ගුත්තා දර මිටියක් රැගෙන එන ගමනේදී කල්පනා කරමින් සිටි කුඩා ගනිත්තා දකී.
අපේ කලුවේ නිසා වෙන්න ඇති මගේ හිතේ.
"කාලයක් මගේ ලොකුම පස මිතුරා.. කාලයක් මගේ මිතුරා.. දැන් එහෙනම් මගේ මස්සිනා වෙන්නයි යන්නේ.."
කාවන්තිස්ස රජු විහාරමහා දේවිය සමඟ ගැමුණු කුමරු ගැන සහ තිස්ස කුමරු ගැන කතා කරයි.
කලු මැණිකා නිවස ඉදිරියට වී කල්පනා කරමින් එහා මෙහා ඇවිද යයි.
එවිට පැංචා නිවසට පැමිණෙයි.
"මම බය වෙච්ච තරමක්.. බය වෙන්න කාරණාවක් නෑ. මමණ්ඩියත් මම ඇපවෙනවා කියලා ඕන් මම කුඩාගනිත්තාටත් කිව්වා."
අපිට කියලා කෙරෙව්ව දේවල්නම් නෙවෙයි ඕවා.. තිබහට වතුර නැතිකොට මඩ වතුරත් මිනිස්සු බොනවා හිද්දලයා.
කාගෙවත් හිත් කියවන්නනම් අපිට බුදු වෙන්නම වෙයි.
උවමනාවක් තියෙන එකාට හුස්මකුත් ඇතියි කියනවනේ."
අනේ හිද්දලයගේ බණ කියමින් කලු මැණිකා නිවස ඇතුලට යයි.
කුඩා ගනිත්තා පැල අස්පස්කරමින් සිටිද්දී වන්දා පැමිණෙයි.
"මම බැලුවේ මේ කුඩාගනිත්තා උන්නැහේ මේ ගේ දොර අස්කරන්නේ මගුල් තුලාවක්ද කියලා"
ඔව් එහෙම තමයි. මොනවා බොල.. කලුවේ.. මට හුලං.. තෝවයි මහරාළවයි කොටියම කාපිය"
වන්දා අදෝනා දෙමින් පිටව යයි.
ගුත්තා රාළ සමග කලුවේ ගැනත් කුඩා ගනිත්තා ගැනත් කතා කරයි.
රාළ සිය අතීතය ගුත්තා සමග හෙළිකරයි.
එළාර සාරදා ගැන සිය කුමරිය සමග කතා කරයි.
"කුමක්ද ඇගේ වෙනස.. ? ඇය වෙනදාටත් වඩා නිහඩයි.. බොහෝ විට කල්පනාවක"
කලු මැණිකා වැවට ගොස් වතුර රැගෙන එන මගදී ගුත්තාව හමුවෙයි.
" හිද්දලයා එකා උඹට ඕනේ ඉක්මනින්ම මාව කුඩා ගනිත්තා එක්ක යවාගන්නද..? හැම එකාගෙනම ගින්දර ගන්න ලෑස්ති උඹටත් මගේ ගින්දර නොතේරෙන එකනේ පුදුමේ."
එළාර සාරදා සමග කතාබහක නිරත වෙයි.
රාළ පුසල්පිටිය හිමි හමුවට ගොස් ගුත්තා ගෙනා යෝජනාව ගැන පවසයි.
"අනේ අපේ උන්වාන්සේ මේක අපේ පරම්පරාවෙන් ලැබුුණු ලොකුම වස්තුව."
දැන් කොහොමද මම මේ නීති සම්මත කඩාදාන්නේ.
සම්පූර්ණ කොටස සහිත වීඩියෝව පහතින් VIDEO
විසිතුන්වන කොටසින්
බොල රාළේ මේක පරම්පරාවේ නම්බු සම්මත කරපින්නාගෙන එන කාලයක් නෙවෙයි. මුලු ජාතියම ගැන හිතන්න ඕනේ කාලයක්. හිද්දලයා එකා අපිට ලැබුණේ ලොකු පිනකට. අද ඉන්න ලොකුම හයිය ගනිත්තා එකා."
බට්ටාරත්, එළාර රජුත් ගාමිණි අභය ගැන කතා කරයි.
" ගාමිණී අභය මගේ මාලිගයට රිංගා මගේ දියණියගේ සිතේ ස්මාරයක් තනා අවසන්."එළාර පවසයි.
කලුවේට ගුත්තා ආදරය ගැන කියාදෙයි.
" ආදරේ කියන්නේ පුදුමාකාර හැගීමක් කලුවේ"
විහාරමහාදේවිය තෙරණින් වහන්සේ හමුවට ගොස් ගාමිණී අභය ගැනත් තිස්ස කුමරු ගැනත් කතා කරයි.
ගුත්තා වෙල්යායට වී සිටිද්දී නන්දිමිත්ර පණිවුඩයක් රැගෙන පැමිණෙයි.
ඔබත් තිස්ස කුමරුත් රහසේ සේනා සංවිධානය කරනවා කියලා රජතුමා හිත කනස්සල්ලෙන්.
මාගේ පියාණන් වහන්සේ අනුගමනය කන්නේ ආක්රමණිකයා ඉදිරියේ පුරුදු බියගුලුකමමයි.
"එතකොට තිස්ස කුමරු"
අභය කුමරුට ළමා කාලය සිහිවෙයි.
නන්දිමිත්ර සියල්ල කාලයට ඉතිරි කරන්න. මාගේ පියාණන් වහන්සේ රාජ්‍යෙය් සිටින තාක්කල් ඔහුගේ රාජ්‍යය අල්ලා ගැනීමට ලෝබ කමක් මගේ සිතේ නැති බව පහදා දෙන්න."
තිස්ස භද්‍රවත් බිල්ල සමග සාකච්ඡාවක යෙදෙයි.
කුමරුනි.. මාගම රජමැදුර හා සම්බන්ධ සියල්ලන් මෙහි සේවයෙන් ඉවත් කර යළි මාගම කරා යැවියයුතුයි" බිල්ව තිස්ස කුමරුට පවසයි.
" මාමණ්ඩි අපි මරුවල්ලියේ ඉලංගන්කාරයෝ. අපේ හටන් සාස්තරේ පිට එකෙකුට දුන්නොත් අපි ඌව පිටමන් කරනවා"
මේක විසදාගන්න පාරක් ඇත්තම නැද්ද..?
තියෙනවා... උන්දෙන්නා එකතු වුණත් මම මැරිච්ච දවසට උන් දෙන්නට සටන් කරන්නම වෙනවා.
නැත්නම් උන්ට වඩා ඉහළින් යන්න මේ සාස්තරේ දෙන්නම වෙනවා.
ඒක කතා කරලා කුඩාගනිත්තට මාව මුණගැහෙන්න කියන්න හිද්දලයා එකා.
කාවන්තිස්ස විහාරමහාදේවිය සමග සිය දරුවන් ගැන කනස්සල්ලෙන් කතා කරමින් සිටී.
සුරනිමලව තෙරණින් වහන්සේ කැඳවා " තිස්සගේ හිතුවක්කාරකම් වලින් හිත් රිදවාගන්න එපා සුරනිමල."
කුඩා ගනිත්තා පුසල්පිටිය හිමි හමුවට ගොස් කතා බහ කරමින් සිටී.
භද්‍රවත් බිල්ව එළාර හමුවට ගොස් සියලු තොරතුරු වමාරයි.
" අගෙයි අගෙයි බිල්ව.. ඔබ ඉතාමත් උපක්‍රමශීලී නිලධාරියෙක්" එළාර පවසයි.
කාවන්තිස්ස රජු පිළිබඳව නැවතත් එළාරත් බට්ටාරත් කතා කරයි.
සම්පූර්ණ කොටස සහිත වීඩියෝව පහතින් VIDEO