බොලිවුඩ් සිනමාවේ සිටින බොහෝ නිළීයන් අතර තියෙන්නේ දැඩි තරඟයක්. හැමෝම උත්සහ කරන්නේ තමන්ගේ විලාසිතාවන් ජනප්‍රිය කරවන්නයි. ඒ අතරේ ඉන්න ප්‍රධාන නිළියක් තමයි කරීනා කපූර් කියන්නේ. ඒත් පහුගිය දවසක කරීනා කපූර්ට හරි අපූරු වැඩක් උනා. ඒක උනේ ඇයගේ ඥාතියෙකු වන අර්මාන් ජේන්ගේ කුළුදුල් නිර්මානය වන ' Lekar Hum Deewana Dil' චිත්‍රපටයේ ගීත එළිදැක්වීමේ සාදයේදි. ඒ සාදයට කරීනා ඇදගෙන ආවෙ සාරියක්.
ඇගෙන් වැඩිහරියක් එළියෙ තිබුන සාරි හැට්ටය නම් බිකිණියක ස්වරූපයක් ගත්තා. එම හැට්ටයේ එක් පටියක තරමක් විශාල ප්‍රමාණයේ හැට්ට කටුවක් රදවා තිබුනා. එම කටුව නිසා ඇගේ පෙනුම සම්පූර්ණයෙන් විකාර ස්වරූපයක් ගත් බවයි උත්සවයට සහභාගී වූ අය පැවසූවෙ. නමුත් ඇයගේ සහෝදරිය වන කරිෂ්මා කපූර්ගේ ඇදුම ගැන කවුරුත් කිව්වෙ ඇය උසස් කාන්තාවක් සේ දිස්වූ බවයි.