අවුරුදු 20 ක රූමත් තරුණියක් අවස්ථා ගණනාවකදී දූෂණය කළ බව කියන ත්‍රීවීල් රථ රියදුරෙකුට ගම්මුන්ගෙන් ගුටි සැලකිල්ලක් ලැබීමේ සිද්ධියක් ගැන පොල්ගහවෙල පැත්නෙන් වාර්තා වනවා.
පියා දමාගොස් ඇති මෙම දියණිය මව සමග තනිව නිවසේ ජීවත්වී තිබෙනවා.
මව ඇඟලුම් ආයතනයක සේවය කරන අතර මව රැකියාව සඳහා ගිය පසු අවස්ථා ගණනාවකදී මෙම ත්‍රීවීල් රියදුරා විසින් තරුණිය දූෂණය කර ඇති බවයි වාර්තා වුණේ.
මේ ගැන කිසිවෙකුට හෝ පැවසුවහොත් මරා දමන බවට තර්ජනය කර ඇති අතර ඒ නිසා දියණියද මේ ගැන කිසිවෙකුටත් පවසා නැහැ.
දිනක් මෙම පුද්ගලයා නිවසට බීමත්ව පැමිණ තරුණියට පහරදී ඇති අතර අදාල තරුණිය බියවී කෑගැසීම නිසා අසල්වාසීන් නිවසට පැමිණ තිබෙනවා.
පසුව ඇය විසින් සිද්ධිය ඔවුන්ට පවසා ඇති අතර පසුව ගම්මුන් විසින් ත්‍රීවීල් රියදුරාට ගසක බැඳ පහරදී තිබෙනවා.
අදාල පුද්ගලයා 38 හැවිරිදි දෙදරු පියෙකු බවයි ප්‍රදේශවාසියෙකු අපට පැවසුවේ.