1997 වසරේ ලෝක රූ රැජිණ ලෙස තේරී පත්වු ලිනර් අබාගිල්, තමන් දුෂණයට ලක්වු ආකාරය පෙන්වීමට චිත්‍රපටයක් තනා තිබෙනවා.
වර්ෂ 1980 ඊශ්‍රායලයේදී උපත ලද ලිනර් අබාගිල් ඊශ්‍රායල රූ රැජිණ ලෙස තේරී පත්වී, පසුව ලෝක රූ රැජිණ තරගය ජය ගත්තාය 2008 ලෝක රූ රැජිණ වීමට සති 7 කට පෙර ඇය ඉතාලියේ ගුවන් ගමන් ඒජන්ත වරයෙකු විසින් පිහියක් පෙන්වා ඇය දුෂණය කර තිබේ. පසුව මෙම පුද්ගලයා නීතියේ රැහනට හසුවී ඇති බව විදෙස් වාර්තා කියයි.
තමන් අත්විඳි එම අමිහිරි සහ කටුක අත් දැකීමට තවත් කාන්තාවක් ලක් වීමට ඇති අවස්ථා ඇහිරීම සදහා තමන් සිය කථාව චිත්‍රපටයක් ලෙස ඉදිරිපත් කරන බව ඇය කියයි.
මීට අමතරව ඇය මේ වනවිට දුෂණය වීමෙන් පිඩාවට පත්වු කාන්තාවන් වෙනුවෙන් මැදිහත් වී ක්‍රියාකරයි. ඒ සදහාම වෙබ් අඩවියක් විවෘත කර ඇති ඇය ස්ත්‍රී දුෂණයට එරෙහිවීමේ ලෝක මතයක් ගොඩ නගමින් සිටින්නීය. එහි තවත් පියවරක් ලෙස මෙම සිනමා පටය තැනීම හැඳින්විය හැකි බව ඇය සදහන් කරයි.
"Brave Miss World"යනුවෙන් හදුන්වා ඇති මෙම චිත්‍රපටය වාණිජමය ප්‍රදර්ශණය කිරීම් සිදු නොකරන බවත්, ඒ වෙනුවට සරසවි සිසුන් අතර සහ පාසැල් දරු දැරියන් අතර ප්‍රදර්ශණය කරවන බවත් ලිනර් අබාගිල් කියා තිබේ.