දරුවන් ලොකු මහත් කර හොඳ පුරවැසියෙකු කරන්නට මව්පියන් නොගන්නා උත්සාහයක් නැහැ.
ඉතින් අන්න ඒ වගේ දරුවන් එකොළොස් දෙනෙක් මේ ලෝකෙට දායාද කරලා ඒ අය උස් මහත් කරලා හදපු අම්මා කෙනෙකුගේ මිනියටවත් කරගහන්න දරුවෙක් නැතිවුණු පුවතක් පානදුර ප්‍රදේශයෙන් වාර්තාවුණා.
එම මව මියයන විට දරුවන් එකොළොස් දෙනාම ජීවතුන් අතර සිට තිබෙනවා.
නමුත් දේහය භුමාදානය කරන්නටවත් කෙනෙක් පැමිණ සිටියේ නැහැ. ඇය අවසන් හුස්ම හෙලනවිට ඇයට අවුරුදු 84ක් වුණා.
වැඩිහිටි නිවසක කල් ගෙවන්නට සිදුවූ ඇයට අවසන් හුස්ම හෙලන්නට වූයේ වැඩිහිටි නිවාස තුලයි.
මියැදුණු මව දරුවන් එක්ක නොයෙකුත් ආර්ථික දුෂ්කරතා මැද ජීවත්වෙලා තියෙන්නේ බලන්ගොඩ ප්‍රදේශයේ.
දරුවන් සමාජයේ හොඳ තැන්වල සිටිද්දී ඇයට උරුම වුණේ මහළු නිවාසයයි.
ඇය බරපතල ලෙස රෝගී වෙච්ච අවස්ථා වලදී කිහිපවතාවක්ම රෝහල් ගත කළද එක් දරුවෙක්වත් ඇය බලන්නට පැමිණිලා නැහැ.
වැඩහිටි නිවාසය තුළ ගතකළ කාලය තුළ එකම වතාවක් එකම දරුවෙක් විසින් ඇය බැලීමට පැමිණ තිබුණා.
නමුත් අවසන් මොහොතේදී වතුර පොදක්වත් දරුවෙකුගෙන් නොලබපු ඒ අසරණ මව වැඩිහිටි නිවසේ දායක දායිකාවන්ගේ ආධාර උපකාර මතයි අවසන් කටයුතු සිදු කෙරුණේ.
ඒ සියල්ලම අවසන් වුණාට පසු මියගිය මවගේ දරුවන් කිහිපදෙනෙකු ඇයගේ මරණ සහතිකය ගන්න පැමිණි බව සඳහන්.
සමිති සමාගම් වලින් මුදල් සහ වරප්‍රසාද ලබා ගැනීමට මරණ සහතිකය අවශ්‍ය නිසයි ඔවුන් පැමිණ තිබුණේ.