රෝයල් පාර්ක් සුපිරි නිවාස සංකීර්ණය අගනුවර තිබෙන ඉහළම පෙළේ නිවාස සංකීර්ණය කිවහොත් නිවැරැදියි.
සාමාන්‍ය ආදායම ලබන පිරිස නොව දෙස් විදෙස් කෝටි ගණනින් ධනය උපයන පිරිස් එම නිවාස සංකීර්ණයේ නිවෙස්වල හිමිකරුවෝ වනවා.
එම නිවාස සංකීර්ණයේ මීට වසර නවයකට පෙර එනම් 2005 වර්ෂයේ දී ඉතිහාසගත වන අපරාධ සිද්ධියක් වාර්තා වුණා. රෝයල් පාර්ක් රූමතියගේ ඝාතනය නමින් එම සිද්ධිය රටපුරා මහත් ආන්දෝලනයකට ලක්ව තිබුණා.
ඒ යුවෝන් ජෙහැන්සන් නමැති රූමත් තරුණිය රාජගිරියේ රෝයල්පාර්කිහි දී සිය පෙම්වතා එනම් ශ්‍රාමන්ත ජූඩ් ඇන්තනී ජයමහ විසින් ඝාතනය කිරීමයි.
සිය පෙම්වතිය වූ යුවෝන් ජෙහැන්සන් රාජගිරියේ රෝයල්පාර්කිහි දී මරා දැමූ ශ්‍රාමන්ත ජූඩ් ඇන්තනී ජයමහ ජනපති විසින් නියම කැරෙන දිනයක දී එල්ලුම් ගස් යවනු ඇතැයි මහාධිකරණ විනිසුරු පද්මිණී එන් රණවක මහත්මිය ඊයේ (10) ඔහුට දැනුම් දුන්නා.
අභියාචනාධිකරණයෙන් නියම කළ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය ද අනුමත වුණා.
ඒ අනුව අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ඔහු ඉදිරිපත් කළ පෙත්සම ඉවත දැමුනා.
කොළඹ මහාධිකරණය ඔහු වරදකරු කරමින් වසර 12ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් පනවනු ලැබුවා. නීතිපති ඊට එරෙහිව ඉදිරිපත් කළ ඇපෑලේ දී අභියාචනාධිකරණය තීන්දු කළේ ඔහු වරදකරු කිරීමට ප්‍රමාණවත් සාක්කි ඇති හෙයින් ඔහුට මරණ දඬුවම නියම කරන බවයි.