මෙලොව ඇති ගුණයෙන් ඉහළම දියරය තමයි මව්කිරි. ස්වභාවික මව් කිරි ඉතා ඉහළ මිලකට විකිණිමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා.
නිරෝගී මවකගෙන් දොවා ගත් මව් කිරි ලීටරයක් ඇමරිකානු ඩොලර් 500 ක පමණ උපරිම මුදලකට අලෙවි වන බවටයි මාධ්‍ය හමුවේ එක්තරා මවක් හෙළිකර තිබුණේ.
ඇය වැඩිදුරටත් පවසා තිබුණේ තමන් පිළිකා රෝගීන්ට ඇමරිකානු ඩොලර් 30 ක පමණ මුදලකට මව්කිරි විකුණන අතර ඇයගේ යෙහෙළියන් ඇමරිකානු ඩොලර් 500 ක් වැනි මුදලකට කිරි විකුණන බවයි.
ඔවුන් මෙම ජාවාරම සමාජ මාධ්‍යජාල හරහා කරගෙන යන අතර මව්කිරිවල වැඩිම ඉල්ලුම ඇත්තේ මව්කිරි නොමැති මව්වරුන්, පිළිකා රෝගීන් සහ මලල ක්‍රීඩකයින් බවටත් ඇය හෙළිකර තිබෙනවා.