කලින් කලට ගුවන් තලයේ පෙරළිකාර සංකල්පයන් මවන හිරු එෆ්. එම් වංශ කතාවේ නවතම පරිච්ඡේදයක් අරඹමින් "ගමේ තරුවට" හිරු ගුවන් තලයේ පෑයිමට අවස්ථාව උදා කර දී තිබෙනවා.
ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයකට අනුව ආරම්භ වූ වැඩසටහනේ තවත් අදියරක් ඊයේ බලංගොඩ වේලිඔය ගම්මානයේ දී පැවැත්වුණා.
එහි සිටි ගායන දක්ෂතාවයන්ගෙන් පරිපූර්ණ තරුණ තරුණියන්ගේ දක්ෂතා එළි දැක්වීමට ඊයේ (22) දින හිරු වේදිකාව විවෘත වුණා.
ඊයේ (22) පැවති ගායන තරඟයේ ජය ලබා ගැනීමට බලංගොඩ වේලිඔය ගමේ පදිංචි ප්‍රියාන් සමීර සමත් වූ අතර ඔහු සමඟ අවසන් වටය සඳහා සුමේධ වීරබාහු සහ ජී. ආර් කුසුම් තරඟ වැදුනා.
මෙම අවස්ථාව දැක ගැනීමට අතිවිශාල ජනකායක් සහභාගී වී සිටියා.
අද (23) දෙපෑලමුල්ල මංසන්දියේ දී තවත් ගායන හැකියාවන්ගෙන් යුක්ත ‘‘ගමේ තරු“ සොයා යන්නට හිරු කණ්ඩායම සූදානම්.