පසුගිය කාලවකවානුව තුළ මෙරට සිදුවූ බොහෝමයක් සොරකම් CCTV කැමරා කාචවල සටහන්වීමේ පුවත් රාශියක් වාර්තා වුණා.
එම පුවත් අතරට තවත් එක් පුවතක් අංගොඩ - මුල්ලේරියාව ප්‍රදේශයේ ස්වර්ණාභරණ වෙළදසැළකින් ආනාවරණය වුණා.
පසුගිය 10 වැනිදා දහවල් මෙම ස්වර්ණාභරණ වෙළදසැලට යුවලක් පැමිණ තිබෙනවා.
මොවුන් දෙදෙනා රත්තරං වළලු ජෝඩුවක් ගැනීමට පැමිණි ආකාරයට පෙනී සිටිමින්, හොර රහසේ වළලු ජෝඩුවක් සොරකම් කර තිබෙනවා.
නමුත් මෙම සොරකම එම මොහොතේදී ස්වර්ණාභරණ වෙළදසැලේ කිසිවකුත් නොදැක ඇති අතර, නමුත් CCTV කැමරා ඇසට නම් මෙය වසන් කිරීමට හැකි වූයේ නැහැ.
කෙසේ නමුත් අවසානයේදී මෙම සොර යුවළ අදාළ වළලු ජෝඩුව සොරකම් කර කිසිදු දෙයක් සිදු නොවූවාසේ අදාළ ස්වර්ණාභරණ වෙළදසැලෙන් පිටව යනවා.
මෙම සොරකම සටහන් වූ වීඩියෝව පහතින් බලන්න....