Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
Feb
16
ලිංග විපර්යාසයකට ලක් වූ නිළියකගේ ආන්දෝලනාත්මක කතා බහ - Photos

- ලිංග විපර්යාසයකට ලක් වූ නිළියකගේ ආන්දෝලනාත්මක කතා බහ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
"ලිංගික විපර්යාසයට ලක්වීම සොඳුරු දෙයක්. මම ඒ සොඳුරු බව විදිනවා"

මිනිසෙකු මේ ලෝකෙට උපදින්නේ එක්කෝ ස්ත්‍රීයක් ලෙස, නැත්නම් පුර්ෂයෙකු ලෙස. නමුත් එසේ උපන්නත් සමහර පුද්ගලයින්ගේ ශරීරයේ හෝමෝනවල වෙනස්කම් හේතුවෙන් එම පුද්ගලයින්ට තමන්ගේ ලිංග භේදය නිසා අපහසුතාවයට පත්වන අවස්ථා අනන්තවත් තිබෙනවා.

එවැනි පුද්ගලයින්ට තමන්ගේ ලිංග භේදය වෙනස්කර ගැනීමට අවශ්‍යතාවය ඇති වුනත් සමාජයෙන් එල්ලවන බලපෑම නිසා එවැනි දෙයක් කිරීමට පසුබට වෙනවා.

මෙවැනි පුද්ගලයින් වෙනුවෙන් හඬනඟන්නෙකු පිළිබඳ ඇමරිකාවෙන් ආරංචි වෙනවා. 

ඇය නිරූපණ ශිල්පිනියක්, ලේඛිකාවක් මෙන්ම රංගන ශිල්පිනියක් වන Hari Nef. ඇය ලිංග විපර්යාසයන්ට ලක්වූවන්ගේ අයිතීන් වෙනුවෙන් කතා කරන සමාජ සේවිකාවක්. එසේ වුවත් ඇයද එසේ ලිංග විපර්යාසයන්ට ලක් වූවෙකි.

ඇයත් සමඟ The Interview සඟරාව පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක සිංහල පරිවර්තනය මෙසේ දැක්විය හැකිය.

ඔබේ වෘත්තීය ජීවිතය ගැන පැහැදිලි කළොත් ?

මම රංගන ශිල්පිනියක්, මෝස්තර නිරූපිකාවක් හා සමාජ ක්‍රියාකාරිනියක් ලෙස වැඩ කරනවා. මම සමාජ ක්‍රියාකාරිනියක් ලෙස හැඳින්වීමට පෙර මාධ්‍ය මාව සමාජ ක්‍රියාකාරිනියක් විදිහට හැඳින්වූවා.

ඒ ගැන මුලින්ම මට තිබුණේ තරමක දුරට සැකයක්. මම හිතුවේ මම ලිංග විපර්යාසයන්ට ලක් වූ තවත් එක් පුද්ගලයෙක් විතරයි කියලා.

මම මගේ වෘත්තීය ජීවිතයෙන් ඉහළට යද්දී මම වගේම ලිංග විපර්යාසයන්ට ලක් වූ පුද්ගලයින්ගේ අයිතීන් වෙනුවෙන් කතා කරන්න පටන් ගත්තා. උදාසීනකම කියන්නේ කවදාවත් විකල්පයක් නෙමෙයි, තමන් ගැන උනන්දු වීම වගේම පරාර්ථකාමීත්වය කියන්නේ එක හා සමාන දෙයක්.

මම ලිංග විපර්යාසයන්ට ලක් වූවන්ට උපදෙස් දෙනවා. ඒක හරියට මම මටම උපදෙස් දෙනවා වගේ වැඩක්.

ඔබට මේ මොහොතේ තිබෙන දැවැන්තම අභියෝගය මොකද්ද ?

මම ලිංග විපර්යාසයන්ට ලක්වූවෙක් කියන හැඟීම තමයි මට දැන් තියෙන අභියෝගය. නමුත් ඒක මට ගැටළුවක් නෙමෙයි.

ඒක ගැටළුවක් වෙලා තියෙන්නේ සමාජයට. සමාජය මේ ගැන හරි අවබෝධයෙන් බලන්න උත්සාහ කරන්නෙම නෑ.

මීළග වසර පහ තුළ මේ සම්බන්ධයෙන් සිදුවිය යුතු වෙනස්කම් ලෙස ඔබ විශ්වාස කරන්නේ මොනවාද ?

අපිටම කියලා නීතියක් තිබුණනම් හොඳයි. මේ ලෝකය තුළ අපි වෙනස් පුද්ගලයින් නොව සමාන පුද්ගලයින් ලෙස සැලකීමට නීති පද්ධතියක් අවශ්‍යයි.

ඒ වගේම තමයි අපේ ජීවිතය ආරක්ෂා කරන වෛද්‍යාධාර වලට නොමිලේ පිවිසීමට වගේම අපේ ලිංගිකත්වය නීත්‍යනුකූල කිරීමටත්, අපේ ලිංගික අනන්‍යතාවය අනුව පිවිසිය හැකි විවේකාගාර වලට පිවිසීමටත් අපිට හැකිවිය යුතුයි.

අපිට තියෙන ලොකුම ප්‍රශ්නය අපි වගේ පුද්ගලයින්ට වෙන් වුණ විවේකාගාර නොමැති වීම. අපිට කාන්තා විවේකාගාරවලට යන්නත් බෑ. පිරිමි විවේකාගාරවලට යන්නත් බෑ.

මම විශ්වාස කරනවා අපිව වෙනස් විදිහට නොසලකන සමාජයක් ඉදිරියේ දී ඇති වෙයි කියලා. 

ඔබේ ජීවිතය තුළ අත්පත්කරගත් සුවිශේෂී ජයග්‍රහණ මොනවාද ?

ගිය අවුරුද්දේ කොළොම්බියා සරසවියේ "නාට්‍ය හා කලා අංශයෙන්" මම උපාධිය ගත්තා. ඒත් සමඟම ඉතිහාසයේ පළමුවරට ලිංගික විපර්යාසයට ලක්වූ තැනැත්තියක් ලෙස ලෝ ප්‍රකට IMG සමාගම සමඟින් නිරූපණයේ යෙදෙන්න ගිවිසුමකට එළඹෙන්නත් මට අවස්ථාව හිමිවුණා.

රූපවාහිනී නාට්‍ය හා සම්බන්ධ වීමට, මිලාන් වල පැවතුණු Gucci විලාසිතා දැක්මට සහභාගී වීමේ භාග්‍යත් මට හිමිවුණා. National Center for Transgender Equality [transequality.org] හි නියෝජිතයකු මෙන්ම උපදේශකවරියක ලෙස ද මම දැන් කටයුතු කරනවා.

මේ සියලු ජයග්‍රහණයන් හමුවේ මා ලැබූ දැවැන්තම ජයග්‍රහණය තමයි මගේ සැබෑ ස්වරූපයෙන් දිවිගෙවීමට හිමිවුණු අවස්ථාව. ඔබ ලිංගික විපර්යාසයට ලක්වූවෙකු නම්, ඔබේ ජීවිතයේදී නිතරම පිළිතුරු දීමට වුවමනා වන ප්‍රශ්නයක් කවදාවත් නොනැසී පවතිනවා.

මා මෙතෙක් කළ අසීරුතම කටයුත්ත වුණේ ඒ ප්‍රශ්නයට ආදරයෙන් හා විශ්වාසයෙන් යුතුව නැවත නැවතත් පිළිතුරු දීමයි. ලිංගික විපර්යාසය දුෂ්කර වුණත් එය අතිශය සොඳුරුයි. මම ඒ සොඳුරු බව විදිනවා දැන්. ඒක නතර කරන්න කාටවත් බෑ.

ඡායාරූප පහතින්

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top