වසර 30 ක් පුරා සෑම සඳුදා දිනකම තම බිරිඳට රතු රෝස මලක් යැවූ පුද්ලයෙකු පිළිබඳව විදෙස් පුවත් අනාවරණය කරනවා.
ෆිල් ඉකෙහෝර්න් (Phil Ikehorn) නම් මෙම පුද්ගලයා 1987 මාර්තු 07 වැනිදා විවාහ වී ඇති අතර එදින පටන් මේ දක්වා ඔහුගේ බිරිඳ වන එව්ලින්ට එවා ඇති රෝස මල් සංඛ්‍යාව 1500 කට අධික බවයි පැවසෙන්නේ.
ඊට අමතරව සෑම වසරකදී ම විවාහ සංවත්සරය යෙදී තිබෙන දිනයේ දී ඔහු විසින් රෝස මල් දුසිමකින් සෑදූ මල් කලඹක් ද යවනු ඇතැයි සඳහන් වනවා.
මේ වන විට 72 වැනි වියේ පසු වෙන එව්ලින් පවසා තිබෙන්නේ පළමු වසරේ දී මෙයින් ඇය විමතියට පත් වූ බවයි. මෙය නවතා වසරකට එක් මලක් පමණක් එවන මෙන් පැවසුවත් ඔහු එය මායිම් නොකරන බව ඇය පවසා තිබෙනවා.