ගුවන් විදුලි ඉතිහාසයේ වැඩිම ත්‍යාග ප්‍රමාණයක් පිරිනමන ෂා එෆ්. එම් වාලම්පුරිය තරගයේ තවත් පියවරක ජයග්‍රාහකයන්ට අද (16) ත්‍යාග ප්‍රදානය කෙරුණා.
එහි සුපිරි ජයග්‍රාහකයා බවට පත්වෙමින් රුපියල් මිලිනයක් දිනාගත්තේ මහියංගනය - පන්වලපිටිය - සොරබොර වැව පාරේ පදිංචි ජී.එම් මහින්ද තෙන්නකෝන් මහතායි.
ගුවන් විදුලි අසන්නන්ගේ සිහින, මුදලින් හා ත්‍යාගවලින් සැබෑ කරන ජනප්‍රිය ගුවන් විදුලි වැඩසටහන වන්නේ ෂා එෆ්.එම් වාලම්පුරියයි.
වාලම්පුරිය මන්ත්‍රය ඇසුණු වෙලාව තැපැල්පතක සඳහන් කර එවූ ලක්ෂ සංඛ්‍යාත තැපැල්පත් අතරින් මහා දිනුම් ඇදීමේ ජයග්‍රාහකයින් තෝරා ගැණුනේ පසුගියදායි.
ෂා එෆ්.එම් වාලම්පුරිය මහා දිනුම් ඇදීමේන් ජයග්‍රහණය හිමිකරගත් දිවයින පුරා විසිරී සිටින වාසනාවන්තයින් හට හිමි සැනසිලි ත්‍යාග සහ මුදල් ත්‍යාග අද ෂා එෆ්.එම් කාර්යාල පරිශ්‍රයේදී පිරිනැමුණා.
මහා දිනුම් ඇදීමේදි සුපිරි ත්‍යාගය වූ රුපියල් මිලියනයේ චෙක්පත හිමිවූයේ මහියංගනයේ පදිංචි ටී.එම්. මහින්ද තෙන්නකෝන් මහතාටයි.
සුපිරි ජයග්‍රාහකයාට අමතරව රුපියල් ලක්ෂය බැගින් දිනාගත් තවත් ජයග්‍රාහකයින් සඳහා ද මුදල් ත්‍යාග පිරිනැමුණා.
මෙහිදී ස්කූටර්, හෝම් තියටර් සිස්ටම්, ලැප්ටොප් පරිගණක ඇතුළු සැනසිලි ත්‍යාග රැසක් ෂා එෆ්.එම් වාලම්පුරි ජයග්‍රාහකයින් අතරේ බෙදාදුන්නා.
ෂා එෆ්.එම් වාලම්පුරිය තරගයේ මීළඟ අදියරේ සුපිරි ජයග්‍රාහකයා බවට පත්වීමට ඔබටත් අවස්ථාව හිමියි.