ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් මඩකලපුව - එරාවුර් ප්‍රදේශයේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත්කරගෙන සිටින පිරිස මේ වනවිට එහි ස්ථිර ගොඩනැගිලි ඉදිකිරීම් අරඹා තිබෙනවා.
ගම්වාසීන් පවසන්නේ රාත්‍රී කාලයේදී මෙම ඉදිකිරීම් සිදුකිරීමට මෙම පිරිස් කටයුතු කරමින් සිටින බවයි.
අද හිරු සී.අයි.ඒ වෙන්වන්නේ ඒ පිළිබඳ හෙළිදරව් කිරීම සඳහායි.
මඩකලපුවල එර්වුර් - පුන්නකුඩා ප්‍රදේශයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් සංවිධානාත්මක පිරිසක් බලහත්කාරයෙන් අත්පත් කරගන්නා අයුරු හිරු සී.අයි.ඒ. හරහා අප හෙළි කලේ පසුගිය 10 වැනිදායි.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ මඩකලපුව දිස්ත්‍රික් අධ්‍යක්ෂවරයා පැවසුවේ මෙම ඉඩම් අත්පත්කරගැනීම පාලනය කළ නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවයි.
වගුරු බිම් මෙලෙස ගොඩකරමින් ඉඩම් අත්පත් කර ගන්නා අයුරු හිරු සී.අයි.ඒ හරහා හෙළිකළ පසු එරාවුර් පොලිසිය ඉඩම්වල වැඩකරමින් පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා.
එලෙස නීතිය ක්‍රියාත්මක කලද අපට ලැබුනු නවතම තොරතුරු අනුව වාර්තාවුයේ අත්පත් කරගත් ඉඩම්වල ස්ථිර ගොඩනැගිලි තැනීම සංවිධානාත්මක පිරිස් මේ වනවිට තීව්‍රර කර ඇති බවයි.
ඒ බව සොයාබැලීමට අප නැවතවරක් මඩකලපුවල එරාවුර් - පුන්නකුඩා ප්‍රදේශයේ ඊයේ (21) සංචාරයක නිරත වුණා.
එහිදී දැකගත හැකි වුයේ මෙම පිරිස අදාල ප්‍රදේශයේ ලඳු කැලෑ විනාශ කරමින් ඉඩම් අත්පත් කරගනිමින් සිටින බවයි.
එමෙන්ම එහි ඉදිකර තිබූ තාවකාලික නිවාස වෙනුවට සිමෙන්ති ගල් උපයෝගී කරගනිමින් ගොඩනැගිලි ඉදිකර ඇති බව ද හෙළිවුණා.
මේ තවත් ස්ථිර ඉදිකිරීම් සිදුකිරීමට ස්ථාන කිහිපයක සිමෙන්ති ගල් ගොඩගසා ඇති අයුරුයි.
ජනතාව චෝදනා කලේ රාත්‍රී කාලයේදී මෙම ක්‍රියාවලිය වේගවත්ම සිදුකරනා බවයි.
මෙරට නීතිය අතික්‍රමණය කරමින් නැගෙනහිර පළාතේ ඉඩම් අත්පත් කරගන්නා දේශපාලන බලධාරියා කවුරුන්ද ?
ඉදිරියේදීත් මෙහි සිදුවන නීතිවිරෝධී ඉඩම් අත්පත්කරගැනීම් හෙළිකිරීමට හිරු සී.අයි.ඒ අවධානයෙන්. වීඩියෝව පහතින් දැක්වේ.VIDEO