කුලියාපිටිය - දුම්මලසූරිය ප්‍රදේශයේදී ශාන්ති කර්මයකට පැමිණි කාන්තාවක් දියරයක් විෂ වී මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 38 හැවිරිදි හලාවත - බංගදෙණිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
සැමියාගෙන් වෙන්ව සිටින මෙම කාන්තාව දේවාලය වෙත පැමිණ ඇත්තේ අපල දුරු කිරීමට ශාන්ති කර්මයක් කර ගැනීමේ අරමුණින්.
එහිදී කට්ටඩියා විසින් මතුරමින් සිටින අතරතුර යම් දියරයක් ද පානය කිරිමට ලබාදී තිබෙනවා.