ලොව ප්‍රකට ප්‍රංශයේ අයිෆල් කුළුණ පුපුරුවා හැරීමට සැලසුම් කළ අවුරුදු 16 ක තරුණියක්, ඇගේ පෙම්වතා සහ තවත් පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
16 හැවිරිදි සාරා නම් වූ මෙම යුවතිය ඇයගේ පෙම්වතා වන 20 හැවිරිදි තෝමස් සමග එක්වී මෙලෙස අයිෆල් කුළුණ පිපිරවීමට සූදානම්ව සිට ඇති අතර මලික් හම්මාම් නැමැති ත්‍රස්තවාදියෙකු විසින් ඔවුන්ට ඒ සඳහා සහය ලබා දී තිබුණා.
මලික් නැමැති එම ත්‍රස්තවාදියා නමගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අතර ත්‍රස්තවාදියෙකු ලෙසද හඳුනාගෙන තිබෙනවා.
කෙසේ වෙතත් අත්අඩංගුවට පත්වීමෙන් පසු 16 හැවිරිදි සාරා පවසා තිබුණේ මෙම ප්‍රහාරයට පෙර තමන් පෙම්වතා සමග විවාහ වීමට නියමිතව සිටි බවත් මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පෙම්වතා මියගිය පසු තමන් සිරියාවේ ඇති ස්වාමිපුරුෂයන් මියගිය බිරින්දෑවරුන් සිටින කණ්ඩායමකට බැඳීමට නියමිතව සිටි බවත්ය.