කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ පස්යාල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් තවත් 37 දෙනෙකු තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් අධ්‍යක්‍ෂවරයා සඳහන් කළා.
මේ නිසා කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්ද පවතින බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු කියා සිටියේ.
කොළඹ සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථයක් සහ නිට්ටඹුව දෙස සිට පැමිණි ලොරි රථයක් ගැටී බස් රථය පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව තිබුණා.