පිළියන්දල ප්‍රදේශයේ හෝටලයක් පවත්වාගෙන යන පුද්ගලයෙකු එම හෝටලයට පැමිණෙන ගණුදෙනුකාරයින්ට ගණිකා පහසුකම් ලබා දෙන බවට පිළියන්දල පොලීසියට ලැබුණු ඔත්තුවක සඳහන් වී ඇත.
එහි සඳහන්ව ඇති ආකාරයට අදාල හෝටල් හිමිකරුවා ගල්කිස්ස ප්‍රදේශයෙන් කාන්තාවන් ගෙන්වා හෝටලයට පැමිණෙන පුද්ගලයින්ට මුදලට අලෙවි කිරීමේ කූට ව්‍යාපාරයක් සිදුකර ඇත.
මෙහි ඇත්ත නැත්ත සොයා බැලීමට පිළියන්දල පොලීසියේ නිළධාරියෙක් ගැනුම්කරුවෙක් ලෙස එම හෝටලයට ගොස් කාන්තාවක් අවශ්‍ය බව පවසා තිබේ.
ඉන්පසු හෝටල් හිමිකරුවා ගැනුම්කරුට පවසා ඇත්තේ ඒ සඳහා රුපියල් 8000ක් අවශ්‍ය බවත්, පැයක් ඇතුළත කාන්තාවක් කාමරයට එවන බවත් ය.
එම යෝජනාවට කැමති වී ගැනුම්කරු ලෙස පැමිණි පොලිස් නිළධාරියා එහි කාමරයක් වෙන්කරවාගෙන ඇති අතර විනාඩි 45කට පසු එම කාමරයට කාන්තාවක් සමඟ හෝටලයේ හිමිකරුවා ද පැමිණ තිබේ.
අදාල කාන්තාව පැමිණි සුළු මොහොතකට පසු පොලිස් නිළධාරියා විසින් හෝටලය අසල රැදී සිටි සෙසු නිළධාරීන්ට ජංගම දුරකථනයෙන් ඇමතුමක් ලබා දී ඇති අතර එම ඇමතුමත් සමඟ ඔවුන් හෝටලය වටලා අදාල සැකකාර හෝටල් හිමිකරුවා සහ කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට පත් කාන්තාවගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වී ඇත්තේ ඇය ගල්කිස්ස ප්‍රදේශයේ කාන්තාවක් නොවන බවත් කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත් ය.
ඇගේ සැමියා හදීසියේ මිය යාමෙන් පසු සැකකාර හෝටල් හිමිකරුවා අහම්බෙන් හමු වී ඇයව අනියම් බිරිඳ ලෙස තබාගෙන කාලයක් තිසේසේ මෙම ගණිකා ව්‍යාපාරය සිදුකර ඇති අතර පිළියන්දල පොලීසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.