මැලේසියාවේ උතුරු දිග ක්ලෙන්ටන් ප්‍රාන්තයේදී 15 හැවිරිදි දැරියක් පුද්ගලයින් 38 දෙනෙක් සමූහ ලෙස දූෂණය කර තිබෙනවා. ඔවුන් ඇය රවටා මත්ද්‍රව්‍ය තිප්පොළකට කැඳවාගෙන ගොස්, මෙම අපරාධය සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
මෙම සිදුවීමට සම්බන්ධ 38 දෙනාගෙන් සැකකරුවන් 13 දෙනෙකු මේ වන විටත් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.
මෙලෙස දූෂණයට ලක් වූ දැරියගේ 17 හැවිරිදි යෙහෙළියක්ද මීට පෙර සමූහ දූෂණයකට ලක්ව ඇතිබවට තොරතුරු අනාවරණයවී තිබෙනවා. මෙම අපරාධ දෙකටම මෙම පිරිස සම්බන්ධ දැයි තවමත් තහවුරු වී නොමැත.
(උපුටාගැනීම ඩේලිමේල්)