ලබන මාර්තු මාසයේ හොංකොං හි ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න දිල්ෂාන් ගිවිසුම් අත්සන් කර තිබෙනවා.
ඒ අනුව, ඔහු කයිටාක් කණ්ඩායම සඳහා තරඟ වදිනු ඇති.
එමෙන්ම, මෙම තරඟාවලිය සඳහා පාකිස්ථාන කණ්ඩායමේ හිටපු ක්‍රීඩක සයීඞ් අෆ්රිඞී සහ හිටපු කොදෙව් නායක ඩැරන් සමී ද එක්වීමට නියමිතයි.