Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
15
අම්මේ ටියුට් ගන්න රු.1000 ක් ඕනේ - ආදරවන්තයන්ගේ දිනයේදී පෙම්වතිය සනසන්න මවට බොරු කී පුතෙකු ගැන ලියවුණු හදවත් සසල කළ කතාවක්

- අම්මේ ටියුට් ගන්න රු.1000 ක් ඕනේ - ආදරවන්තයන්ගේ දිනයේදී පෙම්වතිය සනසන්න මවට බොරු කී පුතෙකු ගැන ලියවුණු හදවත් සසල කළ කතාවක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

58 Views
එහෙම කියලා හරියන්නේ නෑ මට සල්ලි ඕනේ...
උඹලගේ තාත්තා මට අරන් දීපු පළවැනි රත්‍රං බඩුව..
ඔයා ගෙදරට කිව්වද සුදු මැණික හෙට ක්ලාස් කියලා...

ප්‍රේමයෙන් මුසපත් වුණු ආදරවන්තයින් ඊයේ ආදරවන්තයින්ගේ දිනය සැමරුවා.

ඉතිං ඒ විදිහට සමරපු ආදරවන්තයින් අතර තමන්ගේ අම්මා තාත්තා දුක් මහන්සියෙන් උපයපු සල්ලි අරගෙන ක්ලාස් යනවා කියලා ඒවයින් පෙම්වතිය, පෙම්වතා සනසපු සිද්ධිත් ඕනෑ තරම් තියෙන්න ඇති.

ඒ වගේ කතාවක් හරි අපූරුවට මුහුණුපොතේ ලියවිලා තියෙද්දි අපිට හමුවුණා.

අම්මේ අම්මේ.... ඇයි මයේ පුතේ මේ බෙරිහන් දෙන්නේ... 

හෙට ක්ලාස් තියෙනවා අම්මේ..... හෙට... ඔව් විශේෂ එකක්... 

සර් කිව්වා හෙට අලුත් ටියුට් වගයක් කරනවා කියලා... කීයටද පුතේ ක්ලාස් තියෙන්නේ... දවසම තියෙනවා... 

අම්මේ ටියුට් ගන්න රු.1000 ක් ඕනේ... 1000ක්!.... බස් වියදමට ඇර ගෙදර සත පහක්වත් නෑ පුතේ... 

එහෙම කියලා හරි යන්නේ නෑ මට සල්ලී ඕනේ හෙට ක්ලාස් යන්න... මේ හදිස්සි‍යේ කොහෙන් කියලා හොයන්නද?.. 

අප්පච්චිවත් හිටියා නම් මේ වෙලාවේ, කොහෙද බීලා බීලම මැරිලා ගියානේ.... දැන් ඉතින් ඕවා කියන්නේ ඇයි... 

කාගෙන් හරි ඉල්ලලා දෙන්න.... මේ ගමේ කාගෙන් කි‍යලා ඉල්ලන්නද... මේ මාසේ ක්ලාස් යන්න සල්ලි දුන්නෙත් උඹලගේ මාමා... 

අදත් ඒ මනුස්සයාගෙන් සල්ලි ඉල්ලලා කරදර කරන්න මට හිතෙන්නේ නෑ පුතේ... 

එතකොට අම්මා කියන්නේ මට ක්ලාස් යන්න එපා කියලද... ක්ලාස් යන්න ඉල්ලලා මෙහෙම නම් වෙන වැඩකට ඉල්ලුවා නම් කොහොම කියවයිද... මට ඇති වෙලා දැන් මේක... 

ඇයි මගේ පුතේ එහෙම කියන්නේ සල්ලි තිබ්බා නම් මේ අම්මා උඹට නොදී ඉන්නවද?... 

මාත් ආසයි පුතා රජෙක් වගේ ඉන්නවා දකින්න... හැම පැත්තෙන්ම ණය, එවා ගෙවලා ඉවර වුනම ඉතුරුවෙන සොච්චමෙන් තමා හැමදේම කරන්නේ... 

හ්ම් හ්ම්... ඔන්න ඇති පටන් ගත්තා කරච්චලේ... රත්‍රන් බඩුවක්වත් තියෙන එකක්යැ උකස් කරන්නවත්, 

මේ ණය ගෙවන්න ගිහින් ඔක්කොම උකස් කරන්න වුනානේ.... දැන් මේ කරාබු දෙක විතරයි ගෙදර සන්තකේටම තියෙන්නේ... 

ඉතින් ඕකත් උකස් කරන්නකෝ අම්මේ... හෙට ක්ලාස් එක වැදගත් එකක් අනිවාර්යෙන්ම යන්න ඕනේ අම්මේ... 

මේ උඹලගේ තාත්තා මට අරං දීපූ පළවෙනි රත්‍රං බඩුව... 

ඒ මනුස්සයව මතක් වෙන්න තියෙන්නේ මේක විතරයි... ඒත් හැමදේටම වඩා පුතාගේ ඉගෙනීම මට වටිනවනේ... 

බැංකු වහන්න කලින් ගිහින් එන්න එහෙනම්... හා මගේ පුතේ ... පුතාට බඩගිනි ඇතිනේ බත් එක මේසේ උඩ ඇති මං ඉක්මනට ගිහින් එන්නම්... පුතා කන්න...

--------------------------------------------------------------------
සුදු මැණික මොකද කරන්නේ...

මොකුත් නෑ සුදු මහත්තයෝ...

ඔයා ගෙදරට කිව්වද හෙට ක්ලාස් කියලා...

ඔව් ඔව් කිව්වා... ඔයත් කිව්වද...

ඔව් මාත් කීවා... හෙට දවසම අපිට එකට ඉන්න පුලුවන් සුදු අම්මි...

ම්ම්ම් ඔව් අප්පච්චියෝ... මට මොනාද හෙට අරන් දෙන්නේ...

ඒවා රහස්, හෙට හම්බවුනාම බලන්නකෝ...

මට ඉවසිල්ලක් නෑ හෙට වෙනකන්... ආදරෙයි සුදු මහත්තයෝ ගොඩාක්...

මාත් ආදරෙයි මගේ සුදු අම්මිට... උම්ම්ම්ම්ම්ම්ම්මා....

(ක්ලාස් පීස් සල්ලියි මේ සල්ලියි එකතු වුනාම හොද දෙයක් අරන් දෙන්න පුලුවන්)

උම්ම්ම්ම්මා... ඔයා කෑවද අප්පච්චි...

තම නෑ..........

උඹලත් මෙහෙමද වැලන්ටයින් සමරන්නේ... 

විශේෂ ක්ලාස් කියලා, තියෙන ක්ලස් කට් කරලා නැත්තන් වෙන මොකක් හරි බොරුවක් කියලා, අම්මා තාත්තා ක්ලාස් යන්න දෙන සල්ලි එකතු කරලා තෑගී අරන් දීලද වැලන්ටයින් සමරන්න හිතන් ඉන්නේ... 

එහෙනම් අහගනින් කොල්ලෝ, කෙල්ලෝ දෙගොල්ලටම කියන්නේ පෙබ‍රවාරී 14 කියන්නෙත් සාමාන්‍ය දිනයක් විතරයි... 

උඹලට නම් වැලන්ටයින් වෙන්න ඇති මට නම් ඒකේ විශේෂ‍යක් නෑ... 

ඇයි උඹලට 14 වෙනිදා වැඩිපුර ආදරේ හිතෙනවද තමන්ගේ පෙම්වතිය පෙම්වතා ගැන... 

වෙනදට ඒ වගේ දැනෙන්නේ නැද්ද... මට නම් විශේෂ නෑ හැමදාම එක වගේ ආදරෙයි... 

ඇත්තටම ආදරෙයි නම් දින ඕනේ නෑ බං. ෆැන්ටසියෙන් එළි බැහලා යථාර්ථයට ඇවිත් බලපං... 

ආදරේ නාමෙන් කී දෙනෙක් හෙට රූම් අදි‍යිද... 

අම්මා හිතනවා ඇති මගෙ දුව මගේ පුතා ඉගෙන ගන්නවා කියලා ක්ලාස් ගිහින්... උබල රූම් අස්සෙ ගිහින් කියලා අම්මලා දන්නවා නම් පපුව පැලිලා මැ‍රෙයි බං... 

කොල්ලොන්ට වඩා කෙල්ලොන්ගේ... 14 සාමාන්‍ය විදිහට ඉදපං ලොකු ලොකු දේවල් එපා.. 

අපි උබලා හම්බ කරන කාලෙක වැලන්ටයින් සමරමු හොදට... 

දෙමව්පියෝ මහන්සි වෙලා හම්බ කරලා දෙන සල්ලි වලින් වැලන්ටයින් සමරන එක නතර කරමු... 

ගිෆ්ට් දුන්නේ නැ කියලා තරහා වෙනවා නම් අම්මපා ඔය යාලුවෙලා ඉන්න එකාව එකීව අතඇරලා දාපං.. 

ගොඩක් කෙල්ලෝ( බහුතරයක්) තෑගීවලට පට්ට ආසයි.. එහෙමයි කියලා අවංකව ආදරේ කෙල්ලෙක් තැගී දුන්නේ නෑ කියලා ලොවෙත් තරහා වෙන්නේ නෑ... 

සිරා කොල්ලෙක් බලපොරොත්තු වෙන්නේ තමන්ගේ තාත්තා වගේ ආදරේ කරන , රැක බලාගන්න කොලෙක්ව... 

පුලුවන් නම් ආදරේ කරන කෙනාගේ ඇස් දෙක දිහා බලාගෙන ඉදලා හදවතින්ම ආදරේ ප්‍රකාශ කරපං, පුලුවන් නම් පන්සලකට පල්ලියකට ගිහින් මලක් පහනක් පත්තු කරපං... 

හැමදෙටම වඩා ඒක හොදයි... වැලන්ටයින් ආදරේ නාමෙන් රූම් ගිහින්, හෝල් වලට ගිහින් ආදරේ ජීවිතේ කියන දෙක විනාශ කරගන්න එපා.... 

ඒ වගේම ආදරේ කරන කෙල්ලව ගණිකාවක් කරන්න යන්න එපා... උබලගේ ජීවිත හදන්න මට වුවමනවක් නෑ, එත් හිතට අාපූ දේ කියන්න ඕනෙ වුනා.. 

කතාව නම් ඒ තරම් හොද නැතුව ඇති... හදිස්සියේ ලියපු එකක්නේ... 

මේ ටිකයි කිවේ ෆෝන් එකෙන් දිගට ටයිප් කරන්න අමාරු නිසා... මං දන්නවා කවුරුත් මේවා අහනේ නෑ කියලා..

අවුලක් නෑ මං හොද දෙයක් කරා කියලා මට හිතෙනවා...
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top