"ජීවිතේ ගොඩාක් බලාපොරොත්තු නැතිවෙලා තිබුණේ. එත් අද ගොඩා සතුටුයි"" හිතුවේ නැහැ ජීවිතේ ලෙඩත් එක්ක විවාහ වෙන්න පුළුවන් කියලා"
වකුගඩු රෝගය නිසා ජීවත්වීමේ බලාපොරොත්තු අහිමිවුණු පෙම්වතුන් යුවළක් යළිත් ජීවිතයට නව හුස්මක් එකතුකරමින් විවාහවෙන්න සූදානම් වෙලා ඉන්නවා කියලා අපි ඔබට කිව්වානේ.
ඉතින් මේ පෙම්වතුන් දෙන්නා තමයි දෙහිඅත්තකණ්ඩිය දමනේවෙල පදිංචි නිමාලි නේරංජලා සහ මහනුවර අම්පිටියේ පදිංචි චාමර ඉඳුරුව.
මේ දෙන්නා හඳුනාගෙන තියෙන්නේ වකුගඩු සායනයකට ඇවිල්ලා.
ඉතින් මේ දෙදෙනාම වකුගඩු රෝගීන් වූ නිසා 2004 දී මහනුවර මහ රෝහලේ වකුගඩු ප්‍රතිකාර ඒකකයෙන් වෙනත් පුද්ගලයන් දෙදෙනෙකුගේ වකුගඩු දෙකක් බද්ධ කරලා තිබුණේ ජීවිතයට නව බලාපොරොත්තුවක් එකතු කරමින්.
වකුගඩු බද්ධ කරලා ජීවිතය යළි ගොඩනගා ගත්ත මේ දෙන්නා විවාහ වුණේ ඊයේ (19) දිනයේදී.
ඒ අවස්ථාවේදී මේ දෙන්නා කියලා තිබුණේ "අපි දෙදෙනාට ජීවත්වීමට වරම ලැබුණේ කවුරුන්ගේ වකුගඩුවෙන්දැයි මේ දෙපළ නොදන්නා අතර ඒ කවුරු වුවත් සෑම දිනකම සෑම අවස්ථාවකම ඔවුන්ට පින් දෙනවා" යනුවෙනි.
චාමරගේ පෙම්වතිය විවාහය කියනදේ සදාකාලික සිහිනයක් කියලා හිතලා විවාහ නොවෙන්න තීරණය කරලා තියෙන්නේ වකුගඩු රෝගය නිසා.
නමුත් පසුව මේ දෙන්නාගේ ආදරය සහ සාර්ථකව කරපු සැත්කම නිසා ඔවුන් පුංචි කුඩුවක අලුතෙන් ජීවිතය පටන්ගත්තා.