Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
16
ආනන්ද සහ නාලන්ද ගැටුමට සම්බන්ධ සිසුන් පිරිසකට අද වෙන්න යන දේ - වීඩියෝ

- ආනන්ද සහ නාලන්ද ගැටුමට සම්බන්ධ සිසුන් පිරිසකට අද වෙන්න යන දේ - වීඩියෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20,341 Views
දෙපැත්තෙන්ම ගල් ගහගත්තා...
පුතා බඳාගත්තම අම්මට ගහලා දිව්වා...

කොළඹ ආනන්ද සහ නාලන්ද විද්‍යාලවල සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන්  අත්අඩංගුවට ගත් සිසුන් 10 දෙනා අවවාද කිරීමෙන් පසුව ඇප මත මුදාහැරීමට නියෝග කළා.

ඒ මෙම සිසුන් ඊයේ රාත්‍රියේ මාළිගාකන්ද මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. 

අද දිනයේ සිය දෙමව්පියන්ද සමඟ අධිකරණයේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා මෙම සිසුන්ට තවදුරටත් දැනුම්දී තිබෙනවා. 

ආනන්ද විද්‍යාලය ආසන්නයේ ඊයේ ඇතිවූ මෙම ගැටුමෙන් සිසුන් අටදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහළට ඇතුළත් කළා. 

කෙසේ වෙතත් එම සිසුන් සියලූදෙනා මේ වනවිට ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවයි රෝහල් ප්‍රකාශකයෙකු අප කළ විමසීමකදී කියා සිටියේ. 

මේ අතර ඊයේ ඇතිවූ මෙම ගැටුම හේතුවෙන් එම අවස්ථාවේ මාර්ගයේ ගමන් ගත් ශ්‍රී ලංගම බස් රථයකට, පෞද්ගලික බස් රථයකට, වෑන් රථ දෙකකට සහ මෝටර් රථයකටද අලාභහානි සිදුව තිබුණා.

මේ අතර බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගත් තවත් සිසුන් පස්දෙනෙකු අද අලූත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ සහ කොතලාවල විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ද ඊයේ ගැටුමක් හටගෙන තිබෙනවා. 

මෙම ගැටුමෙන් තුවාල ලැබූ කොතලාවල විද්‍යාලයේ සිසුන් හයදෙනෙකු ලූණාව රජයේ  රෝහලට ඇතුළත් කර තිබෙනවා. 

පාසල් දෙක අතර මොරටුව ජනජය විදුහල් ක්‍රීඩාංගණයේ ඊයේ පැවති සැහැල්ලූ පන්දු ක්‍රිකට් තරඟයක් අවසානයේදී මෙම ගැටුම හටගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. 

සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ සිසුන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Hiru Mal - Ruwan Hettiarachchi ft Umariya
Hiru Mal
Ruwan Hettiarachchi ft Umariya
⤵  24 Downloads

Rambavani - Colombo MBZ
Rambavani
Colombo MBZ
⤵  475 Downloads

Ane Thama Man Thanikada - Ranil Priyankara ft Amila Muthugewa
Ane Thama Man Thanikada
Ranil Priyankara ft Amila Muthugewa
⤵  519 Downloads

Sanda Sinasenawa - Lesly Thomas
Sanda Sinasenawa
Lesly Thomas
⤵  510 Downloads

Sakkarawattama - Eranda Prabath ft Crack Mrks
Sakkarawattama
Eranda Prabath ft Crack Mrks
⤵  2,436 Downloads

Ahasai Amma - Kelum Induwara
Ahasai Amma
Kelum Induwara
⤵  2,659 Downloads

Aulak Nane - Nalin Wijayasinghe
Aulak Nane
Nalin Wijayasinghe
⤵  4,441 Downloads

Ananga Bambara - Sisila Ravinath
Ananga Bambara
Sisila Ravinath
⤵  2,316 Downloads

Warada Piligannawa - Sandun Perera
Warada Piligannawa
Sandun Perera
⤵  55,076 Downloads

Sadaye - Mithila Lankage
Sadaye
Mithila Lankage
⤵  1,360 Downloads



Top 10 Commenters

Latest Comments

Top