පුංචි තිරයේ කාගේත් ආදරය දිනාගත්තු චරිතයක් තමයි අනුරාධා එදිරිසිංහ.
ඉතිං අනුරාධාගේ අලුත්ම විස්තර ගැනත් නපුරු විදිහට හිටපු කාවිංගව හොඳ මඟට ගත්ත සිද්ධියක් ගැනත් අහන්න අපි අනුරාධාට කතා කළා.
අනුරාධා මොකද මේ දවස්වල කරන්නේ..?
මේ දවස්වල හිරු ටීවී එකේ විකාශය වන වස්සාන ප්‍රේමය නාට්‍යයේ වැඩ කටයුතු තමයි කරන්නේ.
තවත් නාට්‍ය කිහිපයකම වැඩ කටයුතු කරනවා.
එතකොට මේ කාවිංගව හොඳ පැත්තට ගත්තා කියන කතාව මොකක්ද..?
ආ... ඔව්.. වස්සාන ප්‍රේමයේ කාවිංග අයියගේ දරුණු චරිතය හොඳ පැත්තට අරගෙන හොඳ කෙනෙක් කළේ මම තමයි...
ඊයේ ආදරවන්තයින්ගේ දවසනේ.. තෑගි එහෙම ලැබුණේ නැද්ද..?
අනේ නැහැ.... දෙයියනේ කියලා එහෙම කරදරයක් වුණේනම් නැහැ... මම ෂූටින් හිටියේ...
එතකොට හීන කුමාරයෙක් ඇත්තෙම නැද්ද...?
අම්මෝ එහෙම කරදරයක් තාම නැහැ...
ආදරවන්තයින්ගේ දිනය ගැන මොකද හිතන්නේ..?
මම ඊයේ පෝස්ට් එකක් දැක්කා යශෝධරා දේවිය අද හිටියනම් ආදරයට එක දවසක් වෙන් කරපු එක ගැන දුක් වේවි කියලා.
ඒක දැක්කම මගේ හිතට ගොඩක් දැනුනා..
ආදරේ කරන අයට එක දවසක් වෙන් කරන්නේ ඇයි.. හැබැයි මෙහෙම දේකුත් තියෙනවා. සමහර වෙලාවට බිසී වෙන අයට, ඒ කියන්නේ දරුවෝ ඉන්න අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුටනම් ලොකු වටිනාකමක් තියෙනවා. මොකද එදාට පුංචි හරි තෑග්ගක් දුන්නම ඒක ලොකු මතක සටහනක් වෙනවා.
ඇත්තද අනුරාධා අඩම්බරයි කියන්නේ ?
අම්මෝ බොරු... කවුද එහෙම කියන්නේ..
අනුරාධා කියන්නේ දැන් ජනප්‍රිය චරිතයක් ද ?
ජනප්‍රිය චරිතයක්ද කියන්න මම දන්නේ නෑ.. හැබැයි ලොකු ප්රතිචාරයක්නම් ලැබෙනවා..
අනුරාධා සිංහල සිනමාවේ ආසම නළුවා කවුද ?
සනත් ගුණතිලක..
ඔයා දේශපාලනයට එන්න ආස නැද්ද ?
නැහැ... එහෙම ආසාවක් නැහැ මට..
ලස්සන වෙන්න මොනවද කරන්නේ ?
මුකුත් නෑ... මම ලස්සනද..? කවුද ලස්සනයි කියන්නේ..
ඉදිරි බලාපොරොත්තු මොනවද ?
මම අම්මගෙයි තාත්තගෙයි ගෞරවය ආරක්ෂා කරගෙන තමයි හැමදේම කරන්නේ.. ඉස්සරහටත් ඒ විදිහටම එයාලගේ ගෞරවය රැකගෙන වැඩ කරන්න තමයි බලාපොරොත්තුව..
