Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
11
ඒ හුරතලේට මං හරි ආසයි.. ඇත්තටම කිව්වොත් එයා හරි කියුට් - ධනංජය සිරිවර්ධන - Photos

- ඒ හුරතලේට මං හරි ආසයි.. ඇත්තටම කිව්වොත් එයා හරි කියුට් - ධනංජය සිරිවර්ධන - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

66,683 Views
‘‘ඒත් විවාහ වුණාට පස්සෙ තමයි තේරුණේ අපි දෙන්නෙක් කියලා...“
‘‘ජීවිතයේ බොහෝ දේවල් අපි ඉගෙන ගත්තා...“

‘‘හිරු මෙගා ස්ටාර්ස්“ වේදිකාවේ බොහෝ දෙනෙක් කතාවෙන චරිතයක් තමයි ධනංජය සිරිවර්ධන කියන්නෙ. ආර්යන්ස් කණ්ඩායමේ නායකයාද වන ධනංජයගේ ආදරණීය බිරිඳ තමයි ශෂිනි. ඔවුන් විවාහ වෙලා මේ වෙද්දි අවුරුදු තුනක්. ආදරවන්තයින්ගේ දිනයත් ළඟම එන නිසා ධනංජය සහ ශෂිනි ඔවුන්ගේ ආදරය ගැන සති අන්ත පුවත්පතකට කියලා තිබුණේ මේ විදිහට.

මුලින්ම අපි ශෂිනි එක්ක කතා කරන්න කැමතියි. ඉතින් ශෂිනි. කොහොමද ජීවිතේ ?
හොඳින් ගෙවෙනවා. 2017 අප්‍රේල් වලට අපි විවාහ වෙලා අවුරුදු තුනක් වෙනවා. ඇත්තටම ඒ ගෙවුනු කාලය හරි සුන්දරයි. ජීවිතයේ බොහෝ දේවල් අපි ඉගෙන ගත්තා. විවාහ ජීවිතය මොකද්ද කියන එකත් එක්ක මට ගොඩක් අත්දැකීම් ලැබුණා. විවිධ දේවල් වලට මුහුණ දෙන්න වුණාම ඒවාට මුහුණ දෙන්නේ කොහොමද කියලා හොඳ අත්දැකීම් ලැබුණා. ඇත්තටම විවාහ ජිවිතය කියන්නේ මට එක අතකට අලුත් අත්දැකීමක් වුණා.

එතකොට ධනංජයට මේ ගතවුණු කාලය කොහොමද දැනෙන්නේ ?
ඉතාම වේගයෙන් කාලය ගෙවී ගියා කියලා දැනෙනවා. අලුත් අත්දැකීමක් නිසා තමයි ඒ විදිහට දැනෙන්න ඇත්තේ. වෙලාවකට අපටම පුදුමයි අවුරුදු තුනකට ආසන්න කාලයක් ගෙවිලා ගියාද කියන එක ගැන. ලොකු අත්දැකීමක් ලැබුවා කිව්වොත් හරි.

ඒ මොන වගේ අත්දැකීම්ද ?
විවාහට පෙර අපි කාලයක් එකට ඇසුරු කලා. නමුත් එක ගෙදරකට ඇවිත් ජීවත් වෙනවා කියන්නේ අපිට වෙනස් අත්දැකීමක්. විවාහ වෙනකොට කිව්වේ අපි දැන් එක්කෙනෙක් කියලයි. ඒත් විවාහ වුණාට පස්සෙ තමයි තේරුණේ අපි දෙන්නෙක් කියලා.

ඇයි එහෙම කියන්නේ ?
සමහරවිට අපි දෙන්නා දෙන්නෙක් විදිහට නොහිතුවා නම් ඒ ගමන වේගවත් වෙන එකක් නැහැ. එක තැන නතර වෙච්ච ගාණට හැඟේවි. අලුත් වෙන එකකුත් නැහැ. ඒ නිසා දෙන්නගේ අදහස් විවිධාකාර  වුණ නිසා හොඳම දේ වෙනුවෙන් ඉඩ ලැබුණා. ඒක මරු අත්දැකීමක්. ඒ නිසා නිතරම අපේ ජීවිතයට විකල්පයක් ඇති වෙනවා.

ශෂිනි ගුවන් සේවිකාවක් ලෙස නේද රැකියාවේ නිරත වුණේ. ඇයි ඒකෙන් අයින් වුණේ ?
ඔව් මම ගුවන් සේවිකාවක් විදිහට අවුරුදු කිහිපයක් වැඩ කළා. විවාහ වෙලත් අවුරුද්දක් විතර රැකියාව කළා. නමුත් සෑම මාසයකටම තුන් වතාවක් විතර ගෙදර ආවා. ඒත් දිගු කාලයක් ලෝකය පුරා යද්දි මට මගේ රටේ නවතින්න ඕන වුණා. විශේෂයෙන්ම බිරිඳක් විදිහට අපේ අම්මා කළ කැපකිරීම අපට අත්දැකීමක් වුණා. කවදාහරි මටත් ඕනෑ වුණේ අම්මා වගේ හොඳ බිරිඳක් සහ ගෘහනියක් වෙන්නයි. ඒකට මම කැමති වුණා.

ශෂිනිට අද වෙනකොට ධනංජයගේ ආදරය දැනෙන්නේ කොහොමද ? වෙනසක් තියෙනව ද ?
ඇත්තටම ඔව්. ඒ කාලයේ හිතුවට වඩා ආදරය දකින විදිහ වෙනස්. ඉස්සර එකට එක කරන බොළඳ කමකුත් තිබුණා. ඒ කාලෙදී හමුවුණේ මාසෙකට සැරයක් වගේ. සතියකට සැරයක් වගේ. ඉතින් ආදරය දැනෙන එක වැඩියි කියලා හිතුනා. නමුත් එකම පුද්ගලයා වෙනුවෙන් බොහෝ වෙලාවක් බොහෝ කාලයක් එකම විදිහට ආදරෙන් වෙළී හිටියනම් ඒක තමයි ආදරය කියන්නේ.

ධනංජය ඔබ ශෂිනි රැකියාවෙන් ඉවත්වීම ගැන හිතන්නේ කොහොමද ? ඔබ තහංචි දැම්මද ?
මම කිසිම තහංචියක් දැම්මේ නෑ. ජ්‍යෙෂ්ඨ ගුවන් සේවිකාවක් විදිහට ශෂිනිට අවුරුදු 10කට වඩා අත්දැකීම් තියෙනවා.  ඒ නිසා එයාට ලෝකය ගැන විවෘත මනසක් තියෙන තරුණියක් බව කියන්න පුළුවන්. ඒ නිසා කවදාවත් ඇගේ වෘත්තිය අපේ ජිවිතයට ප්‍රශ්නයක් වුණේ නෑ.

ධනංජය මොකද්ද මේ ආදරය ගැන කියන්නේ ?
අපිට ආදරය මොකද්ද ? කොහොමද ? කියලා එක මොහොතකින් ප්‍රකාශ කරන්න බැරි දෙයක්. මැරෙනකම් අපිට සමහරවිට ආදරය කියන්නේ මොකද්ද කියලා හොයන්න වෙයි. මොකද හැමදාම අපිට අලුත් දවසක් තමයි එන්නේ. ශෂිනි ඒ අලුත් දවසට සාපේක්ෂව එක එක විදිහට ආදරය කරනවා මට. වෙලාවකට එයා මට හොඳ යාළුවෙක්. එයා හරි අවිහිංසාවාදියි. ඒ වගේම හරි හොඳයි. හරි හුරතල් කෙනෙක්. ඒ හුරතලේම මං හරි ආසයි. ඇත්තටම කිව්වොත් එයා හරි කියුට්.

ශෂිනි ඇත්තද ඔබ ගායනයට එන්න හදනවා කියන්නේ ? ආස නැද්ද රඟපාන්න ?
රඟපාන්න නම් ආසා නැහැ. ඒක මට බැරි දෙයක්. ගායනයට නම් මම කැමතිය.

ධනංජය ඇ.ත්තද ඒ කතාව ? ශෂිනි ගායනයට ඒවිද ?
ඇයට ඇත්තටම ගයන්න පුළුවන්. ඉංග්‍රීසි ගීත සහ හින්දි ගීත කියන්නත් පුළුවන්. ඇත්තටම ඇය ඒ අංශයෙන් යමක් කළොත් සාර්ථක වේවි.

ශෂිනි ගෙදරට වෙලා දැන් මොනවද කරන්නේ ?
මම දැන් රස්සාව කරපු කාලයට වඩා දැන් බිසී වෙලා. මේ දවස්වල ධනංජයට උදව් කරනවා. ඒ වගේම මම ෆැෂන් ඩිසයිනින් පාඨමාලාවක් හදාරනවා. ගෙදරදී සාමාන්‍ය ගෘහනියක් විදිහට තමයි ඉන්නේ. පොත් කියවන්නත් ආසයි. ඒ වගේම පොතක් ලියන්නත් ආසයි. අපේ අලුත් ගෙදර මේ දවස්වල හදනවා. ඒ ගැන බලන්නත් ඕන. ඉතින් ඒ විදිහට තමයි මගේ දවස ගෙවෙන්නේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mage Adariye - Nalin Shirantha
Mage Adariye
Nalin Shirantha
⤵  5,250 Downloads

Asura Magen - Charith Manawadu
Asura Magen
Charith Manawadu
⤵  7,131 Downloads

Pera Pawakatado - Nimesh Fernando
Pera Pawakatado
Nimesh Fernando
⤵  12,286 Downloads

Ayenam Ennepa - Hasha Lakshitha
Ayenam Ennepa
Hasha Lakshitha
⤵  13,704 Downloads

Awurudu Kale Awilla - Dinushan Sirimanna, Tisuki Monasha, Iranga Mendis, Mayura Liyanage, Dasun Madusanka, Nimesha Madushani, Kumaru Liyanage
Awurudu Kale Awilla
Dinushan Sirimanna, Tisuki Monasha, Iranga Mendis, Mayura Liyanage, Dasun Madusanka, Nimesha Madushani, Kumaru Liyanage
⤵  3,164 Downloads

Kadulak Dara - Ishara Dilushani Amarasuriya
Kadulak Dara
Ishara Dilushani Amarasuriya
⤵  5,598 Downloads

Uda Inna Deviyanta - Vihanga Jayamaha
Uda Inna Deviyanta
Vihanga Jayamaha
⤵  47,883 Downloads

Kowul Handin - Meidiyans
Kowul Handin
Meidiyans
⤵  4,940 Downloads

Paukaara Man Nisa - Lakshan Bhanuka
Paukaara Man Nisa
Lakshan Bhanuka
⤵  20,865 Downloads

Amma - Jayasingha Aththanayaka
Amma
Jayasingha Aththanayaka
⤵  8,088 Downloads



Top 10 Commenters

Latest Comments

Top