ඔස්ට්‍රියාවේ දී හිට්ලර් මෙන් ඇඳුමෙන් පැළදුමෙන් හැඩවුණු Harald Hitler නමැති තරුණයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොහුගේ වයස අවුරුදු 25කි. ඔහු හිට්ලර් මෙන් උඩු රැවුලද වවා ඇති අතර ඇඳ සිටින්නේද ඔහු හැඳ සිටිනා ආකාරයටයි.
හිට්ලර් වාසය කළ ඔහුගේ පළමු නිවසේදී මෙම තරුණයා ඡායාරූපයක් ගනිමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙය විහිළුවක් නොවන බවත්, ඔහු කරන්නේ කුමක්දැයි ඔහු හරියටම දන්නා බවත් පොලිසිය පවසයි.
කෙසේ වෙතත් හිට්ලර්, ඔස්ට්‍රියාවේ උපත ලද ජර්මන් දේශපාලඥයෙක් හා ජර්මන් නාසි පක්ෂයේ නායකයා විය.
තවද ඔහු 1933 සිට 1945 දක්වා ජර්මනියේ චාන්සල්වරයා වශයෙන් 1933 සිට 1945 දක්වා කටයුතු කරන ලදී. එම කාලයේ නාසී ජර්මනියක් පිහිටුවා ඒකාධිපති පාලනයක් ගෙන ගියේ ය.