්න තියෙන දේ නේ වෙන්නේ”

ඇගේ සැමියාට වූ ඉරණම අසා දැනගන්නට මට ඇති වුයේ දැඩි ආශාවකි. එහෙත් ඇය ඒ ගැන කතා කිරීමට කැමැත්තක් නොදක්වනු ඇතැයි සිතූ මම මඳක් නිහඬ වුයෙමි.

“ඇයි සද්ද නැත්තේ”

නිහඬතාවය බිඳිමින් ඇය ඇසුවාය.

“නැහැ. මම ඔයාව ඇඬව්වානේ....”

“පිස්සුද අයියේ.... ඕවා අමතක කරලා තමයි මං මෙතැනට එන්නේ”

“ඒ කිව්වේ”

ඇය ඇගේ කතාව ටිකෙන් ටික මට කීවාය. නොච්චියාගම ඇගේ ගමය. පවුලේ සිටිි එකම දරුවා ඇයය. ඒ නිසා මාපියන් ඇය බලාකියාගත්තේ ඇස් දෙක මෙන්ය.

“අපේ අප්පච්චි ගොවිතැන් කරන්නේ. හිටිහැටියේ එයා ඔත්පල වුණා. අම්මට කර කියා ගන්න දෙයක් තිබුණේ නැහැ. කුඹුරු අඳේට දුන්නා.

ජීවත්වෙන්න බැරිම තැන කුඹුරු කට්ටි කිහිපයක් වික්කා. අප්පච්චිට බෙහෙත් කරන්න ඒවා වියදම් කළා. ඔය අතරේ තමයි මට සම්පත් හම්බ වුණේ. එයා ගජබා එකේ. ගෙදර කාටත් හොරා මම සම්පත්ට ආදරය කළා. පස්සේ මේක ගෙදරට ආරංචි වුණා.”

“ඉතින්...”

“ඔක්කොම විරුද්ධ වුණා. ඒත් මට සම්පත් නැතිවම බැරිවුණා. අපි පුදුම ආදරයෙන් හිටියේ. 

මම සම්පත් එක්ක පැනලා ගියා. අපි අනුරාධපුරේ එයාගේ යාළුවෙක්ගේ ගෙදර නතර වුණා. ඒ යාළුවත් සම්පත්ගේ යුනිට් එකේ. එයත් බැඳලා මෝනත් එක්ක හිටියේ.”

“සම්පත් නිවාඩුවට එනවා. නිවාඩු ඉවර වුණාම යනවා. අපි කසාද බැන්දා. බැඳලා මාස හත අටක් යද්දිම මට පුතා ලැබුණා. 

අපි හරි සතුටින් හිටියා. සම්පත් පුතාට පණ ඇරලා. එයාටත් තාත්තා නැතිව ඉන්න බැහැ. නිවාඩුවට ගෙදර එනකම් බලාගෙන ඉන්නවා සෙල්ලම් බඩු චොකලට් ගේනකම්”

එසේ කියමින් ඇය එකවරම ඉකිගසා හඬන්නට වුවාය. එය මට නුහුරු අත්දැකීමක් විය. කරකියා ගත නොහැකි වූ මම මිතුරා දෙස බැලුවෙමි. ඔහු ඔහුගේම ලෝකයකය.

“අඬන්න එපා”

බැරිම තැන මම ඇයට කීවෙමි. මොහොතකින් ඇය කඳුළු පිසදමමින් මා දෙස බැලුවාය.

“මම තව වයින් එකක් ගන්නද?”

“ගන්න”

මම පුරුදු අයකුසේ කීවෙමි. මොහොතකින් ඇය වයින් වීදුරුවක් ද රැගෙන මා අසලට ආවාය. මම ද වොඩ්කා ටිකක් වීදුරුවට හලා ගත්තෙමි. 
මොහොතක් අපි අතර කිසිදු වචනයක් හුවමාරු නොවුණෙමු. එහෙත් ඇය මා උරහිසට මුහුණ තබාගෙන සිටියාය. නිහඬතාවය බිඳිමින් යළි මම කාටහඬ අවදි කළෙමි.

“මහත්තයා නැතිවෙන කොට පුතාට වයස කියද?”

මා ඇසූ පැනයත් සමඟ ඇය යළි මා වෙතට සමීප වුවාය.
“අවුරුදු හතරයි”

“ දැන් පුතා කෝ”

“එයා ඉන්නේ ඩේකෙයා එකක”

ඇය නම් පුදුමාකාර එකියකි. දරුවා එතැන දමා කැරෝකේ රැකියාවට එන්නේ කෙළෙසදැයි මම ඇගෙන් ඇසුවෙමි.

“වෙන මොනවා කරන්නද අයියේ. දරුවයි මායි ජීවත් වෙන්නත් එපැයි. මෙතනින් හම්බ කරන එකෙන් තමයි හැමදෙයක්ම කරන්නේ.”

මට ඇය ගැන ඇති වුයේ කණගාටුවකි. තමන් මෙන් අසරණ යුවතියන් බොහොමයක් මෙවන් තැන්වල රැකියාව කරන බව ඇය මට කීවාය. ඒ ඇත්ත වශයෙන්ම ජීවත්වීම සඳහා බවද ඇය පැහැදිලි කළාය.

“වෙන මොනවා කරන්නද අයියේ. අපිට පාරේ ඉන්න ගෑනු තත්ත්වයට යන්න බැහැනේ . අපි එළිවෙනකම් නිදි මරාගෙන ඉන්නේ කීයක් හරි හොයාගන්න. මෙතන පඩි මදි. ඔයාලා සතුටින් දෙන කියකින් හරි තමයි එදා දවස නඩත්තු වෙන්නේ "

ඇය දිග සුසුමක් පිට කරමින් කීවාය. “ මට ඔයා ගැන දුකක් ඇතිවුණා”

මම ඇයට කීවෙමි.

“මොනවා කරන්නද අයියේ මේක මගේ කරුමේ” මා එදා සෙනුරිගෙන් සමුගත්තේ ඇය අත මුදලක්ද තබමිනි.

“මේකෙන් පුතාට මිදි ටිකක් ගෙනියන්න ඕන එයා හරි ආසයි ග්‍රේප්ස් වලට”

ඇය ඒම මුදල අතට ගනිමින් කීවාය. මට ඇය ගැන ඇතිවුණේ පුදුමාකාර දුකකි. මම ඇගෙන් සමුගත්තෙමි. ඒ පෙරළා එන බවට පොරොන්දුවක් ද දෙමිනි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top