තරුණ පරපුර අතරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ.
සතිඅන්තේ සෙනසුරාදා සහ ඉරිදා දිනවල හිරු ටීවී ඔස්සේ විකාශය වෙන "ගැමුණු මහරජ" ටෙලිනාට්‍යයේ එළාර රජුගේ දියණියගේ චාරිතය නිරුපණය කරන්නේ ඇය.
ඉතින් ඒ එක්කම ඇය තවත් කලා කටයුතු රැසකටම අත ගහලා කියලා ආරංචිවුනා.
ඒ වගේම ඇය ගැන තියෙන අලුත්ම ආරංචිය තමයි ගොඩාක් දෙනෙක් ඇයගෙන් ආදරේ ඉල්ලලා තියෙනවා කියන එක.
ඉතින් මේ ගැනත් සඳහන් කරලා සතිඅන්ත පුවත්පතකට මෙලෙස අදහස් දක්වලා තිබුණා.
දිනක්‍ෂි මොකද මේ දිනවල ගෙදරවත් නැහැ කියන්නෙ ? මොනවද ඔච්චර වැඩ ?
ෂුටිං, විවිධ ඉවෙන්ට්ස්, පුහුණුවීම් ඒ වගේ දේ නිසා තමයි.
කාර්යබහුල වූ ඒ නිර්මාණ ගැන කිව්වොත් ?
ගැමුණු මහරජ, කවුරුන්ද නුඹ මගේ නාට්‍ය වල ෂූටින් නිසා කාර්යබහුලයි.
දැන් රැකියාවට යන්නේ නැද්ද ?
ඇඟළුම් නිෂ්පාදනය හා කළමනාකරණය ගැන තවදුරටත් හදාරනවා. රැකියාව ෆුල් ටයිම් කරන්නෙ නැහැ. මම වඩා ආසා මේ කලා කටයුතු වලටයි.
කවුරුන්දෝ නුඹ මගේ" නාට්‍ය ගැන මොකද හිතෙන්නෙ ?
හොඳ කතාවක්. නරඹන්නට ආසා හිතේවි.
කවුරුන්දෝ නුඹ මගේ" කියාලා කවුරුහරි ඔබගෙන් අහලා තියෙනවද ?
නැහැ.
මගේ වෙන්න කියලත් අහලා නැද්ද ?
අහපු අයත් ඉන්නවා. ඒත් හිතලා නැහැ මම ඒ ගැන.
මේ කාර්යබහුල වීම ගැන හිතන්නේ කොහොමද ?
2016 වසරේ මුල ඉඳලාම කාර්යබහුල වුණා. හැකි විදියට ඒ සෑම දෙයක්ම සාර්ථක කරගන්න දායක වුණා. ඒ නිසා ඒ ගැන සතුටුයි.
සම්මාන නිසා වැඩ වැඩි වෙන්නත් ඇති ?
ඒ නිසා වැඩ වැඩි වුණේ නැහැ. නමුත් ඉතා හොඳ නිර්මාණ කීපයකට අවස්ථාව ලැබුණා.
වැඩත් එක්ක කාර්යබහුල නිසා සල්ලිත් ගොඩක් ඇති ?
විශ්වාස කරන්න මම දායක වන වැඩ අතරින් වැඩිපුරම දායක වෙන්නෙ සහ වෙලා තියෙන්නෙ සමාජ සුබසාධනය වෙනුවෙන් වූ වැඩවලටයි. කලා ක්‍ෂේත්‍රයේදී සමහර හොඳ නිර්මාණවලට දායක වන්නේ සල්ලිම බලාගෙන නොවෙයි. තවමත් මම අම්මාගෙන් කීයක් හරි ඉල්ලගෙන යන්නෙ.
මොනවටද වැඩිපුරම වියදම් කරන්නෙ ?
මම වියදම් කරන්න ටිකක් ලෝභයි. හැබැයි හිතුණොත් කෙළවරක් නැතුව වියදම් කරනවා. ඒකට මුඩ් එකක් එන්න ඕනෑ. කෑමක් කන්න හිතුණොත් අත දිගහැරලා වියදම් කරනවා.
හොඳ තරුපහේ හෝටලයකට වෙන්න ඇති ?
නෑ අනේ. ඉස්සෝ වඩේවලට.
ඔයා හරි සතුටින් ඉන්න කෙනෙක් වගෙයි ?
ඔව්. එහෙම වෙන්න එපායැ. නිතරම සතුටින් ඉන්න කොට ජීවිතය සැහැල්ලුයි. සතුට අප ළඟට එන්නෙ නැහැ. ඕනෑම දෙයක් සතුටින් බාර ගන්න පුරුදු වෙන්න ඕනෑ.
රඟපෑමට ඇවිත් දැන් කොපමණ කාලයක් වෙනවද ?
අවුරුදු 7ක් විතර. ඒ වසර 7ට සම්මාන 7ක් ලැබුණා. ඉතින් හරි සතුටුයි.
අක්කා - නංගිලා අතර මොනවද අලුත් දේ ?
අපි තුන්දෙනා ඉතින් රණ්ඩු වෙන එක තමයි.
මොනවටද රණ්ඩු වෙන්නෙ ?
ඇඳුම්වලට, සපත්තුවලට ඒ හැර ඉතින් ඕපාදුප කිය කියා ගෙදරට වෙලා ඉන්නවා.
තුන්දෙනා එකතු වෙලා ප්‍රසංගයක් කරන්න ලැස්ති වුණා නේද ?
අදහසක් තිබුණා ඒක පස්සට ගියා. ඒ හැර තුන්දෙනා එකතුවෙලා නත්තලට රසට කෑම හැදුවා. ශේෂාද්‍රිට තමයි රසටම කෑම හදන්න පුළුවන්