ශරීරය පුරාවටම සුදු පැහැති ලොම් වලින් වැසුණු හඳුනා නොගත් සත්වයෙකු පීලිපීනයේ Dinagat දූපතට ගොඩ ගසා තිබෙනවා. දිගින් අඩි 20 ක් පමණ වන මේ සත්වයාගේ සිරුරින් තවමත් ලේ ගලා යන බවත් එරට මාධ්‍ය වාර්තා කර තිබුණා.
පසුගියදා පිලිපීනයට බලපෑ භූකම්පනය හේතුවෙන් මේ සත්වයා මියයන්නට ඇති බවටත් ඇතැමුන් සැක පළ කරනවා.
තවමත් හඳුනාගත නොහැකි මේ සත්වයා මියගිය විශාල තල්මසෙකුගේ නරක් වූ සිරුරක් බවටත් පරිසරවේදීන් අනුමාන කරනවා.