මොණරාගල පොලිසියට අයත් කච්චේරි හන්දියේ මාස 04 ක් පමණ වන පුංචි ගැහැනු දරුවෙකු මවක් විසින් ඇලකට විසි කර ගිය විට ගම්වාසීන් බේරා ගෙන මොණරාගල පොලිසියට භාර දි තිබෙනවා.
එම දරුවා ඇල මාර්ගයට විසිකර ගොස් අත්තේ බුත්තල ප්‍රදේශයේ පදංචි කාන්තාවක් බවත් ඇය යම්කිසි මානසික රෝගයකින් පෙළෙන කාන්තාවක් බවත් පොලිසිය පැවසුවා.
එලෙස විසි කිරීමට ගිය දරුවා මොණරාගල පොලිසියට රැගෙනවිත් පොලිස් කාන්තා නිලධාරින් එම කිරිකැටි දියණිය නාවා, කිරි පොවා පසුව අද (17) දිනයේ එම දරුවාගේ පියාට භාරදීමට නියමිතව තිබුණා.