කොළඹ ආනන්ද සහ නාලන්ද විද්‍යාලවල සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමට මුල්වී ඇත්තේ පාසල් සිසුවියක් සම්බන්ධයෙන් වන සිද්ධියක් බව මූලික පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.
ඊයේ දහවල් ඇතිවූ මෙම ගැටුමේදී පාසල් සිසුන් අටදෙනෙකු තුවාල ලැබූ අතර, බස් රථ දෙකකට, වෑන් රථ දෙකකට සහ මෝටර් රථයකටද හානි සිදුවුණා.
කෙසේ වෙතත් මෙම ගැටුම සම්බන්ධයෙන් පාසල් සිසුන් 15 දෙනෙකු බොරැල්ල සහ මරදාන පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔවුන්ගෙන් 10 දෙනෙකු ඇප මත මුදාහැරියා.
මරදාන පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ මෙම සිසුන් 10 දෙනා ඊයේ රාත්‍රියේ මාළිගාකන්ද මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මතයි මුදාහැරීමට නියෝග කෙරුණේ.
එමෙන්ම මෙම ගැටුම සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය අත්අඩංගුවට ගත් අනෙක් සිසුන් 5 දෙනා අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැර තිබෙනවා.
එමෙන්ම මින් ඉදිරියට මෙවැනි ක්‍රියාවල නොයෙදෙන ලෙස මෙම සිසුන්ට දැඩි ලෙස අවවාද කර ඇති බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.
මේ අතර නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ සහ කොතලාවලපුර විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ද ඊයේ ගැටුමක් හටගෙන තිබෙනවා.
මෙම ගැටුමෙන් තුවාල ලැබූ කොතලාවල විද්‍යාලයේ සිසුන් හයදෙනෙකු මේ වනවිටත් ලුණාව රජයේ රෝහලේ ප්‍රතිකාර ලබනවා.
පාසල් දෙක අතර මොරටුව ජනජය විදුහල් ක්‍රීඩාංගණයේ ඊයේ පැවති සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟයක් අවසානයේදී මෙම ගැටුම හටගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ සිසුන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මේ වනවිට මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා. මේ අතර මෙම ගැටුම සිදුවන අවස්ථාවේ වර්ණ ඇඳුමින් සැරසි සිටිය පුද්ගලයෙකු පිළිබඳවත්, මවකට පහරදීමේ සිද්ධිය ගැනත් පොලිසිය පරීක්ෂණයක් සිදුකරන බවයි වාර්තා වුණේ.VIDEO