උත්පලා කොහොමද ඉතිං?මේ දවස්වල හොදින් කාලය ගතවෙනවා.
මොකද කරන්නෙ මේ දවස්වල?සංජය නිර්මාල් මහත්තයගේ චිත්‍රපටයකට දායකවෙලා ඉන්නවා. ඊට අමතරව ටෙලිනාට්‍ය දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා.
ඉස්සර වගේ දැන් වැඩිය පෙන්න නැහැ නේද?දැන් මම ටිකක් තෝරා බේරාගෙන තමයි වැඩ කරන්නෙ.මොකද දැන් මට යමක් කරන්න පුළුවන් කියලා හිතනවා.
ඇයි ඒ,ක්ෂේත්‍රය ගැන කළකිරිලද ඉන්නෙ?එහෙම නැහැ.මම කැමතියි හොද නිර්මාණවලට විතරක් දායක වෙන්න. ඒක නිසා මට සාධාරණයක් කරන්න පුළුවන් නිර්මාණවලට විතරයි මම දායක වෙන්නෙ.
ඒක නිසා මිනිස්සුන්ට ඔයාව අමතක වෙලා යයිද දන්නෑ?
මම හිතනවා මාව මිනිස්සුන්ට අමතක වෙන එකක් නැහැ කියලා. මොකද මේ ක්ෂේත්‍රයේ අවුරුදු 5 ක් විතර වැඩ කරලා උත්පලා කියන නම හදාගෙන ඉවරයි. දැන් මට ඕනෑ හොද චරිතකයකින් මගේ ප්‍රේක්ෂකයන් අතරට යන්නයි.
දැන් ක්ෂේත්‍රයේ අලුත් මුහුණු සෑහෙන්න තියෙනවා.ඒක හින්දා උත්පලාව අමතක වෙයිද?
මම කොහොමත් හෙමින් ගමනක් ගිය කෙනෙක්. මම ගොඩක් ප්‍රසිද්ධ වුණෙත් නැහැ,නැත්තට නැති වුණෙත් නැහැ.උත්පලා මිනිස්සු අතර ඉන්න හින්දා කොච්චර අලුත් මුහුණු ආවත් මාව අමතක වෙන එකක් නැහැ.
ඔය කියන විදිහෙ හොද නිර්මාණ දැන් තියෙනවද?
මේ දවස්වල හොද නිර්මාණ ඉස්සරට වඩා බිහිවෙනවා කියලා මම විශ්වාස කරනවා.
සිනමාවට සම්බන්ධ වුණා කියලත් ආරංචියි.?
සංජය නිර්මාල් මහත්තයගෙ අලුත්ම සිනමා නිර්මාණය සදහා මට ආරාධනා ලැබුණා.මේ දවස්වල එහි රූගත කිරීම් සිදුවෙනවා.
මේ තීරණය හොදට හිතලා බලලද ගත්තෙ?
ඇත්තෙන්ම ඔව්.සංජය නිර්මාල් මහත්මයා සමග මම ගොඩක් වැඩ කරලා තියෙනවා.ඔහුත් එක්ක වැඩ කරන්න ලැබීම ඇත්තටම සතුටක්. ඒක හින්දා මම හිතනවා මේ නිර්මාණයෙන් මට කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන එකක් නැහැ කියලා.
හොරෙන්ම පෙම් කරනවා කියන්නෙ ඇත්තද?
ඔව්.මට දැන් පෙම්වතෙක් ඉන්නවා.ඉක්මනට විවාහ වෙන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.ඔහු ව්‍යාපාරිකයෙක්.
විවාහයෙන් පසු රංගනයෙන් ඉවත් වෙනවද?
ඒක මම මුල ඉදන් තීරණය කරපු දෙයක්. විවාහයෙන් පසු මම රංගනයෙන් ඉවත් වෙන්න තමයි හිතාගෙන ඉන්නෙ. හැබැයි පෙම්වතාගෙන් නම් කිසිම බලපෑමක් නැහැ. මොනවා වුණත් පවුල් ජීවිතයට මුල්තැන දිය යුතුයි කියලයි මම නම් හිතන්නෙ.
මේ ගොඩනගාගත් දේවල් අතරමග නවතා දමන එක අපරාධයක් නෙමෙයිද?
මම ඒ ගැන එහෙම හිතන්නෙ නැහැ.කාන්තාවකගේ ලොකුම අරමුණ හොද පවුල් ජීවිතයක් ගතකිරීම.ඒ වෙනුවෙන් හොද කැපකිරීමක් කළොත් හොද පවුල් ජීවිතයක් ගතරන්න පුළුවන්.