‘‘මේ වෙනකොටත් ඩ්‍රයිවර් ලේ වමනේ දානවා..“
‘‘සචින්තගෙ තත්ත්වෙ වැට උඩ.. බඩට බ්ලඩ් බ්ලීඩ් වෙනවා...“
‘‘පෙනුමට කොන්ඩ වවාගෙන කරාබු දාගෙන හිටියට හරි අසරණයි“
ආදරවන්තයන්ගේ දිනයේ උදෑසනම අහන්න ලැබුණෙ ඒ තරම් හොඳ ආරංචියක් නෙමෙයි. ඒ මේ දිනවල ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන අජිත් විතානගේ ප්‍රමුඛ සීදුව බ්‍රා වෝ සංගීත කණ්ඩායම මාරක රිය අනතුරකට මුහුණ දුන් පුවතයි.
බ්‍රාවෝ සංගීත කණ්ඩායම උදෑසනම කතරගම පුදබිම බලා යන අතරතුරයි මේ සිද්ධියට මුහුණ දී තිබුණේ.
අනතුරින් බරපතල තුවාල ලැබූ බ්‍රාවෝ සංගීත කණ්ඩායමේ සාමාජිකයින්ව ඇතුළත් කෙරුණේ දෙබරවැව රෝහලටයි.
තුවාල ලැබූ සාමාජිකයන් අතරින් වෑන් රථයේ රියදුරා සහ සංගීත කණ්ඩායමේ ගායන ශිල්පී සචින්ත දේවනාරායන බරපතල තුවාල ලැබුවා.