Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
16
29 වසරකට පෙර සමුගත් සොඳුරු ආඥාදායකයාගේ මතකාවර්ජනය - Photos

- 29 වසරකට පෙර සමුගත් සොඳුරු ආඥාදායකයාගේ මතකාවර්ජනය - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

22,411 Views
සිංහල සිනමාවේ ප්‍රේමාන්විත නළුවන් අතර විජය කුමාරතුංග කියන නම අමතක කරන්නම බැරි චරිතයක්.

කෝවිලගේ ඇන්ටන් විජය කුමාරණතුංග ලෙස උප්පැන්න සහතිකේ සඳහන් වුනත් හැමෝම ආදරෙන් ඔහුව ආමන්ත්‍රණය කළේ විජය කුමාරතුංග යන නමින්.

1945 ඔක්තෝම්බර් මස 09 වැනි දින රාගම මහ රෝහල දී උපත ලැබූ විජයගේ පියා ගම්මුලාදෑනියෙකු වූ කෝවිලගේ බෙන්ජමින් කුමාරණතුංග වන අතර මව බියට්‍රිස් කුමාරණතුංග.

පවුලේ සහෝදර සහෝදරියන් තිදෙනෙකු අතරේ හැදුනු විජය අධ්‍යාපනය ලැබුවේ සීදූව මහා විද්‍යාලය, කඳාන ද මැසනද් විදුහල සහ කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයන්.

ශ්‍රී ලාංකේය සිනමා සංස්කෘතිය තුළ ඉහළම ප්‍රතිරූපයක් ගොඩනගා ගෙන සිටි ගාමිණී ෆොන්සේකාගේ අසීමිත ජනප්‍රියත්වය හැත්තෑව දශකයේ මැද භාගය වන විට කෙමෙන් විජය කුමාරතුංග හිමිකර ගත්තා.

අසූව දශකයේ මැද භාගය වන විට තිරයේ ජනප්‍රියම නළුවා බවට පත් වූ ඔහුගේ අසීමිත රූප සම්පත්තිය ජනප්‍රියත්වයට එක් හේතුවක් වෙනවා. ඔහු රඟපාන ලද චිත්‍රපට බැලීමට කාන්තාවන් මෙන්ම පිරිමින් ද වැල නොකැඩී එන්නට පටන් ගත්තේ මොහුගේ රූපයේ තිබූ ආදරණීයත්වය නිසාය.

සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කතාව සිනමා නිර්මාණය ඔස්සේ සිංහල සිනමාවට පිවිසෙන විජය එතැන් සිට සිංහල සිනමාව දිග්විජය කළ අපූරු චරිතයක් බවට පත් වෙනවා.

හන්තානේ කතාව චිත්‍රපටිය තුළින් විශ්වවිද්‍යාල තරුණයෙක් ලෙස රංගනයෙන් දායක වු විජයගේ පියකරු මුහුණ, රැළි සහිත කොණ්ඩය, තරුණ පෙම්වතෙකුගේ සුකුමාර බව, කෙළිලොල් බව මෙරට සිනමා රසිකයින්ගේ නෙත් සිත් අමන්දානන්දයට පත්කරනවා.

එතැන් පටන් ඔහු සිංහල සිනමාව දිග්විජය කරමින් ප්‍රියංගා, රන් ඔන්චිල්ලා, හතර දෙනාම සූරයෝ, අභිරහස, කේසර සිංහයෝ, බිදුණු හදවත්, එදත් සූරයා අදත් සූරයා, ක්‍රිස්තු චරිතය, අහස් ගව්ව, සිකුරුලියා, තුෂාරා, මේ දෑස කුමටද, හතරදෙනාම සුරයෝ, සංගීතා, මමයි රජා, හිඟන කොල්ලා, මරුවා සමඟ වාසේ, එයා දැන් ලොකු ළමයෙක්, බඹරු ඇවිත්, ගඟ අද්දර, බැද්දේගම, කැඩපතක ඡායා, ජය සිකුරුයි, ගීතිකා, විස්මය, අනුපමා, බැද්දේගම, යුගයෙන් යුගයට, අහිංසා ආදී සිනමා නිර්මාණ 110කට අධික සංඛ්‍යාවකට තම රංගන දායකත්වය ලබා දෙනවා.

එසේම ඔහුගේ සිනමා දිවියේ දී "ගෝඩ් කින්ග්" නම් බටහිර චිත්‍රපටියක මෙන්ම "නන්ගුරාන්" නැමැති දමිල චිත්‍රපටියක ද දස්කම් පෑමට සමත් වෙනවා.

1983 සිට 1988 දක්වා අඛණ්ඩව වසර 05ක්ම ජනප්‍රිය නළුවා සම්මානය හිමිකරගත් විජය රංගනයට මෙන්ම ගායනයට ද සමත්කම් දක්වනවා. දොළොස්මහේ පහන වැනි චිත්‍රපටවල හොඳම ගායකයා සම්මානය ලැබීමට තරම් ඔහු දක්ෂයෙකු වෙනවා.

එසේම, ඔහු ගායනා කල ගීත සංඛ්‍යාව 100කටත් වැඩියි. ඔහුගේ ගීත කැසට්පට තුළින් ද රසිකයන් අතරට ලැබුණා. ඔහු ගැයූ ගී අතර ගඟ අද්දර, කවුලුව අතරින්, වේදනා, දිනකර පායා, විජය ගී, සීත රැයේදී, මංගල නැකත, සුදු දුව, රෝස ගහ ළඟ යන ගීත අතිශය ජනප්‍රිය වුණා. 

විජයගේ අතගැනීමට බලාපොරොත්තුවෙන් සිටි මෙරට තරුණියන්ගේ සිහිනය බොඳ කරමින් 1978 පෙබරවාරී 20 දින මෙරට අගමැතිවරයෙකු වූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ හා ලෝකයේ ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ දියණියක් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මෙනවිය සමඟ විවාහ වෙනවා.

විජය - චන්ද්‍රිකාගේ පුංචි පවුල තවත් ලස්සන කරන්නේ ඔවුන් දෙදෙනාගේ දියණිය සහ පුතාය. ඒ යශෝදරා කුමාරතුංග සහ විමුක්ති කුමාරතුංගයි. ලංකාවේ ප්‍රබල දේශපාලන පවුලකින් විවාහ වූ විජය සිනමාව මෙන්ම දේශපාලනයට ද පිවිසෙන්නේ මේ අතරතුරය. 

ලංකා සමසමාජ පක්ෂයෙන් දේශපාලන දිවිය ඇරඹූ විජය 1977 මහමැතිවරණයෙන් කටාන ආසනය නියෝජනය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වෙනවා. එහිදී ඔහු මනාප 19738ක් ලබා ගන්නත් සමත් වෙනවා.

ඒ වගේම 1982 දී හෙක්ටර් කොබ්බෑකඩුව මහතා ජනාධිපතිවරණයෙන් දිනවීම සඳහා නැවතත් දේශපාලනයට පිවිසෙන විජයට අවසානයේ හිරගෙදරට පවා යන්නට සිද්ද වෙනවා. හිරේ දැම්මත් ඔහුගේ දේශපාලන ජීවිතය නවත්වන්න කාටවත් බැරි වුණා.

විජය කියන්නේ සිනමාවට මෙන්ම ජනතාවට ද ආදරය කළ චරිතයක්. ඔහු ජීවත්වන කාලය තුළ මෙරට ඇති වී තිබූ ත්‍රස්ත්‍රවාදයට පිළිතුරු හොයන්න වගේම නිවහල් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් නිරතුරුවම කැප වුණු නායකයෙක්.

නමුත් අවාසනාවට දේශපාලනයෙන් විජයට හිමි වෙන්නේ මරණය පමණයි. 1988 පෙබරවාරි 16 දින දහවල් ලයනල් රණසිංහ හෙවත් ගාමිණී නැමැති පුද්ගලයා ටී 56 ගිණි අවියකින් වෙඩිතබා ඝාතනය කරා යැයි කටකතා සමාජය තුළ පැතිරුනා. නමුත් තවමත් ඔහුගේ සැබෑ ඝාතකයා සොයාගැනීමට අපොහොසත් වී තිබෙනවා.

තමන්ට වෙඩි වදින බව දැන දැනත් තම දරුවන් දෙදෙනා ආරක්ෂා කිරීමට විජය දරුවන් ඉවතට ඇඳ දමා වෙඩිල්ලට නොබියව මුහුණ දෙනවා.

ඔහුගේ මරණය සිදු වූ අඟහරුවාදාව (1988 පෙබරවාරි 16) "භයානක අඟහරුවාදා" නැතහොත් "අඳුරු අඟහරුවාදා" යනුවෙන් මෙරට ජනතාව හඳුන්වනවා.

ඔහුගේ හිසට එල්ලවූ පහරින් හිස කුඩුවී මුහුණ විරූපී වීම නිසා මිනී පෙට්ටියේ හිස කොටස වහනවා. ඔහුගේ අවසන් කටයුතු 1988 පෙබරවාරි 21 වන දින එවකට රජයේ අනුග්‍රහය යටතේ නිදහස් චතුරස්‍රයේ දී සුවහසක් රසික ජනතාවගේ සෝසුසුම් මැද සිදු වෙනවා.

අද දිනට විජය කුමාරතුංග මියගොස් වසර 29ක් වෙනවා. අසහාය නළුවෙක් මෙන්ම මානව හිතවාදී නායකයෙකු ලෙස විජය මෙරටට සිදුකළ සේවය කවදාවත් අමතක කරන්න බැහැ. ඔහු මියගියත් තවමත් රසික හදවත් තුළ අමරණීය චරිතයක් ලෙස ජීවමානව ඉන්නවා.

ඡායාරූප පහතින්

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mage Adariye - Nalin Shirantha
Mage Adariye
Nalin Shirantha
⤵  5,402 Downloads

Asura Magen - Charith Manawadu
Asura Magen
Charith Manawadu
⤵  7,242 Downloads

Pera Pawakatado - Nimesh Fernando
Pera Pawakatado
Nimesh Fernando
⤵  12,480 Downloads

Ayenam Ennepa - Hasha Lakshitha
Ayenam Ennepa
Hasha Lakshitha
⤵  13,823 Downloads

Awurudu Kale Awilla - Dinushan Sirimanna, Tisuki Monasha, Iranga Mendis, Mayura Liyanage, Dasun Madusanka, Nimesha Madushani, Kumaru Liyanage
Awurudu Kale Awilla
Dinushan Sirimanna, Tisuki Monasha, Iranga Mendis, Mayura Liyanage, Dasun Madusanka, Nimesha Madushani, Kumaru Liyanage
⤵  3,185 Downloads

Kadulak Dara - Ishara Dilushani Amarasuriya
Kadulak Dara
Ishara Dilushani Amarasuriya
⤵  5,608 Downloads

Uda Inna Deviyanta - Vihanga Jayamaha
Uda Inna Deviyanta
Vihanga Jayamaha
⤵  48,080 Downloads

Kowul Handin - Meidiyans
Kowul Handin
Meidiyans
⤵  4,942 Downloads

Paukaara Man Nisa - Lakshan Bhanuka
Paukaara Man Nisa
Lakshan Bhanuka
⤵  20,929 Downloads

Amma - Jayasingha Aththanayaka
Amma
Jayasingha Aththanayaka
⤵  8,141 Downloads



Top 10 Commenters

Latest Comments

Top