ඉන්දියාවේ සිට එවනු ලැබූ විශේෂිත ගුවන් යානයකින් ලසිත් මාලිංග ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වනවා.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිමිකරු වන මුකේෂ් අම්බානි විසින් මෙම ගුවන් යානය එවා ඇති බවයි වාර්තා වන්නේ.
අයි.පී.එල්. තරගාවලිය සඳහා ඔහු මෙලෙස ඉන්දියාවට ගෙන්වාගෙන ඇති අතර මුම්බායි ඉන්දියන්ස් පිලේ ක්‍රීඩකයින් තෝරාගැනීම සඳහා වන විශේෂ සැසිවාරයකට හා තවත් සුවිශේෂි කටයුතු කිහිපයකට එහිදී මාලිංග සහභාගී වීමට නියමිතව ඇති බවද වාර්තා වනවා.
මුකේෂ් අම්බානිගේ පෞද්ගලික ගුවන් යානය රත්මලාන ගුවන්තොටුපලට පැමිණ ඇති අතර ඉන්දියාව බලාගිය ලසිත් මාලිංග විශේෂ පුහුණු තරඟ කිහිපයකටද සහභාගී වීමට නියමිත අතර එහිදී පන්දු යවන්නන්ගේ සුවිශේෂී දක්ෂතා හඳුනාගෙන ඔවුන් කණ්ඩායමට එකතු කර ගැනීම සඳහා ඔහුද එක්ව කටයුතු කරනු ඇති බව වැඩිදුරටත් සඳහන්.