සීතලට ගිනි තපිමින් සිටියදී සිරුරට ගිනි ඇවිලීමෙන් පස් හැවිරිදි දැරියක් මියයාමේ පුවතක් වාර්තා වී තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බදුල්ල - කන්දකැටිය 24 කණුව ප්‍රදේශයේ පදිංචි දැරියක් බවයි කන්දකැටිය පොලිසිය සදහන් කළේ.
ඊයේ (12) උදෑසන එම දැරිය නිවසේ ලිප ආසන්නයේ මෙලෙස ගිනි තපිමින් සිටි ඇති අතර, ඇගේ මව වැසිකිලියට ගොස් තිබෙනවා.
එහිදී මෙම දැරිය ලිපට භූමිතෙල් දමා ඇත්තේ ගිනි ඇවිලවීම සදහායි.
එම අවස්ථාවේදී දැරිය ඇද සිටි ඇදුමට මෙලෙස ගිනි ඇවිලී ඇති බව පොලිසිය සදහන් කළා.
එහිදී, බරපතල පිලිස්සුම් තුවාල ලැබූ ඇය කන්දකැටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මහියංගනය රෝහලට මාරු කෙරුණා.
තවදුරටත් බරපතල තත්ත්වයේ පසුවීම හේතුවෙන්, අනතුරුව ඇය ඇතුළත් කෙරුණේ පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙතයි.
එහිදී ඊයේ පස්වරුවේ මෙම දැරිය මියගිය බව පොලිසිය සදහන් කළා.