ඔබට පවුම් මිලියනයක් ලැබුණොත් මොකද කරන්නේ ? හිතාගන්න බැහැ නේද ? ඒත් සමහර පුද්ගලයින් ඉන්නවා එහෙම සල්ලි ලැබුණම දරාගන්න බැරි. මේ ඒ වගේ කතාවක්.
බ්‍රිතාන්‍යයේ 17 හැවිරිදි තරුණියකට 2013 වර්ෂයේ දී පවුම් මිලියනයක ලොතරැයි ත්‍යාගයක් ලැබෙනවා.
මේ නිසා ඇය දැඩි මානසික ආතතියකට ලක් වෙන්න පටන් ගන්නවා. ඒ වගේම ඇගේ නිදහසත් අහිමිවෙනවා. මේ නිසා වසර හතරකට පසු අදාල ලොතරැයි සමාගමට විරුද්ධව ඇය නඩුවක් දානවා.
ඇය එම නඩුව දැමීමට හේතු ලෙස සඳහන් කරන්නේ වයස අවුරුදු 17දී එම ලොතරැයිය ඇදුන නිසා ඇගේ ජීවිතේ සියලු දේ ලබා ගන්නට හැකි වුනත් ජීවිතේ ඒකාකාරී වී ඇති බවයි.
එසේම ඇයට මුදල් තිබෙන නිසා රැකියාවක් කිරීමට පවා උදාසීන වූ බවත්, තරුණයන්ගෙන් විවාහ යෝජනා දිගින් දිගටම ආව නිසා ඇය මානසික ආතතියට ලක් වූ බවයි.
ලොතරැයි සමාගමට විරුද්ධව ඇය නඩු මඟට පැමිණියත් එම මුදල් මඟින් රේන්ජ් රෝවර් වර්ගයේ මෝටර් රථයක් මිලදී ගෙන මිතුරන් සමඟ ඉබීසා හි නිවාඩුවක් ගත කිරීම සඳහා යාමට ඇය තීරණය කර තිබෙනවා.
එසේම මේවන විටත් එම මුදල්වලින් ඇගේ මුහුණ ලස්සන කර ගැනීමට සැත්කම් කිහිපයක් සිදුකර ඇති අතර ඉඩම් කිහිපයක් ද මිලදී ගත් බව අනාවරණය වෙලා.