වීරකැටිය - රන්න මාර්ගයේ කිරිමැටිකන්ද ප්‍රදේශයේදී ඊයේ (20) පස්වරුවේ ත්‍රිරෝද රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ වළස්ගල - පඹුරාව ප්‍රදේශයේ පදිංචිකරුවන්.
සිද්ධියෙන් මිය ගිය එක් අයෙක් නදුන් අබේසේකර නම් තරුණයෙකි. වෘත්තියෙන් ශබ්ද පරිපාලකයෙකු වූ ඔහුට දරුවන් දෙදෙනෙකුද සිටින බවයි වාර්තාවුණේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.