Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
Feb
25
විවාහ වුණත් වෙනස් නොවුණු ආදරයක් ගැන සචිනි අයේන්ද්‍රා කියන කතාව - Photos

- විවාහ වුණත් වෙනස් නොවුණු ආදරයක් ගැන සචිනි අයේන්ද්‍රා කියන කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
‘‘එයා අකැමතියි කියලා නැහැ“
‘‘නිළියක් වුණත් නැතත් කාන්තාවක් විදිහට ලස්සනට ඉන්න ඕන“
‘‘මම එක වේලක් විතරයි බත් කන්නේ..“
සචිනි අයේන්ද්‍රා කියන්නෙ රුවැත්තියක්. රූපය නිසාම ටෙලිවිෂනයේ සහ රිදී තිරයෙත් ඇයට ඇති ඉල්ලුම ඉතා ඉහළයි.

සචිනිගේ අලුත්ම විස්තර සහ තවත් තොරතුරු ගොඩක් සචිනි සති අන්තපුවත්පතකට කියලා තිබුණෙ මේ විදිහට.

සචිනි කාලේකට පස්සේ රංගනය එක්ක කාර්යබහුල වෙලා කියලා ආරංචියි?
මම අන්තිමට රඟ පෑ චිත්‍රපටය විකාශය වුණේ 2014 අවුරුද්දේ ඒකට පස්සේ කිසිම නිර්මාණයකට රංගනයෙන් දායක වුණේ නැහැ. ඒ නිසා ලොකු විවේකයක් ලැබුණා. ඊට පස්සේ ඉතිං ආයෙමත් රඟපෑවොත් හොඳයි කියලා හිතුනා. දැන් ආයෙමත් රඟපානවා. ඒත් එක්කම කාර්යබහුල වෙලා.

විවේක සුවයෙන් හිටියේ හොඳම නිර්මාණයකට ඇරයුම් ලැබෙනතුරුද ?
දරුවො දෙන්නා එක්ක වැඩිපුර කාලයක් ගතකළා. පොඩ්ඩගේ වයස දැන් අවුරුදු දෙකයි. මට ආයෙමත් රඟපාන්න පුළුවන් වයසක එයා ඉන්නේ. ඒත් එක්කම හොඳ නිර්මාණ දෙකකට ඇරයුම් ආවා. මගහැරගන්න එක අපරාධයක් නිසා ඒවාට සම්බන්ධ වුණා.

දෙදරු මවක් වුණාට තවමත් ශිෂ්‍ය චරිතවලට ඇරයුම් ලබන්න පෙනුමක් තියෙන එක ගැන මොකද හිතෙන්නේ ?
ඒ ගැන සතුටුයි විවාහ වුණාට පස්සේ ගොඩක් වෙලාවට පෙම්වත් චරිත හෝ ළාබාල චරිත ලැබෙනවා අඩුයි.  ඒ වයසට ගැළපෙන නිළියොත් ඕන තරම් ඉන්නවා. ඒත් මාව මේ චරිතයට තෝර ගත්තේ පෙනුම නිසා වෙන්න ඇති. ඒ වගේම චරිතය හොඳට හසුරවයි කියන විශ්වාසය නිසා වෙන්නත් ඇති. මම කොහොමත් හැමදාම පෙනුම ගැන සැළකිලිමත් වෙනවා.

සචිනි වැඩිපුරම කතා බහට ලක් වුණෙත් සචිනිගේ ඩයටින් ප්ලෑන් එක නිසායි. පෙනුම ගැන හිතලද ඩයට් කරන්නේ ?
ඔව් නිළියක් වුණත් නැතත් කාන්තාවක් විදිහට ලස්සනට ඉන්න ඕන කියලයි මම හිතන්නේ. මම දැන් අවුරුදු පහක විතර ඉඳලා කෑම පාලනය කරනවා. ව්‍යායාම් කටයුතුවල නිරත වෙනවා. ඒ වගේම සමහර අය ඩයට් කරනවා කියලා නොකා නොබී ඉන්නවා. එහෙම කරන්න ඕනේ නැහැ. ස්වාභාවික කෑම, බීම වැඩිපුර අරගෙන පිටි කෑම අඩුකළා නම් ලස්සනට ඉන්න පුළුවන්. ඒකට කැපකිරීම විතරයි ඕන දවසක් ඩයට් කරලා කම්මැලිකමට ඊලඟ දවසේ නොකර හිටියොත් කොහොමත් වැඩක් නැහැ. මම එක වේලක් විතරයි බත් කන්නේ. අනෙක් වේල් දෙක පෝෂ්‍යදායී කෑම වේලක් කරගන්නවා.

ඒ කියන්නේ සචිනිට හොඳට කට පාලනය කරගන්න පුළුවන් ?
අපොයි පුළුවන්.මම කොහොමත් කෑමවලට පෙරේත කෙනෙක් නෙමෙයි. මම කෑම ගැන හිතන්නේ නැහැ. මට ඕනෑම දෙයක් කන්නත් නොකා ඉන්නත් පුළුවන්.

සචිනි ඩයට් කරන නිසා ගෙදර අනිත් අයට කෑම ප්‍රශ්නෙදි අවාසි සහගත දේවල් වෙනවා ඇති.?
කොහෙත්ම නැහැ. අනිත් අයට ඕව විදිහට කෑම ගෙදර හදනවා. අපේ ගෙදර මට කෑම වෙනම උයනවා වගේම බබාලා දෙන්නට වෙනමත් හස්බන්ඩ්ට වෙනමත් කෑම හදනවා. ඒ නිසා තවම නම් කෑමට ප්‍රශ්න මතුවෙලා නැහැ.

රංගන ජීවිතේ කාර්යබහුලකම එක්ක ගෙදර වැඩවලට කාලය වෙන් කරන්න වෙලාවක් තියෙනවද ?
ගෙදර වැඩ මගේ අතින් නෙමෙයි වෙන්නේ.  උයන්න මට වෙලාවක් නැහැ. නමුත් අම්මා කෙනෙක් බිරිඳක් විදිහට වෙන්න ඕන යුතුකම් මම ඉටු කරනවා. ෂූටින් යන්නෙත් දරුවො දෙන්නා සැමියා එක්ක ඉන්න වෙලාව වෙන් කරගෙනයි.

සචිනි ආයෙමත් දීර්ඝ කාලයක් රඟපානවද ?සැමියගෙන් රඟපෑමට අවසර ලැබෙනවද?
එයා අකැමතියි කියලා නැහැ. මට තවම අකමැත්ත කියලත් නැහැ. මම වැඩක් භාර ගත්තොත් එයා ඒක කරන්න නිදහස දෙනවා. එපා කියන්නෙත් නැහැ. ඇත්තටම මම දිගටම රඟපාන්න ආසයි. ඉවත් වුණොත් හැකියාව ගෙදරට සීමා වෙනවා. මම එහෙම වෙන්න කැමති නැහැ.

ඉඳහිට දකින සචිනිට ප්‍රේක්ෂක ප්‍රතිචාරවල අඩුවක්  නැද්ද ?
කිසිම විදිහකින් අඩුවක් වෙලා නැහැ. ඉඳහිට දැක්කත් මම විවාහ වුණා කියලවත් මට තියෙන ප්‍රේක්ෂක ආදරේ අඩුවෙලා නැහැ.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top