තරුණ තරුණියන්ගේ රසික හදවත්වල ජනප්‍රියවුණු රංගන ශිල්පිනියක් තමයි ලෝචනා කියන්නේ.
ඉතින් විවාහයෙන් පස්සේ ලෝචනා දැන් මාස 04ක පුංචි පුතෙකුගේ මවක්.
ඒ පුංචි පුතාගේ වැඩත් එක්ක ඇය කලා කටයුතු කරන්නත් සූදානම් වෙලා. ඒ වගේම තමයි ඇය පදිංචිය වෙනස් කරන්න යනවා කියලා ආරංචියකුත් තිබුණා.
ඉතින් මේ කථාවල ඇත්ත නැත්ත සඳහන් කරලා ලෝචනා සතිඅන්ත පුවත්පතකට මෙලෙස අදහස් දක්වලා තිබුණා.
ඉතින් ලෝචනා ?
හොඳින් ඉන්නවා
නරක් වෙන්න බෑනේ දැන් ලසන්තත් ලංකාවට ආවනේ ?
ඉස්සර මාව ගෙන්න ගන්නමනේ හදන්නේ. දැන් ලසන්ත පුළුවන් හැම වෙලාවකම එනවා. මේ වෙනසට හේතුව පුතා වෙන්න ඇති. නැත්තන් එයාට පුතා නොදක ඉන්න බෑ ආවම පුතාග්ර් වැඩ ඔක්කොම කරන්නේ තාත්තමයි.
තත්තාතගේ අදහසක් තිබුණා නේද පුතයි අම්මයි ඉක්මනින්ම ගෙන්න ගන්න ?
ඔව් ඒ අදහස ටිකක් වෙනස්වුණා. මොකද එහේ දේශගුණය පුතාට ඔරොත්තු දෙයිද යන ගැටලුව ආවා. ඒ වගේම කිසිම අත්දැකීමක් නැතුව පුතාගේ වැඩ තනියම කරගන්නේ කොහොමද කියලා මට බය හිතුණා.
දැන් පුතාට මාස හතරක් තම බය ඇරිලා නැද්ද ?
ඇත්තම කිව්වොත් වඩා ගන්නත් මම තාම බයයි. එයාට රිදෙයිද කියලා හිතෙනවා. අසනීපයක් වුණොත් කලබලවෙන තරම දන්නේ මම විතරයි.
සැමියා ළඟ නැති අඩුවත් දැනෙනවා ඇති ?
සැමියා ළඟ නැති පාළුව දැනෙනවා. එත් මගේ දෙමව්පියෝ ඒ අඩුව දැනෙන්න චුට්ටක්වත් ඉඩ තියන්නේ නැහැ. හැමදේම වෙන්නේ එයාලගේ අතින්. මගේ දරුවා ගැන වෙහෙසෙනවා. ලසන්තට නම් මම නැති අඩුව දැනෙනවා. එකනේ දුවගෙන එන්නේ.
චූටි පුතාගේ නමත් කියමු.
නේදුල නවරත්න.
ලෝචනා බලාපොරොත්තුවුණේ පුතෙක්මනේ ?
මම විතරක් නෙමෙයි ගෙදර හැමෝම බලපොරොත්තුවුණේ පුතෙක්. මොකද අපේ පවුලේ ඉන්නෙම කෙල්ලොනේ.
ලසන්ත ආස වුණේ දුවෙක්ට ?
ඔව් දැන් පුතාට වැඩිය වෙන කෙනෙක් නැහැ. මං හිතන්නේ දැන් මතක නැතුව ඇති දුවෙක්ට ආස කළා කියලා.
නෙදර්ලන්තෙට යන්න අදහසක් ඇත්තෙම නැද්ද ?
යනවා යනවා ළඟදීම දවසක මගේ අම්මයි තාත්තයි එක්කම යනවා.
පදිංචියට ?
නැහැ ගිහින් එනවා. අම්මටයි තාත්තටයි පුතා නැතුව ඉන්න බැහැ. ඒ තරමට ආච්චියි සීයයි එයාට ආදරෙයි. මගේ අක්කා ඉන්නෙත් ඉතාලියේනේ. අම්මලාට අක්කා ලඟටත් ගිහින් එන්න පුළුවන්නේ.ඒ නිසා අපි හතට්රදෙනාම ගිහින් එන්න හිතාගෙන ඉන්නේ.
ඔක්කොටම කලින් ලස්සන වීමේ රහස කියමුකෝ බලන්න. ලෝචනා හිටියට වඩා පුතා ලැබුණට පස්සේ වෙනස්වෙලා ?
විශේෂ මොකුත් කළේ නැහැ. පුතා ලැබෙන්න ඉන්නකොටත් මම එච්චර මහත් වුණේ නැහැ. ඒ නිසා වෙන්නැති ඉක්මනට යථා තත්ත්වයට පත්වුණේ.
ලෝචනා දරුවා ලැබුනට පස්සේ ලොකු නිවාඩුවක් ගනී කියලා හිතුවට එහෙම වුණේ නැහැ. ඉක්මනින් වැඩ පටන් ගත්තා ?
පටන් ගත්තා නෙවෙයි.පටන්ගන්න සිද්ධවුණා. අවුරුදු දෙකකට විතර කලින් කරපු ටෙලිනාට්‍යයක් විකාශය වෙන්න ගත්තා. ඉතින් අකමැත්තෙන් වුණත් වැඩ පටන් ගත්තා,එයාලගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.
දරුවත් ෂූටින් අරන් යනවද ?
අපෝ නැහැ. එයාගේ නිදහස තියෙන්නේ ගෙදර. මම මගේ වැඩ කරලා ඉක්මනට ගෙදර එනවා. ඒ වගේ සහාය මට ලැබෙන නිසා තමයි මට බැහැ කියලා කියන්න බැරි.
ලසන්ත කැමතිවුනාද අයෙමත් රඟපානවට ?
ක්ෂේත්රය ගැන එයාට අවබෝධයක් තියෙන නිසා එයාට ගැටළුවක් නැහැ, අනිත් එක පුතාගේ වැඩ අතපසු වෙන්නේ නැහැ කියලත් දන්නවනේ.
තවත් නිර්මාණ වලට ආරාධනා ලැබෙනවලුනේ ද ?
ඔව් එත් එන තරමට වැඩ භාරගන්න බැහැනේ.දරුවාගේ වැඩ වලට මුල්තැන දීලා ළඟ පාත වැඩ කරනවා.
හුඟාක් අම්මලාට දරුවෝ නිසා තමන්ගේ ජීවිතය වෙනස්කරගන්න සිදුවෙනවා. ?
ඇත්ත මටත් ඒකවුනා. කන්න නිදා ගන්න වෙලාවක් නැහැ. හිතේ හැටියට ගමනක් යන්න වෙන්නේ නැහැ. එයාට ප්‍රමුඛතාවය දීලා තමයි වැඩ කරන්නේ.
නිදහස නැතිවෙලා ජීවිතේ බෝරින් කියලා හිතෙනවද ?
අනේ නැහැ. දැන් ඒ රටාවටත් පුරුදුවෙලා.
ලසන්ත චිත්‍රපට නිෂ්පාදකයෙක් නේ. ඉතින් අලුත් වැඩකට අත ගැහුව්වේ නැද්ද ?
අපෝ නැහැ. වෙච්ච දේවල් එක්ක එයා ගොඩාක් කළ කිරිලා ඉන්නේ. සල්ලි නැතිවුණ නිසයි,හිතේ අමාරුව හදාගත්ත එකයි විතරයි. ලසන්ත චිත්‍රපට කළේ ලාභ ලබන්න නෙවෙයි. ඒත් ඉතින් හිතේ සතුටක් තියෙන්නේ ඕනනේ. අන්තිමට ඒකත් නැහැනේ. ආයේ නම් මිනිස්සු විශ්වාස කරලා නොදන්නා දේවල් නොකර ඉඳී.
තාත්තයි අම්මයි පුතාව නළුවෙක් කරයිද ?
එහෙම හිතලා නැහැ. මම වුණත් නිළියක් වෙන්න හිතුවේ නැහැ. ඒත් ඉතින් අන්තිමට නතරවුණේ එතන. පුතාටත් කැමති දෙයක් කරන්න නිදහස තියෙනවා. අපි වෙන්න ඕනෑ ආදරය, ආරක්ෂාව, සැප පහසුව අඩුවක් නැතුව එයාට දෙනවා.