රහල් අල්විස් කලාකරුවාගේ උපන් දිනය සහ රහල් අල්විස් ප්‍රමුඛ බැජී සංගීත කණ්ඩායමේ කළ එළි දැක්ම වෙනුවෙන් පවත්වනු ලබන "රහල් අල්විස් ප්‍රමුඛ Beji Beginning Night" සංගීත ප්‍රසංගය පෙබරවාරි මස 23 වන දින රාත්‍රී 8.00ට දිවුලපිටිය මහජන ක්‍රීඩාංගනයේදී පැවැත් වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
හිරු ජංගම වේදිකාව සංගීතවත් කළ සංගීත කණ්ඩායමක් වන බැජී සංගීත කණ්ඩායම ලංකාවේ දක්ෂම ශිල්පීන්ගෙන් සමන්විතය.
මෙම ප්‍රසංගය සඳහා ශෂිකා නිසංසලා, තීක්ෂණ අනුරාධ, උදය ශ්‍රී ඇතුළු ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් සහභාගී වීමට නියමිතය. එසේම ප්‍රසංගය නැරඹීම සඳහා කිසිදු මුදලක් අය නොකරන අතර ඒ සඳහා ප්‍රධාන අනුග්‍රහය සපයන්නේ රහල් අල්විස් සහ සෝබා කේටර්ස්ය.
මේ නවම ප්‍රසංගය සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ ෂා එෆ්.එම් ගුවන් විදුලිය වන අතර අන්තර්ජාල මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ හිරු ගොසිප් වෙබ් අඩවියයි.
ඡායාරූප පහතින්.