හිරු මෙගා ස්ටාර්ස් වේදිකාවේ කාගේත් අවධානය දිනාගත් දක්ෂ තරගකාරිනියක් තමයි රුවංගි රත්නායක. ඇය නියෝජනය කරන්නේ ධනංජය සිරිවර්ධන ප්‍රමුඛ ‘‘ආර්යන්ස්“ කණ්ඩායමයි.
කෙටි කාලයක් තුළ අපේ රටේ බොහොම ජනප්‍රිය චරිතයක් වුණු රුවංගි එයාගේ අලුත්ම විස්තර සති අන්තපුවත්පතකට කියලා තිබුණේ මේ විදිහට.
රුවංගි අලුතෙන් නිර්මාණවලට ආරාධනා ලැබුණෙ නැද්ද..?
ටෙලිනාට්‍ය කිහිපයකට ආරාධනා ලැබුණා. ඒත් භාර ගත්තෙ නෑ මේ දිනවල රියැලිටි වැඩසටහනකට සම්බන්ධ වෙලා ඉන්න නිසා. ඒත් දැන් ඒකේ වැඩ ඉවර වේගෙන යන නිසා නැවත ටෙලි හෝ චිත්‍රපට වැඩ භාර ගන්න පුළුවන්.
රියැලිටි මිනිස්සුන්ට එපා වෙලා කියලා හිතෙන්නෙ නැද්ද..?
නැහැ. රියැලිටි මිනිස්සුන්ට එපා වෙන්නෙ නෑ. ඒක දවසින් දවස වෙනස් වෙන දෙයක්. ඒ වෙනස බලන්න මිනිස්සු කැමතියි.
රියැලිටි වේදිකාවේ ඔබේ කණ්ඩායම සාර්ථකද..?
අපිට කිරුල හිමිවෙයිද කියලා කියන්න බෑ. හැම කණ්ඩායමක්ම දක්ෂයි.
ඔබේ කණ්ඩායමේ නායකත්වය කොහොමද..?
අපේ ආර්යන්ස් කණ්ඩායමේ නායකයා ධනංජය. අපේ කණ්ඩායමේ සුදුසුම කෙනාට තමයි නායකත්වය හිමිවෙලා තියෙන්නෙ. අපේ කණ්ඩායමේ තරුණ පිරිසක් ඉන්නෙ. ඒ අතරින් අත්දැකීම් බහුලම කෙනා තමයි ධනංජය. ඔහු තමයි අපේ කණ්ඩායමේ නායකත්වයට සුදුසුම කෙනා.
කණ්ඩායම ඇතුලෙ ප්‍රශ්න නැද්ද..?
කණ්ඩායමක් විදිහට වැඩ කරද්දි ප්‍රශ්න ඇති වෙනවා. ඒවා පෞද්ගලික දේවල් නෙමෙයි. කණ්ඩායමක් ඇතුලෙ වැඩ කරද්දි අදහස් විවිධයි. ඒ විවිධ බව තමයි කණ්ඩායමකට වෙන් කරලා මෙහෙම තරග පවත්වන හේතුව.
මේ කණ්ඩායම ඇතුලෙ නළු නිළියො ගායකයෝ වගේ හැමෝම ඉන්නවා. ඒ නිසා අදහස් විවිධයි. ඒක නිසා එක එක හිත් අමනාපකම් ඇතිවෙන්න පුළුවන්. ඒ වෙලාවට. නමුත් ඒවා ඒ වැඩ්දී විතරයි. එතනින් එහාට ඒවා නෑ.
රියැලිටි නිසා කොච්චර කාලයක් ටෙලිනාට්‍යවලින් ඈත් වෙලා හිටියද..?
අවසාන වතාවට ටෙලිනාට්‍යයක් කළේ මීට මාස තුනකට විතර කලින්.
රියැලිටි වේදිකාවේ ඔබට ලැබෙන ප්‍රතිචාර කොහොමද..?
ඒකටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. හිරු මෙගා ස්ටාර්ස් කියන්නෙ ගොඩක් අය බලන වැඩසටහනක්. පිටරට රට අය පවා නරඹනවා. ගොඩක් අය කතා කරලා සුබපැතුවා.
ආර්යන්ස්ලාට ලොකුම අභියෝගය මොන කණ්ඩායමද..?
අනෙක් කණ්ඩායම් හතරම අපිට අභියෝගයක් තමයි. ඕනැම කණ්ඩායමකට ඕනැම කණ්ඩායමක් අභියෝගයක්.
අවසාන වටයේදී ඔබේ කණ්ඩායමට වෙනසක් කරන්න හැකිවෙයිද..?
ඔව් අනිවාර්යෙන්ම පුළුවන් වෙයි.
පුද්ගලික ජීවිතය ගෙවී යන්නෙ මොන විදිහටද..?
මේ දිනවල පුද්ගලික ජීවිතය ගෙවෙන්නෙ රියැලිටි වේදිකාව එක්කම තමයි. ඒ හැරුණාම චිත්‍රපට ටෙලිනාට්‍ය වගේ හැමදේම එකතුවෙලා ගෙවීගෙන යනවා.
දැන් හොරෙන්ම පෙම් කරනවා කියන්නෙ ඇත්තද..?
ඔව් ඉතිං මේ වයසට පෙම්වතියක නොවුණොත්නෙ පුදුමෙ.
ඒ කියන්නෙ රුවන්ගි දැන් පෙම්වතියක්..?
ඒක ගැන අපි වෙනම දවසක කතා කරමු.
දැන්ම මාධ්‍යට කියන්න කැමති නැද්ද..?
නෑ. නෑ අපි ඒක පස්සෙ කතා කරමු.
කලාවට සම්බන්ධ වීම හොඳයි කියලා හිතෙනවද..?
ඔව්...
නිළියක් වුණාම කටකතා හැදෙනවා වැඩියි නේද..?
ඒක ලංකාවේ විතරක් නෙමෙයි. බොලිවුඩ්වලත් නළු නිළියන්ට කතා හැදෙනවනෙ. ඒක අපි විතරක් ලොකුවට හිතන්න ඕනේ නෑ.
ගොසිප්වලින් ඔබේ ගැන වැඩිපුර කතාවෙනවා නේද..?